රජයේ වාහන වෙන්දේසියකින් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ සමීප ඥාතියෙකු කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය (SCIB) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අමාත්‍යවරයාගේ බිරිඳගේ නැගණියගේ ස්වාමිපුරුෂයා වන වයි. සුසන්ත සුදර්ශන නැමැති අයෙකි.
මස්පොත, පැල්ලන්දෙනිය ප්‍රදේශයේ පදිංචි මොහු විසින් කෑගල්ල, හමුදුගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් මෙම මුදල ලබාගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
අදාළ ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට කෑගල්ල පොලිස් ස්ථානයේ රඳවා තබා ඇත.
සැකකරු හෙට (12) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
Associate of Minister Lal Kantha Arrested for Alleged Fraud
A close associate of Minister Lal Kantha has been arrested by the Kegalle Special Crimes Investigation Bureau (SCIB) on charges of defrauding a businessman out of ten million rupees, claiming to secure government vehicles through a fraudulent scheme.
The suspect, identified as Y. Susanta Sudarshana, is reportedly connected to the Minister's wife through her sister. He resides in the Maspotha and Pallegama areas.
It has come to light that Sudarshana allegedly obtained the substantial sum from a businessman living in the Kegalle, Hamudugala region. The police received a complaint regarding this matter.
Following an investigation prompted by the businessman's complaint, authorities were able to apprehend the suspect, who is currently being held at the Kegalle police station.
Sudarshana is expected to be presented in court tomorrow, December 12.
The SCIB continues to conduct further investigations into the incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හොරු එක මිටට. ඔය වගේද කන්ටේනර් 323 ඩොලර් බිලියන 2.5 හොරකම් මහ එකාගෙ.
ReplyDeleteඋඹලෑ වලව් හාමුල හිටියනං උන්ගෙ එකෙක් මේ වගේ කුදලං යනවද ලොටයො ? බිලියන නෙමෙයි පම්කෝ මිලියන.. බිලියන ගනන් ගැහුවෙ බොලෑ මයින වලව් හාමුලා ..🤣🤣🤣
Deleteතෝ දැක්කද පකෝ හොරකන් කරනවා
Deleteලපය උගනදාව උගන්ඩාව කොහෙද තියෙන්නේ කියල තාම හොයනවා
ඔය වගේ වැඩ ගොඩයි.
ReplyDeleteAtthata? Kiyawa kiyawa inne nathuwa gihin nadu dapan...Ubala boru ma ne kiyanne...Ethakota bala ganna puluwan atthada boruda kiyala
DeleteKatath nithiya ekayi
ReplyDeleteඅත්අඩංගුවට ගත්ත නිලධාරීන් පරිස්සම් වෙන්න. Sooriyakanda ganja සිද්ධිය මතකයි නේද?
ReplyDeleteසුරියකන්ද සිද්ධියට කවුරුත් බලපෑම් කරලා නෑ. ඒක විනිවිද භාවයෙන් යුතුව විසදුනා. නැත්නම් අරුන් නටන හැටි බලන්න තිබුණා. මේකෙත් ඇමතිගේ ගෑනිගේ එකා වුනත් පොලිසිය කුදලාගෙන ඇවිත්.
Deleteමයිනගේ කාලේ නම් , උන්ගේ ගෙදර බලලෙකුගේ මයිලකට වත් අත තියන්න පුලුවන්ද ගොනෝ