කැලණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසකට යාබදව පවත්වාගෙන ගිය දේවාලයක තිබී මිනිස් හිස් කබල් දෙකක් සොයාගැනීමට කැලණිය පොලිසිය සමත්ව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම දේවාලය පවත්වාගෙන ගිය කපුවා ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත පසුගිය 11 වනදා රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇත. එහිදී දේවාල පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී මෙම මිනිස් හිස් කබල් දෙක හමුවී තිබේ.
පොලිසිය සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතු සඳහා වෙනත් පුද්ගලයෙකුගෙන් මෙම හිස් කබල් මිලදී ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Police Discover Human Skull Caps in Kelaniya Temple Raid
A disturbing discovery was made in the vicinity of a temple in the Gonawala area of Kelaniya, where police uncovered two human skull caps. This shocking find has raised concerns and prompted immediate action from law enforcement.
Following the discovery, a suspect, identified as the individual responsible for overseeing the temple, was taken into custody. The raid was conducted on the night of November 11, triggered by information received by the Police Emergency Response Unit (119).
Upon searching the temple premises, the skull caps were located, leading to a series of preliminary interrogations with the detained individual. During questioning, the suspect revealed that he had purchased the skull caps from another person for purposes related to occult practices.
Police are now conducting further investigations into the matter, seeking to unravel the circumstances surrounding the purchase and the potential implications of this unsettling incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හිස් කබල් දෙකකට මිනී ඔලු දෙකක් කිව්වම තමා රාජපක්ෂලාට තවමත් කඩේ යන ඉතුරු වෙලා ඉන්න අපතයන්ට තේරෙන්නෙ.
ReplyDelete