ගල් අගුරු නැවු දෙකක් අතුරුදන්.. වටිනාකම කෝටි 462ක්..


ගල් අඟුරු නැව් 19ක් ගෙනාවා. ඒ 19ක් ගෙනාවා විතරක් නෙවෙයි, ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 1,20,000ක් අතුරුදහන්! මෙට්‍රික් ටොන් 1,20,000ක් කියන්නේ කෝටි 462ක් වටින ගල් අඟුරු අතුරුදහන්. ඒ කියන්නේ මොකක්ද? ඔබතුමාලා නැව් දෙකක් අතුරුදහන් කරලා. ජනාධිපතිතුමා කිව්වේ කාලා බලලා නෙවෙයි ගත්තේ කියලා. ඉතින් අපිත්, රටේ ජනතාවත් හිතුවා හරි කාලා බලලා නෙවෙයි, ගත්තට පස්සේ තමයි කාලා තියෙන්නේ කියලා. බලනකොට ගත්තට පස්සෙත් කාලා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය 

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා 

'විවාදයට ලක්වෙන ඒ කොමිසමේ දීමනා සහ පඩි වැඩි කිරීම පිළිබඳව අපේ විරෝධතාවයක් නැහැ. තව වැඩි කරන්න පුළුවන්නම් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තව වැඩි කරන්න. හැබැයි අර පොත් පිංචක් ගැන කතා කරන්නේ, දැන් ඔබතුමාලා ජනාධිපතිවරණයේදී මුළු රටේ හැම ගෙදරකටම යවලා පොත් පිංචක් බෙදුවා. හැබැයි ඒ පොත් පිංචේ නම් කිව්වා මේ රටේ රාජ්‍ය සේවකයාගේ පඩිය මාස හයෙන් හයට උද්ධමනයට අනුපාතිකව සාපේක්ෂව වැඩි කරනවා කියලා.

​හැම මාස හයෙන් හයටම ගරු නියෝජ්‍ය කථානායකතුමනි ඔබතුමන්ලා රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කරන්න තිබ්බා උද්ධමනයට අනුව. දදැන් මේ වෙනකොට ඒ 10% ඔබතුමාලා වැඩි කරාද? හරි හරි, බෙදපු උන් කියවලත් නැහැ පොත. ඉතින් කොහොමද කථානායකතුමනි වැඩේ කරන්නේ? 

ජනාධිපතිතුමා තමයි කයිවාරු ගැහුවේ. බෙදපු අය කියවලත් නැහැ පොත.

​දැන් ගරු සභාපතිතුමනි, නියෝජ්‍ය කථානායකතුමනි, හැබැයි ඔබතුමාලා 10% පඩි වැඩි කරන එක කෙසේ වෙතත්, මාස හයෙන් හයට උද්ධමනයට  පඩි වැඩිවෙන එක කෙසේවෙතත් අර සෙවනගල කර්මාන්තශාලාවේ ගෙවපු දීමනාත් නවත්තලා, පඩිත් අඩු කරලා, වහලත් දාලා! අඩු ගානේ මේ ගෙවපුවා ගෙවාගෙන යන්න, ඒකත් නැහැ. ඒකත් වහලා දාලා.

​අනිත් පැත්තෙන් ගොවි ජනතාවට රවට්ටපු රැවටිල්ල, රුපියල් 150ට වී ගන්නවා කිව්වේ, පොහොර ටික දුන්නේ නැහැ වෙලාවට, වතුර ටික දුන්නේ නැහැ වෙලාවට. හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැහැ කිව්වා. එක පෑන් පහරින් මාෆියාව නවත්තනවා කියලා ජනාධිපතිතුමා කයිවාරුව ගැහුවේ. අන්තිමට මොකද වුනේ? මාස දෙකකට හරියන්න හාල් ගෙනල්ලා පිටරටින්. මේ අවුරුද්දට ගේන්නෙම නැහැ කිව්වා ඇමතිවරයා ඇවිල්ලා. හැබැයි තාම ගේනවා. තනිකර බොරුව ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

