පල්ලන්සේන රැදවියන් ගල්මුල් ගසති... නිලධාරින් කදුලු ගෑස් ගහයි..


 මීගමුව, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

උද්ගතව ඇති කලහකාරී වාතාවරණය මැඩපැවැත්වීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද එම ස්ථානයට කැඳවා ඇති බව වාර්තා වේ.

රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ වෙත දිගින් දිගටම ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට මෙලෙස කඳුළු ගෑස් භාවිත කිරීමට සිදු ව ඇත.

රැඳවියන් බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් සිටින අතර, එම අවස්ථාවේදී බන්ධනාගාරයෙන් පිටත ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද රැස්ව සිටියි.

මේ අතර, දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බදුල්ල බන්ධනාගාරයේ ආරක්ෂාව ද උපරිම අයුරින් තර කිරීමට පියවර ගෙන ඇත.

මෑතකදී ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා වූ මහර බන්ධනාගාරයේ සිට මාරු කර එවන ලද රැඳවියන් දස දෙනෙකු ද මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බව අනාවරණය වී තිබේ.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෘජු අධීක්ෂණය යටතේ එහි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.





Police Deploy Tear Gas Amid Disturbances at Negombo Prison

Violence erupted at the Negombo Prison, prompting police to resort to tear gas to regain control of the situation. Tensions escalated rapidly within the facility, necessitating intervention from specialized police units, including the Riot Control Unit and the Sri Lanka Air Force, which were called to the scene.

The unrest was exacerbated by inmates launching continuous rock attacks against prison officials and security personnel, forcing authorities to deploy tear gas to restore order.

As inmates engaged in disruptive behavior inside the prison, a large crowd of residents gathered outside, witnessing the chaotic scene unfold.

In light of similar disturbances reported in several prisons across the island, security measures have been significantly heightened at the Badulla Prison as a precautionary measure.

Furthermore, it has been disclosed that ten inmates, recently transferred from the Mahara Prison amid previous altercations, are currently being held at Negombo Prison.

Under the direct supervision of the police and specialized task forces, a robust security protocol is now in place to address the situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. උන්ට දැන් කුඩු නැති නිසා පිස්සු හැදිලා තියෙන්නේ පිස්සු බල්ලන්ට වෙඩි තිබ්බා නම් වැඩේ නැවැත්වීමට හැක.බන්ධනාගාර STF යටතට පත් කරනු

    ReplyDelete
    Replies
    1. මුන්ට හොඳවැඩේ පුක උඩදාගන ගිහින්ල මාලුමාමට ඡන්දෙ දුන්නට. වෙඩිතියල මදි.

      Delete
Previous Post Next Post