විනිසුරු වයස ගැන මහනායක හිමිවරු ජනපතිට යැවූ ලිපිය නිකායක හිමි නමක් මැදිහත් වී සගවලා..


විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියට සිදුවූයේ කුමක්දැයි පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කර සිටියි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ, කිසියම් නිකායකට අයත් භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීම මත මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම වළක්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

අදාළ භික්ෂූන් වහන්සේ සිය පෞද්ගලික ලාභාපේක්ෂාවන් වෙනුවෙන් මෙලෙස කටයුතු කර ඇති බවට ද උන්වහන්සේ වැඩිදුරටත් චෝදනා කළහ.

"මේ ලිපිය කුණු කූඩයට දැම්මාද?" යනුවෙන් ප්‍රශ්න කළ දයාරතන හිමියන්, සාමාන්‍යයෙන් මහනායක හිමිවරුන් මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ ඉතා වගකීමෙන් යුතුව බවත්, ජනාධිපති පාර්ශවයෙන් එම ලිපිය ලැබී නැති බව පැවසීම බරපතළ ගැටලුවක් බවත් පෙන්වා දුන්හ.





Controversy Arises Over Delay in Submission of Monk Leaders' Retirement Age Proposal

Concerns have emerged regarding the proposed extension of the retirement age for Buddhist monks, following allegations that the submission to the President was hindered by interference from certain personnel. Venerable Akmeemana Dayaratana highlighted this issue during a press conference held in Colombo.

He disclosed that there are indications suggesting that the proposal, which was intended to be forwarded to the President, has been obstructed due to the involvement of a Buddhist monk affiliated with a specific sect. This monk's actions appear to be motivated by personal interests, raising questions about the integrity of the proposal process.

Dayaratana further criticized the situation, questioning whether the document had indeed been discarded, as he noted that senior monks typically issue such statements with considerable responsibility. He emphasized the gravity of the situation, remarking that it is deeply troubling for the presidential office to have not acknowledged receipt of the correspondence.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. ජනාධිපති පාර්ශව?

    ReplyDelete
    Replies
    1. දීපු චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි! මෙහෙම වටිනා චන්දයක් කවදාවත් දීලා නැහැ!

      Delete
    2. කාදිනල් පරගැතියාAugust 11, 2026 at 2:16 PM

      මේ සක්කිලි හදන්නේ දැන් මහනායකවරු කොටවන්න .

      Delete
  2. කෑ ගහන්න ඔන නෑ. ඉතින් ඒ ලිපියේ පිටපතක් ආයෙත් ජනාධිපතිට දෙන්න. ඒක මාධ්‍යවලටත් නිකුත් කරන්න. එතකොට ප්‍රශ්නෙ ඉවරයි.

    ReplyDelete
  3. ලියුමක් නැති වෙලා නම් ඔච්චර අඬන්න දෙයක් නෑ නේ

    ලියුමේ තව පිටපතක් අර ගෙන අස්සන් කරලා යවන්න

    මෙතන වෙලා තියෙන්නේ ලියුම නැති වීම නෙමෙයි

    මලික් සමරවික්‍රම මැදිහත් වී ලියුම ජනාධිපති වෙතට ලැබීම වැලැක්වීමයි

    ReplyDelete
  4. Meka puduma vadakne. Mey prashne Maha Molakaru hoyanna Cardinalgen upades ganna vei.

    ReplyDelete
  5. ඒකටත් ස්වාමින්වහන්සේ කෙනෙක් අල්ලනවා. ඕකා කාදිනල් ගෙ ඒව විතරයි කියවන්නෙ.කුනු කූඩෙට දාන්න ඇති එකෙන්ම

    ReplyDelete
  6. Cardinal's letters get attention & solutions ............ ha ha

    ReplyDelete
  7. හාමුදුරුවෝ වලියක්

    ReplyDelete
    Replies
    1. කාදිනල් පරගැතියාAugust 11, 2026 at 2:16 PM

      මේ සක්කිලි හදන්නේ දැන් මහනායකවරු කොටවන්න .

      Delete
  8. ත්‍රස්ථවාදී ජවිපාවුන් කොහොමත් හාමුදුරුවරුන්ට විරුද්ධයි, කාඩිනල්ට බයයි.

    ReplyDelete
  9. ඕමල්පේ සොබිත කියන ලෝගු නිකායේ මහනායක තක්කඩි අවජතකයද ලියුම හන්ගුවේ ? නැත්නම් මලික් සමරවික්‍රම කියන යක්ෂයව අදහන ෆ්‍රී මේසන් 666 අවජාතකයද ලියුම හන්ගුවේ

    ReplyDelete
  10. ආරියතිලක

    විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කියන ලිපිය පිළිබඳව, ජනමාධ්‍යය දැනුවත් නො කිරීම එම ලිපිය ජනමාධ්‍යට යොමු නො කිරීමේ විපාකය පැමිණ ඇත. අපට කීමට අයිතියක් නැහැ මහා නායකහිමිවරුන්ට එසේ කළ යුතුය කියා. නමුත් එසේ කළා නම් මෙවැනි වචන ආණ්ඩුවේ පාර්ශවයෙන් එල්ල වෙන්නේ නැහැ. තුවක්කුව වනල වෙඩි තැබුවා ම ඔහොම තමයි. ඉලල්කය වරදී. කාගෙ ද අඩුව? ජාතික ප්‍රශ්නයක් විසදන හැටි!

    ReplyDelete
  11. ජාති ද්‍රෝහීන් වැහි වැහැලා.

    ReplyDelete
Previous Post Next Post