​දැන් ඒ කාලේ උපාධිධාරීන් ඔබතුමාලාගේ පැලවත්ත කාර්යාලයට එන්න කියලා, වාඩි වෙලා, ජනාධිපතිතුමාත් වාඩි වෙලා, 35,000ටම රැකියා දෙනවා කිව්වා එකවර. අර පොත් පිංචත් බෙදුවේ ඒ කට්ටියලා යැව්වා තමයි ගෙවල් වලට. 35,000ම ගෙන්නලා මොකක්ද කිව්වේ? අපි එකවර රැකියා ටික දෙනවා, බය නැතුව බෙදන්න කිව්වා. අවුරුදු 45ට වැඩි අය පනත් වෙනස් කරලා හරි, නීතිය හදලා හරි ගන්නවා කියලා පොරොන්දු වුණා. හැබැයි අද වෙනකොට මොකක්ද ඔබතුමාලා කරලා තියෙන්නේ? ඒ 35,000ත් මේ රටේ උපාධිධාරියාවත් දේශපාලනික වශයෙන් පාවිච්චි කරලා අතහැරලා දාලා තියෙනවා. දේශපාලනික වශයෙන් පාවිච්චි කරලා.

​දැන් මේ විදුලි බිල අඩු කරනවා කිව්වා කෙටි කාලයක් ඇතුළත ජනතාවට දැනෙන්න. 8,000යේ විදුලි බිල 6,000ට බස්සනවා කිව්වා. 6,000යේ විදුලි බිල 4,000ට ගේනවා කිව්වා. හැබැයි දැන් මොකද වුණේ? 6,000යේ එක 4,000ට ගේන එක කෙසේ වෙතත්, 6,000යේ විදුලි බිල 8,000ට ගිහිල්ලා තියෙනවා දැන්. අඩු කරන එක කෙසේ වෙතත් ගරු නියෝජ්‍ය කථානායකතුමා, විදුලි බිල වැඩි කරන එක නම් කරලා තියෙනවා. 6,000ක් ආපු එක්කෙනාට දැන් 8,000ක් ගෙවන්න වෙලා තියෙනවා.

​ඒ කාලේ කිව්වා නැවෙන් බාන ගානට තෙල් දෙනවා කිව්වා, නේද? නැවෙන් බාන ගානට තෙල් දෙනවා කිව්වා, ඇමතිට රුපියල් 150ක කොමිස් එකක් යනවා කිව්වා. ඒ කොමිස් එක අපි නවත්තනවා කිව්වා පැය 24න්. නවත්තලා අඩු කරනවා කිව්වා. තෙල්වල බදු සම්පූර්ණයෙන් අයින් කරලා තෙල් මිළ අඩු කරලා දෙනවා කිව්වා. හැබැයි මොකද වුණේ? තෙල් මිළ අඩු කරාද? අද එදා ඔබතුමාලා ආණ්ඩුව බාරගත්ත කාලෙටත් වඩා රුපියල් 30ක් වැඩියෙන් බද්දක් ගහනවා. රුපියල් 30ක් වැඩියෙන්. එතකොට දැන් අහන්න වෙන්නේ කොමිස් එක රුපියල් 180ද කියලා තමයි ඔබතුමාලාගෙන් අහන්න වෙන්නේ.

​අර ධීවරයාට කිව්වනේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි මාළු ඉන්න තැන SMS එකකින් කියනවා කියලා. අර SMS එකක් ගැහුවාම මාළු ඉන්න තැන කියනවා කිව්වා. දැන් මට පේන්නේ මේ ඒ ඇප් එක දීලා තියෙන්නේ මාළුවාට.මාළුවාට ඇප් එක දීලා SMS එකක් ගහනවා මෙන්න ධීවරයා එනවා දැන් වෙන තැනකට පලයන් කියලා.

​ඇයි මෙහෙම රවට්ටන්නේ? මොකක්ද ඔබතුමාලා මේ පොරොන්දු ඉෂ්ඨ කරන්නේ නැති එකේ බලාපොරොත්තුව? 

විට්ස් කාර් එකක් දෙනවා කිව්වා ලක්ෂ 12ට. දැන් ඇමතිවරයෙක් කියනවා එහෙම එකක් කිව්වේ නැහැලු. අන්න මරික්කාර් මන්ත්‍රීතුමා ගිය සතියේ පාර්ලිමේන්තුවේ හඬපටයක්ම දාලා පෙන්නුවා. ලක්ෂ 12ට දෙනවා කිව්වා. ජපානෙන් බයිසිකල් ගෙනල්ලා දෙනවා කිව්වා. ජපන් බයිසිකල් ගෙනල්ලා දෙනවා කිව්වා.

