22 පෙත්සම් විභාගය අවසන්.. තීන්දුව රහසින් කතානායකට...


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, අදාළ පනත් කෙටුම්පතට එරෙහිව සහ ඊට පක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් මෙන්ම නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම පෙත්සම්වලට අදාළව යම් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට තිබේ නම්, ඒවා හෙට (03) පස්වරු 3.00ට පෙර අධිකරණයට ගොනු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල මෙහිදී සියලු පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය.





Supreme Court Directs Submission of Key Constitutional Findings to Parliament

In a significant ruling today, the Supreme Court of Sri Lanka mandated the submission of its confidential conclusions regarding the constitutionality of the 22nd Amendment Bill to the Speaker of Parliament. This directive comes as the court concluded its examination of petitions that challenged the proposed amendments.

The announcement of this decision was made by a panel of five Supreme Court justices, led by Chief Justice Priyasath Dep. The ruling followed an extensive review of the petitions submitted both in favor and against the amendments, as well as considerations brought forth by the Attorney General.

In a procedural note, the court reminded all parties involved that if they wish to present any written submissions relevant to these petitions, they must do so by 3:00 PM tomorrow.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

24 Comments

  1. ලිඛිත දේශන බලන්නෙ නැතුවද තීන්දුව දෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ. කොහොමත් එකම තීන්දුවනේ දෙන්නෙ. ජනමත විචාරණයක් ඕනෑ නෑ 2/3 න් සම්මත කර ගන්න කියල තමයි තීන්දුව දෙන්නේ. නලින්ද ජයතිස්ස ඇතුලු මාලිමා ඇමතිලා ඔක්කොම ඒක කිව්වනේ. එයාලා කියන විදියට තමයි තීන්දුව.

      Delete
    2. සුවා දීන අධික රෙනය

      Delete
    3. සූලසේනයා රහසින් කටානායකගෙ කටට දීලා

      Delete
    4. කවුද අර බලන්ගොඩ කස්සපකයා දෙනවා කිව්ව ලිඛිත දේශනද? 😂😂

      Delete
  2. අපරාදේ දවස් 2ක් නාස්ති කරේ. අපි නම් තීන්දුව දන්නවා.

    ReplyDelete
  3. මීට පස්සේ හොරාගෙ නඩු හොරාටම අහන්න දෙන්න ඕන. මිනීමරුවන්ගෙ නඩු මිනීමරුවන්ටම අහන්න දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක නම් නියම කතාව

      Delete
    2. ඒ තමා 23 වන ව්‍යවස්ථා සංශෝධනේ

      Delete
  4. දූෂිත අගවිනි සොරා ඇතුළු අනිත් එවුන් හතරදෙනාත් උන්ගේ පවුල් වලට ගෑවුණු එවුනුත් අපේ ජන සමාජයෙන් පිලිකුල් කර ජන අධිකරණයෙන් දිය හැකි උපරිම දඬුවම් ලබාදෙමු! ත්‍රස්තවාදී ජෙප්පන් ඇතුළු උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන හැම එකාටම ඉතාම ඉක්මනින් මහා කර්ම විපාක විඳීමට සිදුවේවි! 🤮🤮😡

    ReplyDelete
    Replies
    1. Ane ow..Rata bankaloth wenakota oya kiyana balaya nida gena inna athi neda..🤣🤣🤣🤣🤣 Ube welawa balaganin okkotama issella

      Delete
    2. Dobiyekta revila

      Delete
    3. වෙලාව බලාගන්න කියන පැලවත්තේ ඩෝබියා ඇතුළු පාහර, ත්‍රස්තවාදී ජෙප්පන් ගම් මට්ටමින් ගහලා පන්නන්න කාලය හරි 💪😡

      Delete
    4. කර්මය කර්ම ඵලය ගැන විවරණයක් කොට අගනා ධාතු සහිත පාපිස්සක් දිනා ගන්න

      Delete
  5. 22A ගැන කසුකුසුව එනකොටම තීන්දුව ඉතා පැහැදිලිව පෙනුනා.
    😁😁😁😁😁

    ReplyDelete
  6. හොරාගේ නඩුව හොරාම අහලා
    හොරාම තීන්දුව හොරට දෙනවා!

    ReplyDelete
    Replies
    1. හොරාගේ නඩුව
      හොරෙක් හොරාම අහලා
      හොරාගෙ තීන්දුව
      හොරු රැළක් ඉන්න හොර ගුහාවක
      හොරෙක්ට හොරෙන්ම යවනවා!

      මරු
      මාරයි
      එල
      එළකිරි
      එළපවුසි

      Delete
    2. ට්‍රැක්ද? පෙත්ත ගනින් බං

      Delete
  7. අගවිනි සොරා ඇතුළු අවනීතිය ක්‍රියාත්මක කරන විනි සොරුන් ඇතුළු පාහර, ත්‍රස්තවාදී ජෙප්පන් ගම් මට්ටමින් ගහලා පන්නන්න කාලය හරි 💪😡

    ReplyDelete
    Replies
    1. ගම් මට්ටමින් දහ දෙනෙක් හොයාගෙන පෙන්නපන්

      Delete
    2. කීබෝඩ් කාපාලුවෝ

      Delete
  8. තීන්දුව රහසක් නෙමෙයි

    හැමෝම දන්නවා

    ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියලා තමයි තීන්දු කරන්නේ

    වාචිකව පිළිතුරු ලබා දීමට පෙත්සම්කාර පාර්ශව වල නීතීඥයන්ට අවස්ථාව නොදෙන්නේ, දැනට ම පාස්ටර් ට කට උත්තර නැති වෙන්න ම පෙත්සම්කාර පාර්ශවල නීතීඥවරු කියන්න ඕනේ ටික කියලා තියෙන නිසයි.

    ReplyDelete
    Replies
    1. ජන මත විචාරණයක් තිබ්බත් ඔච්චර තමයි බං උඹලගෙ දෙකයි පනහ ලොවෙත් නැත්තටම නැතිවෙලා යනවා

      Delete
Previous Post Next Post