එන්නත නැතිව පිළිකා රෝගීන්ට කිමෝ තෙරපි නවතී..


මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල මේ වන විට ෆිල්ගැස්ටින් එන්නත නොමැති වීම හේතුවෙන් කි​මෝ තෙරපි ප්‍රතිකාර නතර කිරීමට සිදුව ඇතැයි පිළිකා රෝග පිළිබඳ වි​ශේෂඥ වෛද්‍යවරු පවසති.

මෙරටට ගෙන්වා තිබූ ෆිල්ගැස්ට්‍රින් එන්නත් එක් ලක්ෂ හැටදහසක අඩංගු බහාලුමේ ලේබල් අලවා තිබුණත් සිරින්ජර්වල ලේබලය නොතිබීම නිසා ඒවා රෝහල් වෙත නිකුත් නොකිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇත.

මේ හේතුව මත පුද්ගලික අංශය සතුවද අදාළ එන්නත් අවසන් වී ඇත. මෙම පිළිකා එන්නත සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කළේය.

එන්නත් මෙරටට ලබාදීමට සුදුසුකම් ලැබූ අදාළ සමාගම අලුතින් එම එන්නත් මිලදී ගෙන මෙරටට ගෙන ඒම සඳහා සති තුනක කාලයක් ගත වන බවට සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒනනත් හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා සමග පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර සිකුරාදා (28 වැනිදා) විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ලබන සතිය ඇතුළත ගුවන් මගින් එන්නත් මාත්‍රා 15000ක් මෙරටට ගෙන ඒමට නියමිතව ඇති බවයි.

- ශිරාන් රණසිංහ





Shortage of Filgrastim Leads to Treatment Halts for Cancer Patients

Hospitals treating cancer patients, including the Maharagama Cancer Hospital, are facing significant disruptions in care due to a shortage of the Filgrastim vaccine. Expertise from oncologists indicates that therapeutic treatments have been put on hold as a direct result of this deficiency.

Although a shipment of 167,000 doses of Filgrastim arrived in the country, the absence of labels on the syringes has prevented the Medical Supplies Division from distributing them to hospitals. This mislabeling issue has resulted in a considerable setback for healthcare providers reliant on this vital medication.

The private sector, which also stocks this essential vaccine, has reported that its supply has run dry. Health Minister Dr. Nalinda Jayatissa brought this pressing matter to light in Parliament on the 20th of October.

It has been formally communicated to the Ministry of Health that the company responsible for supplying the vaccine requires three weeks to procure and import a fresh batch of Filgrastim.

In response to the shortage, the Health Minister held a crucial discussion on the 28th with representatives from the Association of Oncologists. It was revealed during this meeting that an additional 15,000 doses are expected to arrive via air freight within the coming week.

- Shiran Ranasinghe



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. ඒකනේ ඉස්පිරිතාල ළඟ මල්ශාලා හදන්නේ කියලා කියපු එවුනුත් හිටියා. ඉන්ජෙක්සැන් වෙනුවට වතුර විදපු

    ReplyDelete
    Replies
    1. උන් හිරේනෙ බන්. මේවට වගකියන්න ඕන උන් තාම රට කරනව. උබල වගේ රට හරක් උන්ගෙ ගූ හෝදනව.

      Delete
    2. ඈ බොල පරයො, ඒක නිසාද උඹලා බෙහෙත් ගෙන්නන්නෙ නැතුව ලෙඩ්ඩුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ අමන පාහරයො? ඌ වතුර විදපු නිසා උඹලා බෙහෙත් නොගෙන ඉන්නවා. තොපිට වැහි නැති හෙන ගහන්න එපැයි.

      Delete
    3. හරි බෙහෙත ලබන සතිය ගේනවා එතකන් ඉන්න බැරි අයට මල්ශාලාව තියෙනවා

      Delete
  2. ජෙප්පො රාජිත සෞකය ඇමති කාලෙ ඇති වෙනකන් බැන්න. හැබැයි ඒ කාලෙ බේත් මෙච්චර ගනන් නෑ. එන්ගලන්ත ෆාමකෝබියා එක තිබුන හින්ද බේත් කොලිටි. දැන් ඉන්දියන් එක ගෙනත්, බේත් ඇත්තෙත් නෑ, තියන ඒව කොලිටිත් නෑ. මහ ජන්ජාලයක්. අර නලින්ද ජයතිස්ස කියන එකා අඩු ලකුනුවලින් කැම්පස් ඇවිත් යූනියන් ලිඩ් කර කර බැජ් මිස්වෙවී ඉදල අවුරුදු ගානක් ගියාම කැම්පස් වලින් ඩිග්‍රිරි දීල එලියට දාපු එකෙක්. ඒකයි ඒකට දොස්තර කම බැරි. කොටින්ම අමු කාලකන්නියෙක්. ඌට පුදුම ඇරියස් එකක් තියනව කොන්සො, ඩොකාලත් එක්ක. ඒ වාඩුව ගන්න එක ව්තරයි ඕන ඌට.

    ReplyDelete
    Replies
    1. කොහෙද බං ඉන්දියන් බෙහෙත් තියෙන්නේ ඔක්කොම පකිස්ථානයෙන් එන බෙහෙත් තියෙන්නේ රාජිතය ගෙනාවෙත් ඒවා තමයි. මම ඉන්න මේ ඔස්ට්‍රේලියාවෙත් සමහර බෙහෙත් පකිස්ථානයෙන් ගේනවා.

      Delete
    2. සමහරක් ඔස්ට්‍රේලියාවෙත්

      Delete
  3. පිළිකා රෝගීන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. අසරණ වෙන්න පුලුවන් එකේ උපරිමෙන් අසරණ වෙලා ඉන්නේ ඒ මිනිස්සු. ඉක්මනට දෙන විසඳුමක් දීපල්ලා.

    ReplyDelete
  4. සෞඛ්‍ය ක්ශේත්‍රයත් විනාශ කරා එහෙනන්. එච්චරයි ලංකාවේ හරියට තිබුනේ පොඩ්ඩක් හරි.

    ReplyDelete
  5. Hitan EKALE paththaren hari danagththa


    me sattabi ehemawath naha

    ReplyDelete
Previous Post Next Post