​අත්‍යවශ්‍ය ආහාරවලට, බෙහෙත්වලට, පාසැල් උපකරණවලට වැට් එක අයින් කරනවා කිව්වා. තොරතුරු තාක්ෂණ සේවය ප්‍රවර්ධනය කරන්න, ඩොලර් හම්බකරන්න, තරුණයාගේ රැකියා උත්පාදනය කරන්න, රැකියා නිර්මාණය කරන්න ගරු සභාපතිතුමා ටැක්ස් එක අයින් කරලා දෙනවා කිව්වා. හැබැයි අද වෙනකොට මේ එකක්වත් කරන්න ඔබ තමුන්නාන්සේලාට හැකියාව ලැබිලා නැහැ විතරක් නෙවෙයි, බදු එන්න එන්න දිනෙන් දින වැඩි කරනවා. ජනතාවට දරාගන්න බැරි වෙන විදියට මේ රටේ බදු ප්‍රතිපත්තිය වැඩි කරනවා.

​මුදල් අමාත්‍යාංශයේ කෝටි ගණන් තියෙනවා කියලා ජනාධිපතිතුමා නම් කියනවා. හැබැයි ඉතින් ගමට ගියාම ගමේ වැඩක් වෙන බවක් නම් ගරු සභාපතිතුමා පේන්න නැහැ.

​ඒ කාලේ පටන් ගත්තේ හොරු අල්ලන්නනේ. දැන් ඔබතුමාලාගේ මහ ලොකු සටන් පාඨය. දැන් ගල් අඟුරු, බාල ගල් අඟුරු ගෙනාවා නියෝජ්‍ය කථානායකතුමනි. ගල් අඟුරු නැව් 19ක් ගෙනාවා. ඒ 19ක් ගෙනාවා විතරක් නෙවෙයි, ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 1,20,000ක් අතුරුදහන්! මෙට්‍රික් ටොන් 1,20,000ක් කියන්නේ කෝටි 462ක් වටින ගල් අඟුරු අතුරුදහන්. ඒ කියන්නේ මොකක්ද? ඔබතුමාලා නැව් දෙකක් අතුරුදහන් කරලා. ජනාධිපතිතුමා කිව්වේ කාලා බලලා නෙවෙයි ගත්තේ කියලා. ඉතින් අපිත්, රටේ ජනතාවත් හිතුවා හරි කාලා බලලා නෙවෙයි, ගත්තට පස්සේ තමයි කාලා තියෙන්නේ කියලා. බලනකොට ගත්තට පස්සෙත් කාලා ගරු නියෝජ්‍ය කථානායකතුමනි ගේන නැව් දෙකකුත් ගිලලා.

දැන් කවුද මේ ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ? මේ වාර්තාවලට අනුව මෙට්‍රික් ටොන් 1,20,000ක් අතුරුදහන්. ගෙනාපු නැව් 19යේ, ගෙනාවට පස්සෙත් කාලා, ගේන්න කලිනුත් කාලා.

​හැකර් කෙනෙක් පැන්නා කිව්වා ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන්. ඩොලර් මිලියන 2.5ක්, ගියපු තැනක් නැහැ. පෞද්ගලික බැංකුවලින් කෝටි ප්‍රකෝටි ගණන් අතුරුදහන්. දැන් මේවා පිටිපස්සේ කවුද ඉන්නේ? ආ? මේ ඉස්සරහා වාඩිවෙලා ඉන්න ලොකු ඇමතිවරුද කියලා සැකයකුත් තියෙනවා.

​බොහොම ස්තූතියි ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

​දැන් මේ ඉස්සරහා වාඩිවෙලා ඉන්න, ටයි කෝට් දාගෙන ඉන්න අය ඉන්න බවක් පේනවා. මොකද එහෙම නැත්නම් ඉතින් ඩොලර් මිලියන 2.5ක් වැරදි එකවුන්ට් එකකට වැටෙන්න විදියක් නැහැනේ. නේද මන්ත්‍රීතුමා? මෙච්චර කල් උන්ඩියල් කරලා පිටරට යවනවා කියපු බිලියන ගණන් එකපාරටම මේ රටවල්වලට යන්න විදියක් නැහැනේ?

