මේ ආණ්ඩුව වෙනස් කරන්න බෑ... මේක තමයි එකම ආණ්ඩුව..


 ජනතාව අපේක්ෂා කළ 'පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්' උදෙසා මෙරට ඉතා ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින බැවින්, වත්මන් ආණ්ඩුව යළි කිසිසේත් වෙනස් කළ නොහැකි බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රජය විසින් රට ඉදිරියට ගෙන යන සාධනීය හා සැලසුම් සහගත වැඩපිළිවෙළ තුළින් ජනතා බලාපොරොත්තු මේ වන විටත් යථාර්ථයක් බවට පත්වෙමින් පවතින බවයි.

වත්මන් පරිපාලනය ගමන් කරමින් සිටින නිවැරදි දිශානතිය හේතුවෙන් මෙම පාලනය පෙරළා දැමීමට කිසිදු පාර්ශ්වයකට නොහැකි බව පැහැදිලි වන බව සඳහන් කළ ඒ මහතා, "මේ ආණ්ඩුව යන ගමන දෙස බලන විට ඕනෑම අයෙකුට පැහැදිලිවම පෙනී යා යුතු ප්‍රධාන කරුණ වන්නේ ආයේ කිසිදා මෙම ආණ්ඩුව වෙනස් කළ නොහැකි බවයි. සැබෑ ජනතා ආණ්ඩුව මෙයයි," යනුවෙන්ද වැඩිදුරටත් කියා සිටියේය.





Minister Asserts Government's Stability in Pursuit of National Prosperity

The current administration remains steadfast in its mission to build a prosperous nation and improve the quality of life for its citizens, according to Minister of Water Supply and Community Infrastructure, Samantha Vidyarathna. He emphasized that it is no longer possible to alter the course set by the government given the systematic development underway in the country.

Addressing a public gathering, the Minister highlighted that the government's practical and well-planned initiatives have transformed the aspirations of the people into reality. This progress is a testament to the effective direction the current administration is taking.

Furthermore, Vidyarathna made it clear that no faction could overturn the current administration, stating, "When observing the trajectory of this government, it should be abundantly clear to anyone that it is impossible to change this administration again. This is a true people's government." He expressed confidence in the enduring stability and approach of the current regime.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post