මාතරට ගංවතුර අනතුරු අගවයි..


පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ නිල්වලා ගඟ සහ ගිං ගඟ ද්‍රෝණිවලට අයත් පහත්බිම් ප්‍රදේශ රැසක ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අදාළ ගංගා ද්‍රෝණිවල ජල මාපකවල දත්ත සහ වර්ෂාපතන තත්ත්වය විශ්ලේෂණය කරමින් එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් ‘ඇම්බර්’ පැහැති ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, නිල්වලා ගඟ ද්‍රෝණියේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට වලංගු වන පරිදි මෙම ගංවතුර අනතුරු ඇඟවීම බලපැවැත්වේ.

මීට අමතරව, ගිං ගඟ ද්‍රෝණියට අයත් තවලම, නාගොඩ, බද්දේගම සහ වැලිවිටිය-දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ද වලංගු වන පරිදි සුළු ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම තත්ත්වය හමුවේ ඉහත සඳහන් ප්‍රදේශවල පදිංචි මහජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා මෝටර් රථ වාහන පදවන්නන් ද දැඩි විමසිල්ලෙන් හා පූර්ව සූදානමකින් යුතුව කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එමෙන්ම ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය ක්ෂණික පියවර ගන්නා ලෙස අදාළ සියලු ආපදා කළමනාකරණ අංශවලින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.





Risk of Minor Flooding in Low-Lying Areas Along Nilwala and Gin Rivers

The Department of Irrigation has issued a warning of a potential minor flooding situation in several low-lying areas along the Nilwala and Gin Rivers within the next 24 hours, coinciding with the ongoing monsoon rains.

In response to the analysis of rainfall patterns and hydrological data from the river gauging stations, the department's Hydrology and Disaster Management Division has released amber alerts regarding the flood risk.

The warning specifically applies to the low-lying regions within the catchment areas of the Nilwala River in the divisional secretariats of Pasgoda, Kotapola, Pitabeddara, Akurassa, Athuraliya, Malimbada, Kamburupitiya, and Thihagoda.

Furthermore, the flood advisory extends to similarly vulnerable areas along the Gin River, particularly within the Divisional Secretariats of Nagoda, Baddegama, and Walawita-Divithura.

In light of this situation, residents in the mentioned areas, as well as motorists passing through, are urged to exercise caution and take necessary precautions, as emphasized by the Department of Irrigation.

The department also reiterated the importance of implementing immediate measures to address any potential emergency situations that may arise in connection with these warnings.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 24, 2026 at 9:31 AM

    වගකිව යුතු රජයක් තිබෙන නිසා නිසි කලට වේලාවට පූර්ව නිවේදන ලැබෙන නිසා මිනිස් ජීවිත රැකෙනවා. මේවා මේ විදියට සිද්ධ වුන් නෑ අවුරුදු 76ක් තිස්සේ. ඒ පරණ ක්‍රම වේදය නිසා තමයි දිට්වා ආව වෙලාවේ රටේ ලොකු ව්‍යවසනයක් වුණේ. ඒකට ආණ්ඩුවටයි බැන්නේ වහල්ලු. ආණ්ඩුවට එක රැයින් ලෝකෙ පෙරළන්ඩ බෑ, නමුත් මේ වෙනකොට සැලකිය යුතු වෙනස් කම් රැසක් කරලා තියෙනවා. ඒ නිසා රටේ අනාගතය තවදුරටත් කබලෙන් ලිපට වැටෙන් නෑ, ටිකෙන් ටික තියෙන අසීරු බව අඩු වෙමින් යනවා. හොඳයි.

    ReplyDelete
  2. "ඩෝබියෙක් ගේ විලාපය"... 🤭😂😂😂

    ReplyDelete
Previous Post Next Post