පෞද්ගලික අංශයේ බැංකුවල මුදල් වැරදි ගිණුම්වලට මේ ආණ්ඩුව ආවට පස්සේ වැටෙන්න විදියක් නැහැනේ? එහෙමනම් මේවා පිටිපස්සේ කවුද ඉන්නේ?

​කන්ටේනර් 323ක් පැන්නුවා! දැන් පහුගිය දවස්වල කුඩු කන්ටේනර් එකක් ඇල්ලුවා වරායේ. මොකක්ද කරේ? අයිස් කන්ටේනර් එකක්, අල්ලපු නිලධාරියාට විරුද්ධව පරීක්ෂණයක් කරනවා. ඩීඅයිජීට විරුද්ධව පරීක්ෂණයක් කරනවා.දැන් නියෝජ්‍ය කථානායකතුමනි ඔන්න මේක තමයි ඇත්ත.

​නුවරඑළියේ අයිස් ෆැක්ටරියක් තියෙනවා කිව්වා, කෝ? කෝ අයිස් ෆැක්ටරිය? කන්ටේනර් 323 පන්නන එකා අල්ලන්නේ නැහැ, ඇයි කන්ටේනර් 323 පැන්නුවේ කියලා කටඋත්තර ලියන්නේ නැහැ, කුඩු කන්ටේනර් එකක් අහුවෙලා ඇල්ලුවාම අල්ලපු කෙනාගේ කටඋත්තරේ ලියන්නේ, අල්ලපු කෙනාගේ කටඋත්තරයක් ලියාගන්න පරීක්ෂණයක් කරන්නේ. එතකොට හිතාගන්න පුළුවන්නේ කවුද 323 පැන්නුවේ කියලා, මොනවාද ඒකේ තිබ්බේ කියලා.

එක කන්ටේනර් එකේ බිලියන 8ක බඩු නම්, 323යේ කොහොමද? එකක් අල්ලපු මනුස්සයාගෙන් පරීක්ෂණයක් ගන්නවා නම් පොලීසියෙත්, ගරු නියෝජ්‍ය කථානායකතුමනි හිතාගන්න පුළුවන්නේ 323ක කොහොමද කියලා.

 අපි ආණ්ඩුවට කියන්නේ, අපි අනුරාධපුර රැස්වීම කරනවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි. මේ ආණ්ඩුවේ බොරුව, මේ ආණ්ඩුවේ වංචාවල්, මේ ආණ්ඩුවේ හොරකම්වලට විරුද්ධව අද අනුරාධපුරයට මේ රටේ පක්ෂ භේදයකින් තොරව දහස් ගානක පිරිසක් එකතු වෙනවා.

​ඒ ජන සටන අතහරින්නේ නැහැ අපි මේ මර්දනයට බය වෙලා. ආණ්ඩුව හිතනවා නම් විපක්ෂය මර්දනය කරලා, ආණ්ඩුවේ සුපුරුදු දේශපාලන න්‍යාය පත්‍රය දාලා, අධිකරණය පෙන්නලා, උසාවි පෙන්නලා, බන්ධනාගාර පෙන්නලා, ග්‍රවුන්ඩ් එකක් දුන්නේ නැහැනේ අපිට ග්‍රවුන්ඩ් එකක් දුන්නේ නැහැනේ අපි ඉල්ලපු ග්‍රවුන්ඩ් එක දෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාලා හිතනවා නම් ඔය මර්දනයෙන් මේ ජන සටන නවත්තන්න පුළුවන් කියලා, ජනතාවගේ නැගිටීම නවත්තන්න පුළුවන් කියලා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආණ්ඩුවටත් වැරදිලා.

​අර මම දැක්කා එක මන්ත්‍රීවරියක් කියනවා ජනාධිපතිතුමා බලන්න කානු දිගේ එනවලු. අර ආපු ගැරඬියාද දන්නේ නැහැ! කිරිවලින් නාවනවලු. ඉතින් ඒ හින්දා ඔබතුමාලා කානු දිහා බලන් ඉන්න ගැරඬි එයි. ආ? ඒ හින්දා මම තව කියන්න ගියොත් තව මොනවා කටින් පනීද දන්නේ නැහැ, ඒ හින්දා මම ඊට වඩා කාලය ගන්නේ නැහැ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. හැබැයි දැන් අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා මේ ඔබතුමාලාගේ මේ බොරුව, ඔබතුමාලාගේ දූෂණය නවත්තලා මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු තියෙනවා, ඉතින් මේවා ඉටු කරන්න.

