මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අතිශය දැඩි වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි පහත්බිම් ප්‍රදේශ රැසකට ‘මහ ගංවතුර’ තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව දන්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 'රතු' (Red) අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මහවැලි ගඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට නොකඩවා ලැබෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින්, මීට පෙර පැවති අනතුරු ඇඟවීමේ මට්ටම මෙලෙස 'රතු' මට්ටම දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම ගඟට ආසන්නව පදිංචි පිරිස් සිය ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් පෙර සූදානම් විය යුතු බවත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා අවධාරණය කරයි.
එමෙන්ම, අදාළ ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන් දැඩි විමසිල්ලෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කළ යුතු අතර, පවතින දැඩි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම අවශ්‍ය සහන හා ආරක්ෂක ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙස ප්‍රදේශයේ සියලුම ආපදා කළමනාකරණ අංශ වෙතින් ඉල්ලා ඇත.
Severe Flood Risks Prompt Emergency Warning for Pasbage Korala Area
Intense rainfall in the upper catchment areas of the Mahaweli River has triggered serious concerns for residents in low-lying regions within the Pasbage Korala Divisional Secretariat. The Department of Irrigation has issued a 'Red' alert, signaling a heightened danger of catastrophic flooding.
The combination of ongoing heavy precipitation and unceasing water flow has led to rapidly rising water levels, necessitating an upgrade from previous alerts to the current 'Red' status.
Officials warn that communities living near the Mahaweli River in Pasbage Korala must take urgent precautions to safeguard their lives and property. L.S. Suriyabandara, the Director of Irrigation (Hydrology and Disaster Management), emphasizes the importance of readiness, urging residents to evacuate to safer locations if necessary.
Moreover, drivers using roads in affected areas are advised to exercise heightened caution. All disaster management agencies in the region have been instructed to implement immediate relief and safety measures, given the grave risks posed by the current weather conditions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ත්‍රස්ථවාදීන්ගේ අවුරුදු 5 ඉවර වෙද්දී මුලු දිවයිනම මුහුදේ ගිලෙයිද මන්දා.
ReplyDeleteජෙප්පො තවම පච කියන එක නතර කරලා නැහැ.