යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
බන්ධනාගාරය වෙත පිවිසීමට හැකි මාර්ග සංඛ්‍යාව එක් මාර්ගයක් දක්වා සීමා කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව, රැඳවියන් බැලීම සඳහා පැමිණෙන ඥාතීන්ට ද නව සීමාවන් පනවා ඇති අතර, ඒ අනුව එක් රැඳවියකු බැලීම සඳහා දිනකට අවසර හිමිවන්නේ එක් අයකුට පමණි.
බන්ධනාගාර පාලන අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ පවතින ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි.
යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මානව හිමිකම් සංවිධාන සහ දේශපාලන සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන කළ ඉල්ලීම් ද මෙම ආරක්ෂක විධිවිධාන තර කිරීමට හේතු වී තිබේ.
එමෙන්ම, එහි රඳවා සිටින ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස තමිල්නාඩු ධීවර සංගමය ද ශ්‍රී ලංකා රජයෙන් සහ අදාළ පාර්ශ්වවලින් ඉල්ලීමක් කර තිබුණි.
බන්ධනාගාර පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එහි රඳවා සිටින සියලුම රැඳවියන්ගේ ආරක්ෂාව උපරිම අයුරින් සහතික කිරීම සඳහා මෙම නව ක්‍රියාමාර්ග ගත් බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත්ය
Enhanced Security Measures Implemented at Jaffna Prison
In response to rising security concerns, officials at Jaffna Prison have initiated a special protocol aimed at bolstering security within the facility.
Reports indicate that the number of access points into the prison has now been restricted to just one, streamlining entry procedures significantly.
Additionally, new restrictions have been put in place for visitors, limiting the number of guests permitted to see detainees. Under the new regulations, only one visitor per detainee is allowed each day.
This decision from the prison administration takes into account the prevailing security landscape, which has prompted calls for tighter measures.
Human rights organizations and groups advocating for the rights of political prisoners have urged the prison authorities to ensure the safety of Tamil political detainees. These demands have played a role in the reinforcement of the prison's security arrangements.
Moreover, the Tamil Nadu Fishermen's Association has also made requests to the Sri Lankan government and relevant parties for heightened security for Indian fishermen held at the facility.
The prison administration emphasized that the newly implemented measures are essential for maximizing the safety of all inmates, assuring the public that all necessary arrangements have been made to uphold these security standards.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හික් හික් හික්
ReplyDeletearaksha nokaloth diasporawen
ReplyDeletepukata payin