ට‍්‍රම්ප්ගෙන් කැනඩාවට 50%ක දැවැන්ත බද්දක්.. කැනඩාවෙනුත් ප‍්‍රතිචාර බද්දක්...


ඓතිහාසික මිත්‍ර රටවල් දෙකක් වන ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර පවතින වෙළඳ සබඳතා දැඩි අර්බුදයකට ලක් කරමින්, ඩොලර් බිලියන 20ක් වටිනා කැනේඩියානු නිෂ්පාදන සඳහා 50%ක දැවැන්ත ආනයන බදු පැනවීමට ඇමරිකානු රජය පියවර ගෙන තිබේ.

දෙරට අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා පැවති අවසන් මොහොතේ සාකච්ඡා ද අසාර්ථක වීමෙන් පසු සෙනසුරාදා අලුයම සිට මෙම බදු ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරන පරිදි, ඇමරිකාවේ මෙම ක්‍රියාවට වහාම ප්‍රතිචාර දක්වමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ප්‍රකාශ කළේ, තම රටේ ව්‍යාපාර සහ සේවකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇමරිකාවට එරෙහිව වහාම ප්‍රතිප්‍රහාරාත්මක බදු පනවන බවයි.

"ඇමරිකාව පනවන සෑම බදු ඩොලරයකටම සමාන බදු ප්‍රමාණයක් අපත් පනවනවා," යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම නව බදු පැනවීම හේතුවෙන් කැනඩාවෙන් ඇමරිකාවට අපනයනය කරන හොකී පිතිවල සිට වෛද්‍ය උපකරණ දක්වා වූ නිෂ්පාදන රැසක මිල ඉහළ යනු ඇත. මෙය කැනඩාව විසින් වාර්ෂිකව ඇමරිකාවට සිදු කරන අපනයනවලින් 5%කට පමණ සෘජුවම බලපායි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම බදු පැනවීම සාධාරණීකරණය කිරීම සඳහා 1930 වසරේ මහා ආර්ථික අවපාත සමයේ හඳුන්වා දුන් 'තීරුබදු පනතේ 338 වැනි වගන්තිය' උපයෝගී කරගෙන තිබේ.

මීට පෙර කිසිදා භාවිත කර නොමැති මෙම වගන්තිය මගින් ඇමරිකානු ව්‍යාපාරවලට අගතියක් කරන රටවලට එරෙහිව 50% දක්වා බදු පැනවීමට ජනාධිපතිවරයාට අභිමත බලය හිමිවේ.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා වොෂින්ටන් පාලනයට චෝදනා කරමින් කියා සිටියේ, ඇමරිකාව විසින් අවසන් මොහොතේ ඉදිරිපත් කළ කොන්දේසි අසාධාරණ සහ ආර්ථික වශයෙන් අහිතකර බවයි. මේ හේතුවෙන් තමන් සාකච්ඡා අත්හිටුවා සිය නියෝජිත පිරිස යළි ඔටාවා වෙත කැඳවූ බව ද ඔහු පැවසීය.

මෙම වෙළඳ ගැටුම හේතුවෙන් ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව අතර පවතින උතුරු ඇමරිකානු වෙළඳ ගිවිසුමේ (USMCA) අනාගතය ද දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව ඇත.

දෙරටේම ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ ගොස් පාරිභෝගිකයන් දැඩි පීඩනයකට පත්වනු ඇති බවයි. කැනේඩියානු වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිනී කැන්ඩස් ලේන්ග් මෙම බදු පැනවීම හඳුන්වා දුන්නේ "උතුරු ඇමරිකානු තරඟකාරීත්වයට එල්ල වූ මරු පහරක්" ලෙසිනි.





US Imposes 50% Tariff on Canadian Goods, Straining Trade Relations

In a dramatic escalation of trade tensions, the United States government has announced a 50% tariff on Canadian products worth $20 billion, significantly straining diplomatic relations between the two historically allied nations. This decision comes after failed discussions aimed at alleviating ongoing discord between the two countries.

President Donald Trump confirmed his decision to implement the tariff starting early Saturday, following unsuccessful negotiations to address the increasingly fraught situation.

In immediate response, Canadian Prime Minister Mark Carney condemned the move, stating it was a retaliatory measure designed to protect Canadian businesses and workers against the US. He emphasized, "For every dollar in tariffs imposed by the US, we will levy an equal amount in tariffs."

The new tariffs are expected to increase prices on a wide range of products imported from Canada, including hockey sticks and medical equipment, directly impacting around 5% of Canada's annual exports to the United States.

To justify this unprecedented tariff action, Trump has referenced a provision from the Smoot-Hawley Tariff Act of 1930, which had not been used in decades. This provision grants the President authority to impose tariffs of up to 50% on goods from countries considered to be unfairly benefiting from trade.

Prime Minister Carney criticized the last-minute conditions proposed by the US as inequitable and economically damaging, leading him to suspend discussions and recall his negotiating team to Ottawa.

This trade conflict raises significant uncertainties regarding the future of the United States-Mexico-Canada Agreement (USMCA), which governs trade relations among the three North American countries.

Economic experts from both nations warn that this situation could result in increased prices for goods, putting consumer budgets under severe pressure. Candice Lang, CEO of the Canadian Chamber of Commerce, described the tariffs as a "death blow to North American competitiveness."



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post