Income Tax අඩු කරන්න හිතනවා..


 පවතින ආර්ථික යථාර්ථයන් සැලකිල්ලට ගනිමින්, පුද්ගල ආදායම් බදු අය කරනු ලබන උපරිම බදු ප්‍රතිශතය වන සියයට 36ට යටත් වන ආදායම් සීමාව තවදුරටත් ඉහළ නැංවිය හැකිද යන්න පිළිබඳව රජය විශේෂ අධ්‍යයනයක නිරත වන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව, දැනට පවතින සියයට 36ක උපරිම බද්දට යටත් වන මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂ 5, 6 හෝ ලක්ෂ හතහමාර (7.5) දක්වා ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත්, ඒ පිළිබඳව මේ වන විටත් විධිමත් අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් ඔහු අනාවරණය කළේය.

වත්මන් රජය බලයට පත්වන අවස්ථාව වන විට පුද්ගල ආදායම් බදු අය කිරීම ආරම්භ වූ මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයක මට්ටමේ පැවති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම සීමාව රුපියල් එක්ලක්ෂ පනස්දහස දක්වා ඉහළ නැංවීමට පියවර ගත් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.





Government Considers Raising Personal Income Tax Threshold

The government is conducting a special study to assess the possibility of increasing the current income threshold subjected to the maximum personal income tax rate of 36%. This was confirmed by Minister of Labour and Deputy Minister of Finance, Dr. Anil Jayathilake Perera.

Attention is being directed toward raising the monthly income limit, currently set at Rs. 500,000, Rs. 600,000, or Rs. 750,000. Dr. Perera revealed that a systematic analysis is already underway regarding this adjustment.

Highlighting the context in which the current government took office, the Minister pointed out that the initial monthly income threshold for personal income tax was at Rs. 100,000. Considering the economic hardships faced by the public, measures have since been taken to increase this limit to Rs. 150,000.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. පුනරුදය #uka ළඟ,ඡන්දයක් අත ළඟ.
    😁😁😁😁😁

    ReplyDelete
Previous Post Next Post