​අවුරුදු දෙකක් ගිහිල්ලා, සමරලා, වටේ ගිහිල්ලා, රස්තියාදු ගහලා, රැස්වීම් තියලා, මාළු බෝට්ටු නවත්තලා, වරායට එන බෝට්ටු ටිකත් නවත්තලා, ජනාධිපතිතුමාගෙන් රැස්වීම් තියලා, අධි ආරක්ෂිත කලාපයක් කරලත් ගැරඬියා රිංගනවා නම් කානුව ඇතුලෙන්, ආණ්ඩුව ගැන හිතාගන්න පුළුවන්නේ





Government Faces Scrutiny Over Coal and Economic Promises During Parliamentary Debate

A recent parliamentary session revealed alarming concerns as 19 coal ships mysteriously disappeared, resulting in a staggering loss of 120,000 metric tons of coal, valued at approximately 462 million rupees. These developments prompted opposition MP Namal Rajapaksa to question the government's handling of the situation, following remarks made earlier by President Ranil Wickremesinghe, highlighting a lack of transparency and accountability regarding the matter.

Speaking at the assembly, Rajapaksa emphasized that the disappearance of the ships raised serious questions about governmental oversight. He criticized the administration for their passive approach, suggesting it was naive to trust their explanations without further scrutiny.

In his address, Rajapaksa did not stop at the missing coal but also delved into various economic frustrations. He pointed out that while parliamentary committees have seen increased allowances and benefits, the government’s prior commitments to adjust public sector salaries based on inflation remain unfulfilled. He expressed skepticism about the government's sincerity, questioning whether any actual salary increases matched the promised 10% adjustment relative to inflation rates.

He further criticized the government's claim to have distributed essential food items and fertilizers on time, highlighting a serious delay in fulfilling these promises. The MP also pointed out inconsistencies in claims about reducing electricity bills, as individuals were facing higher bills compared to previous periods.

In a broader critique of governmental promises, Rajapaksa highlighted instances where the government pledged job opportunities, only to have those assurances fall through. His frustrations echoed the experiences of many, as he stressed that the current administration seems more focused on political maneuvering than addressing real economic concerns.

He also referred to the issues surrounding the fishing community, where promises of support have not materialized. The absence of timely information about fish availability and alleged corruption within the supply chain were focal points in Rajapaksa's speech, revealing a governance system struggling to fulfill its basic responsibilities.

As the session proceeded, Rajapaksa took aim at the discrepancies in the government's management of public resources, outlining a growing public outcry against the actions taken under the guise of political reform. He vowed to continue the opposition's efforts to rally and engage the public against what he termed widespread government corruption and deception.

In closing his remarks, Rajapaksa reiterated the necessity for a collective outcry against these issues, urging the public to stand against the oppressive actions of the government and to demand accountability for the financial mismanagement that has plagued the nation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. ඩොබී කණ්ඩායම කුණුහරුප විදීමට ලැස්තියි. නමුත් කොටි 462 පාඩුව ගෙවන්නෙ කවුද කියලම කුණුහරුප සහ පච ලියපන්.

    ReplyDelete
    Replies
    1. parliment eke kiyawanne nathuwa gihin paminillak danna kiyapanko,

      Delete
  2. Namal dan parinatha wela. Suba gaman. Sinhalayani, sinhalayata nayakayek soyamu. Kallathoni apita kelinne agata notherenna.

    ReplyDelete
  3. හැබෑවටම විපක්ෂ නායකය නාමල්..ජයවෙවා

    ReplyDelete
  4. කෝ මේ ඩෝබියෝ. උන්ට හික් ගෑවිලාද, පඩි වැඩි උනේ නැතිද..?

    ReplyDelete
  5. Nemolaya maru kiyawnawa

    ReplyDelete
  6. Ah Born Again!
    Amen

    ReplyDelete
  7. පුංචි අම්මාට ඇරපු එකා, නංගීට ඇරපු එකා , රවුමට දෙන එකී, රථ ගණිකාව, ආප්ප මේනිය, ගල් ඩොකා, ළමා අපචාර, අතර .. හිල් ගාමර් ආණ්ඩුවට නොබණින එකෙක් නෑ

    ReplyDelete
  8. parliment enawa monawa hari pacha tikak kiyala passaen penala duwanawa

    ReplyDelete
Previous Post Next Post