වසර 75ක දරුණුතම ‘එල්නිනෝ’ තත්ත්වය මෙරටට:..


 ශ්‍රී ලංකාවට මේ වන විට බලපා ඇති 'එල්නිනෝ' කාලගුණික තත්ත්වය, 1950 වසරෙන් පසු ගෙවී ගිය වසර 75ක කාලය තුළ මෙරටින් වාර්තා වන දරුණුතම එල්නිනෝ තත්ත්වය බවට පත්වීමේ සම්භාවිතාව සියයට 69 සිට 75 දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා අනතුරු අඟවයි.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, එළඹෙන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ කාලසීමාව තුළ මෙම කාලගුණික තත්ත්වය ප්‍රබල එල්නිනෝ  තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව සියයට 98ක් තරම් අතිශය ඉහළ අගයක පවතින බවයි.

ඒ අනුව පසුගිය වසර 75 තුළ වාර්තා වූ සියලු එල්නිනෝ තත්ත්වයන්ට වඩා වැඩි පාරිසරික බලපෑමක් මෙවර ඇති විය හැකිය.

ඉදිරි සති දෙකක කාලය තුළ මෙරට වර්ෂාපතනයේ යම් අඩුවක් පැවතියද, සැප්තැම්බර් මස අගභාගයේ සිට දිවයින පුරා වැසි තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම ගෝලීය පුරෝකථන දත්තයන්ට අනුව, එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනට ඇදහැලෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, මෙලෙස වර්ෂාව පැවතියද දිවයිනට බලපා ඇති පරිසර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවද අජිත් විජයමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.





El Niño Phenomenon Expected to Reach Severe Levels in Sri Lanka

The ongoing El Niño weather condition affecting Sri Lanka has a 69% to 75% probability of becoming the most severe of the past 75 years, according to Dr. Ajith Vijayamanna, Director General of the Department of Meteorology.

During a recent press conference in Colombo, he emphasized that between October and December, the likelihood of this weather phenomenon intensifying to a strong El Niño status stands at an alarming 98%.

This year's potential environmental impact could exceed that of all El Niño events recorded over the last three-quarters of a century.

Despite a slight reduction in rainfall observed over the past two weeks, Dr. Vijayamanna indicated that the country is expected to experience a gradual increase in precipitation starting in late September.

Global meteorological data suggests that rainfall levels during October and November are anticipated to rise significantly above average across the nation.

However, he noted that even with the projected rainfall, the environmental temperatures currently impacting the country are likely to remain above normal levels.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. මේ මූසල ආන්ඩුව මකබෑවිලා යනකම් රටට මොනවා වෙයිද මන්දා. රටවත් ඉතුරුවෙලා තිබුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ ලා ආණ්ඩු කරනකොට,,,, ආ සොරි.. වැරදුනා

      Delete
    2. කාලකන්නිම සක්කිලි ටිකක් රට පාලනය කරන්නේ. රටක් ඉතුරු වුනොත් ඇති.

      Delete
  2. ජෙප්පන්ට ලන්කාවෙ බලය දුන්න එකට සොබාදහම රටෙන් පලිගන්නව. 76 වසරෙ සාපෙට 68 ලක්සයක් උගත් බුද්දිමතුන් චන්දෙ දුන්නනෙ.

    ReplyDelete
    Replies
    1. 68 ලක්ශේ උගත් උන් අඩුයි. වැඩි හරියක් ඉන්නේ ගමේ කසිප්පු ගහන, ගංජ ගහන මෝඩ සෙට් එක.
      උගත් කියල කියන උන්ගෙනුත් ඉන්නේ ප්‍රයිවට් කැම්පස් වලින් සල්ලි දීල ඉගෙන ගත්තු සෙට් එකයි, ආර්ට් හරි යන්තම් කැම්පස් රිංගගෙන ‍රැග් කරගෙන සක්කිලි වගේ ජීවත් වෙච්ච පොත් කටපාඩම් කරපු මෝඩ සෙට් එකයි තමයි. ඒත් සංඛ්‍යාවක් විදියට ගත්තම රටේ මේ වගේ මෝඩ පඩත්තල සෙට් එක වැඩි නිසා උන් දිනුවා. දැන් රෙවිලා හිටියට කියාගන්න ලැජ්ජ නිසා තාමත් මුන්ට කඩේ යන ගමන් ගෙදර ඉඳන් බනිනවා. ඊලඟට ඡන්දයක් තිබ්බොත් නම් මාලිමාව හොම්බෙන් යනවා. 3%ත් නැහැ දැන්.

      Delete
  3. මුන්ගෙ ඉන්දියානු වියාප්තවාදය කිය කිය, ලන්කාවෙ තරුනයො 60 දසක් පමන ගොනාට අන්දවා, ආන්ඩුව්ට විරුද්දව උසිගන්වල මැරෙන්න ඇරල. ඒකට විරුද්ද වුනු මේ ලන්කාවෙ නියම උගතුන් කලාකරුවන් අමු අමුවේ මරා දාපු කාලකන්නි අද බලේ ඉන්නෙ. එදා මුන් ඒ සටන් කලේ ඒකාදිපහි වාදයකට විරුද්දවද? නෑ ... පුජාතාන්ත්‍රීකව පත් වුනු ආන්ඩු වලට විරුද්දව... එදා ජෙප්පො මේ රටේ අතිවුනේ නැත්නම්, අද ලන්කාව සින්ගප්පූරුවක්. ඊටත් වඩා හොද පුරජාතන්ත්‍ර වාදී දියුනු රටක්. ඒවගේ කාලකන්නි සෙට් එකකට බලය දුන්න එකට ඒ නැතිවුනු ආත්ම සාප කරනව. ඒ සාපෙ තමයි මේ.

    ReplyDelete
Previous Post Next Post