ශ‍්‍රී ලංකාවේ වෙසෙන විශාලතම දළ ඇතා ලෙස සැලකෙන 'මහසෙන්' ඇතා ඇතුළු දළ ඇතුන් රැසක් මේ වන විට අතුරුදන්ව ඇති බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මහසෙන් ඇතා මෙන්ම විශාල කුම්භස්ථලයක් සහිත 'සැන්ඩෝ' නමැති ඇතා ද මේ වන විට අතුරුදන්ව ඇති බවයි.
මෙම සතුන් සිටින ස්ථානයක් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අලි ඇතුන් සුරක්ෂිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අලි මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව රන්වැල්ල මහතා පෙන්වා දුන්නේය.
වර්තමානය වන විට වාර්ෂිකව අලි මරණ 450ක් පමණ වාර්තා වන අතර, වාර්තා නොවන මරණ සංඛ්‍යාව 150ක් පමණ වන බව ඔහු සඳහන් කළේය. 1990 වසරේදී වාර්ෂිකව වාර්තා වූයේ අලි මරණ 22ක් පමණක් බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.
අලියා යනු පරිසර පද්ධතියේ සමතුලිතතාව රකින ප්‍රධානතම ජීවියා බවත්, උන් වඳ වී යාමෙන් සමස්ත පරිසරයටම බරපතළ හානි සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.
එසේම, එක් අලියෙකු සිය ජීවිත කාලය තුළ මෙරටට අවම වශයෙන් ඩොලර් මිලියන දෙකක ආදායමක් ගෙන එන බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර නොගතහොත්, අනාගත පරපුරට අලි ඇතුන් දැකගත හැකි වන්නේ කෞතුකාගාරවල තැන්පත් කර ඇති අනුරූ ලෙස පමණක් බව නයනක රන්වැල්ල මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
Concerning Decline of Elephants in Sri Lanka Raises Alarms
Concerns have been raised over the mysterious disappearance of several elephants, including the renowned 'Mahasen', noted as Sri Lanka's largest elephant. Nayanak Ranwella, the Secretary of the Wildlife Conservation Society, disclosed this alarming situation during a recent press conference.
Ranwella highlighted that not only has Mahasen gone missing, but another significant elephant named 'Sando', who possesses a massive tusk, is also unaccounted for. He emphasized the growing anxiety surrounding these animals, as no information has yet emerged regarding their possible whereabouts.
The rising number of elephant deaths is attributed to an absence of systematic conservation efforts. According to Ranwella, the fatalities are increasing daily, with approximately 450 elephant deaths reported annually and an estimated 150 unrecorded. He noted that, in stark contrast, only about 22 elephant deaths were reported each year back in 1990.
Ranwella pointed out that elephants play a critical role in maintaining ecological balance, and their decline would result in severe repercussions for the entire ecosystem. Furthermore, he revealed that a single elephant could generate an income of at least two million dollars for the country over its lifetime.
If immediate actions are not taken to address this troubling situation, Ranwella warned that future generations may only be able to witness elephants in museums, as their existence in the wild could rapidly diminish.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
