නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර පනහ කොටස ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාලම මේ වන විට දැඩි ලෙස අබලන්ව කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම පාලම හරහා ගමන් කරන පනස් අක්කර ප්‍රදේශයේ පවුල් 120කට වැඩි සංඛ්‍යාවකට අයත් පුද්ගලයන් 800කට අධික පිරිසක් දෛනිකව තම අවශ්‍යතා සපුරා ගැනීමට ගමන් කරන බවත්, පාලමේ වත්මන් තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ජනතාව පෙන්වා දෙති.
පසුගිය දිත්වා සුළි කුණාටුවේදී පාලමට අර්ධ වශයෙන් හානි සිදුවී තිබූ අතර, එම තත්ත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ස්ථිර විසඳුමක් ලබාදී නොමැති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මේ අතර පසුගිය දින තුන පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ පාලමේ තත්ත්වය තවදුරටත් දරුණු වී ඇති අතර, එහි කොටස් කඩා වැටී ගමනාගමනයට බරපතළ බාධා එල්ල වී තිබේ.
අධික වර්ෂාවක් ඇති කාලසීමාවලදී පාලම උඩින්ද වතුර යෑමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් කිසිසේත්ම පාලම මතින් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බවද ප්‍රදේශවාසීන් පවසති ,
පාලම හරහා සාමාන්‍ය පරිදි ගමන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් තාවකාලිකව ලෑලි යොදාගෙන ඒ මතින් ගමන් කිරීමට සිදුව ඇති බවද ඔවුහු පවසති.
එම තාවකාලික මාර්ගය හරහා ගමන් කිරීමේදී පාලම කම්පනය වන අතර, එහි යකඩ කම්බි මලකඩ කා ඇති ආකාරයත්, කොන්ක්‍රීට් කොටස් කැඩී ගැලවී වැටෙන තත්ත්වයක පවතින ආකාරයත් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
විශේෂයෙන් ගැබිනි මව්වරුන්, පාසල් දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් සහ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් මෙම තත්ත්වය හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දී සිටින බවද ඔවුහු පවසති.
හදිසි රෝගී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක රෝගියකු රෝහල වෙත කඩිනමින් රැගෙන යාමට නොහැකි වීම මෙන්ම, මරණයක් සිදුවුවහොත් මෘත දේහයක් ප්‍රවාහනය කිරීමට පවා දැඩි අපහසුතාවකට මුහුණ දීමට සිදුවීම බරපතළ මානුෂීය ගැටලුවක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
එමෙන්ම දෛනික රැකියා සඳහා පිටත්ව යන ජනතාවට සහ පාසල් දරුවන්ටද මෙම තත්ත්වය හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදුව තිබේ.
අනතුරක් සිදුවී ජීවිත හානි වීමට පෙර අදාළ බලධාරීන් මෙම ස්ථානයට කඩිනමින් පැමිණ පාලමේ තත්ත්වය තාක්ෂණිකව පරීක්ෂා කර, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්ෂණික පියවර ගත යුතු බව ප්‍රදේශවාසීහු අවධාරණය කරති.
පාලම සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කාලයක් ගතවන්නේ නම්, එතෙක් ජනතාවගේ ගමනාගමනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂිත තාවකාලික මාර්ගයක් හෝ වෙනත් විකල්ප ප්‍රවාහන පහසුකමක් සැලසීම බලධාරීන්ගේ වගකීමක් බවද ඔවුහු පෙන්වා දෙති.
අදාළ බලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුවත් කර තිබියදීත් මේ දක්වා ස්ථිර විසඳුමක් නොලැබීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තුළ පවතින්නේ දැඩි කනස්සල්ලකි. එබැවින් තවත් වැසි සමයක් හෝ අනතුරක් සිදුවන තෙක් බලා නොසිට, පනස් අක්කර ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත හා දෛනික ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා වහාම මැදිහත් වන ලෙස ඔවුහු වගකිවයුතු සියලු ආයතනවලින් ඉල්ලා සිටිති.
- ආර්.එෆ්.එම්.සුහෙල්
Residents of Kotmale Face Dangers from Damaged Bridge
In the Kotmale area of Nuwara Eliya District, a vital bridge serving approximately 800 residents has fallen into a state of disrepair, creating significant risks for the local community. The residents have raised concerns about the safety of this main artery, which connects over 120 families in the 50-acre region.
Due to damage sustained during the recent Dithwa tropical storm, the bridge has been compromised, rendering it hazardous for daily use. Despite multiple notifications to relevant authorities, including the local secretary’s office, residents express frustration over the lack of effective solutions to address the ongoing issues.
Continuous heavy rainfall over the past three days has exacerbated the situation, with parts of the bridge collapsing further, leading to severe disruptions in transportation. Locals warn that traveling across the bridge has become perilous, particularly during rainy conditions when the risk of flooding increases.
The unsafe state of the bridge has forced some residents to construct makeshift paths to navigate their daily lives. However, these temporary routes are causing vibrations that further damage the structure, revealing exposed rebar and crumbling concrete that raises alarms among the community.
Vulnerable groups, including pregnant women, schoolchildren, the elderly, and those in need of urgent medical attention, are at heightened risk. Residents point out the alarming challenges they face, such as the inability to transport patients to hospitals promptly or to carry deceased individuals safely during funerals, highlighting a serious humanitarian crisis.
This precarious situation not only affects emergency responders but also complicates daily commuting for workers and students, causing considerable hardship across the community.
Residents are calling for immediate intervention from authorities to assess the bridge technically and ensure the safety of the public before a tragic accident occurs. They stress the urgency for actions to be taken swiftly, as any further delays might lead to loss of life.
If a complete reconstruction of the bridge is anticipated to take time, locals insist that authorities provide a safe temporary route or alternative transportation facilities to maintain daily mobility for the residents.
Despite several notifications sent to the concerned agencies, the ongoing inaction has left the community feeling anxious. They urge all responsible institutions to act promptly to safeguard the lives and daily activities of the people in the 50-acre area against further rain or potential accidents.
- R.F.M. Suhail
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මාලිමා මන්ත්‍රී හොයාගන්න පුලුවන් උනොත් කියල බලන්න. උන් හොයා ගන්න නැහැ මේ දවස් වල. එහෙම උනොත් වැලි කොට්ට ගහලා දෙයි.
ReplyDeleteහපොයි, නුවර එළියටත් කෝච්චි ගිහින් ඉවරයි.
ReplyDelete