ඉන්දු-ලංකා නිදහස් වෙලද ගිවිසුම තර කරන්න එකගවේ...


 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම කාලීන අවශ්‍යතාවන්ට අනුව යාවත්කාලීන කිරීම සඳහා දෙරටේ නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා මෙරට සිදුකළ නිල සංචාරය අතරතුරදී මෙම තීරණයට එළඹ ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ, දෙරටටම උපරිම ප්‍රතිලාභ හිමිවන අයුරින් පවතින වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන් ඉදිරියේදී නම් කිරීමට නියමිත බවයි.

ඉන්දීය විදේශ ලේකම්වරයා සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී දැනට මෙරට ක්‍රියාත්මක වන, එහෙත් විවිධ හේතූන් මත මන්දගාමී වී ඇති ඉන්දීය ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ඉන්දීය පාර්ශවය ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.

විශේෂයෙන්ම දෙරට අතර විදුලිබල පද්ධති සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය, සම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට ද දෙපාර්ශවය එකඟ වී තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට කඩිනමින් එළඹීමට ද මෙහිදී සාකච්ඡා වී ඇත.

දෙණියාය රෝහලට වෛද්‍ය උපකරණ සැපයීම සහ දිවයින පුරා අධ්‍යාපන ආයතන සඳහා උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද නියෝජිතයන්ගේ අවධානය යොමු විය.

දෙරට අතර සමාජ ආරක්ෂණ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර, අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු එයට අත්සන් තැබීමට නියමිත බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ ඇති කරගෙන තිබෙන වෙළඳ ගිවිසුම් ද ඉදිරියේදී සමාලෝචනය කිරීමට නියමිත බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.





Sri Lanka and India to Establish Joint Task Force for Free Trade Agreement Revamp

In a significant move to revitalize the existing Free Trade Agreement, Sri Lanka and India have agreed to form a joint task force comprised of representatives from both nations. This decision emerged during the official visit of Indian Foreign Secretary Vikram Misri to Sri Lanka, as reported by the Sunday Times.

Foreign Minister Wijitha Herath emphasized that the task force's objective will be to assess current trade agreements, ensuring that both countries derive maximum benefits from these arrangements. The selection of members for this operational team is set to take place in the near future.

During his visit, Misri held discussions with key figures including President Ranil Wickremesinghe, Prime Minister Dinesh Gunawardena, and Foreign Minister Herath. Reports indicate that the Indian side has urged for expeditious progress on several ongoing Indian projects in Sri Lanka, which have faced delays for various reasons.

Particularly, focus was drawn to several crucial projects such as the interconnection of power systems between the two countries, the Sampur solar power project, and the development of the Trincomalee power generation hub. These initiatives are seen as pivotal for enhancing collaboration in the energy sector.

Additionally, both parties have agreed to expedite the tender process for the Sri Lanka Digital Identity project, aiming for prompt implementation.

Dialogue surrounding the Kankasanturai Port's rehabilitation and modernization project, funded by an Indian grant of $61.5 million, also made significant progress with the intent to finalize a memorandum of understanding swiftly.

Further discussions were directed towards supplying medical equipment to the Deniyaya hospital and providing essential resources to educational institutions across the island, highlighting the ongoing commitment to bolster collaboration in healthcare and education.

The successful completion of discussions regarding a social security agreement between the two nations has been confirmed, with plans for signing once the necessary internal procedures are finalized, as stated by the Indian High Commission in Colombo.

Minister Herath also noted that Sri Lanka intends to review its trade agreements with other countries in the near future, further underscoring the importance of strategic economic partnerships.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. loke hama ratakamta indian eunge balapama hodmta dhanila thoyenava. short term vasi valata unva lankaragena long term ratavala pitin vinsai.

    ReplyDelete
  2. මුන් දැන් කුක්කන් වගේ.

    ReplyDelete
  3. රටට අබමල් රේණුවක් ආදරය කරන සිංහළයෙකුට මීට පස්සේ නම් මේ හීනදීන පාච්චල් උන්ට ඡන්දයක් දෙන්නේ නැහැ.අනුරයා මෝදිගේ බලුකුක්කා වෙලා.ඇයි වේලි වේලි හිටිය එකා ගෙන්වා ගෙන ඌට ටයි කෝට් අන්දවලා ඉංදියාවේ පත්තර ටීවි වල ලොකු ප්‍රසිද්ධියක් දීලා ඡන්ද රැස්වීම් පුරවන්න බස් අදින්න සල්ිත් දීලා නේද මේ තැනට ගෙනාවේ.ඉංදියාවේ දඬකඳට අසුවෙලා හොර ගිවිසුම් ගගහා.මූ දැන් අවුරුදු පහයනකොට රටක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ලංකට් සී news විතරයි නේද බලන්නේ?

      Delete
Previous Post Next Post