එයා බස් අල්ලසේ ප්‍රධාන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කෙරේ...


ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා 10කින් සමන්විත බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් (එයාර් බස්) ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 20 ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුව අධීක්ෂණය කරනු ලබන අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා විසින් රහස් පොලීසිය වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

2013 වසරේදී සිදුවූ මෙම ගනුදෙනුවේදී, අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබාගත් බව කියන අදාළ අල්ලස් මුදල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

2014/2015 කාලසීමාව තුළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මෙම මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිද්දී, ඔහු සිය මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් සිටියදී පසුගියදා හමුවිය.

එමෙන්ම සිද්ධියේ තවත් සැකකාරියක ලෙස නම් කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි විජේනායක මහත්මිය මේ වන විට විදේශගතව සිටින බැවින්, අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ උපදෙස් මත ඇයට එරෙහිව අවශ්‍ය ඉදිරි නෛතික පියවර ගැනීමට ද රහස් පොලීසිය කටයුතු කරමින් සිටී.





Major Corruption Investigation Launched Over SriLankan Airlines Aircraft Purchase

The Attorney General has directed the Criminal Investigation Department (CID) to name Member of Parliament Namal Rajapaksa as the primary suspect in a case linked to a corruption scandal involving the purchase of ten aircraft for SriLankan Airlines. The alleged bribe amounting to USD 20 million originated from a European airline, Air Bus, and was reportedly funneled to Rajapaksa.

This case is being monitored on behalf of the Attorney General by Additional Solicitor General Dilip Peiris, who has issued a directive to the CID regarding the ongoing investigations.

The dubious transaction dates back to 2013, during which it is claimed that Kapila Chandrasena, the former CEO of SriLankan Airlines, acquired the bribe from the European airline and transmitted it to Namal Rajapaksa. These revelations emerged from inquiries conducted by the CID, prompting the current legal action.

The massive financial irregularity, concerning the acquisition of ten aircraft between 2014 and 2015, was initially flagged by a complaint that led to a formal investigation by the CID.

In a tragic turn of events, Kapila Chandrasena, who was also named as a suspect in this case, was recently found dead in the home of former cricket star Aravinda de Silva, hanging from a ceiling fan. Meanwhile, his wife, Priyanga Niyomali Wijenayake, who is also implicated in the investigation, is currently residing abroad. The CID is actively working on the necessary legal actions against her based on the directives from the Additional Solicitor General.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. Elakiri Namal Ponnsiyata honda wade mekage moone hati balapllako pin gonek wage ... munta chande dena ewaunth me wage adu kule look ekk thiyena ewun wenna athi neh

    ReplyDelete
    Replies
    1. නාමල් පොන්සියා කියලා දැනගත්තේ කොහොමද ?ගෙදර කෙනෙක් දමිමලා පරික්ෂාවක් කලාද?

      Delete
    2. අඩුකුලෙ එවුන තමයි බන් පුංචි අම්මට කෙලින්නෙ😂😂😂 උබෙත් වැරදිලාවත් DNA එකක් එහෙම බලන්න එපා😂😂😂

      Delete
  2. නාමල් දඩයම් කොරන්නයි යන්නෙ. ඊට පස්සෙ මැටිමෝලා සජිත්. ගොන් විපක්ශෙ බෙදිල කෙළගෙන අවසන් වෙයි. ඊට පස්සෙ දූශිත සූරසේනගෙ පිහිටෙන් හරක් කොටා සහ මිනීමරු ජෙප්පො සදා බලයේ

    ReplyDelete
  3. තෙල්,ගෑස් පෝලීමේ ඝාතනය කරපු ජනතාවට සාධාරණයක් වෙමින් පවති මාලිමාව යටතේ.

    ReplyDelete
    Replies
    1. check mental status, better see a doctor

      Delete
    2. 88/89 ඝාතන... සොරි සොරි
      ඒවා ඕන නෑ

      Delete
  4. මුන්ගේ පවුල්වල ඉන්නේ ඔක්කොම එක්කෝ ප්‍රධාන සැකකරු එක්කෝ මහ මොලකරු වගේ ලොකුම ලයින් එකේ එවුන් තමයි.
    අර රේස් පැදලා එක ගත්තා රගර් ගහලා එක උනා විතරක් නෙමෙයි මිනී මරලා බඩු ගහලා හොරකම් කරලා කප් ගහපු උන් ඉන්න දකුණු ආසියාවේ චෞරම පවුල.

    හැබැයි ඉක්මනටම හැඳි ගෑවිලා යන්න නියමිතයි

    ReplyDelete
    Replies
    1. 2015 ඉදන්නෙ අඩු කුලෙ උන් ටික තටබන්නෙ මහින්ද හරි පවුලෙ එකෙක හරි අලල්ලගන්න. පරහාබරන් මහත්තයා (ප්‍රභාකරන් කියන කොටිය) මරපු දුකට😭😭 කනගාටුයි තවම සැකකරුවෙක් විතරයි…

      Delete
    2. හරි ආණ්ඩුවක් තිබ්බා නම් රාජපක්ෂ පවුලම එල්ලලා මරනවා කරලා තියෙන ජඩ වැඩ වලට. බයියෝ මාර පොස්ට් තමයි දාන්නේ. අහක ඉන්න පුංචි අම්මා (බැන්දේ පුංචි අම්මගේ ලේලිව කිව්වට මුන් කියන්නේ පුංචි අම්මා කියලා මොකද මුන් ගෙදර අම්මා එක්ක වුනත් සෙල්ලම දාන සක්කිලි නිසා) වගේ ඒවා අල්ලාගෙන ගොන් ආතල් දෙනවා මිසක් මුන්ට වෙන කියන්න දෙයක් නැහැ. කුල මල වගේ අන්ද විශ්වාසය පතුරලා රාජපක්ෂලා යුද්දේ වවාගෙන කාලා දැන් ප්‍රභාකරන් උගේ දෙවියා කියපු අර්චුනා උන්ගේ දෙවියා කරගෙන ආතල් දෙන්නේ. අහක ඉන්න අසුචි බුදින බයි වහල්ලු ටික නිකම් දිවිනසාගන්නවා. හරක්ට වුනත් කන්න ගෙනියන්න කෙවිටක් අරගෙන ගහන්න එපාය. ඒ වගේ හැත්තක් තමයි මේ. හොරාකලා රට බංකොලොත් කරපු සනුහරේ එවුන් ජොකා පවා රජගෙදර දාලා පැනලා ගිය එවුන් තමයි අසුචි බුදුන එවුන්ට ලොකු. අනුරත් මුන්ට කරපු කෙලියක්

      Delete
  5. කලිනුත් ක්‍රිෂ් නඩු එහෙම තිබිලා හේදිලා ගියා නේද ? මේවත් කොහොම වෙයිද මන්දා

    ReplyDelete
  6. පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි දෙමළ සිසුවියන් 53 දෙනෙක් සහ ගුරුවරුන් තිදෙනක් ඝාතනයට ලක් වී විශාල පිරිසකට බරපතල තුවාළ සිදුවිය.

    එවිට ජාත්‍යන්තර වශයෙනුත් මහත් ආන්දෝලනයට තුඩු දුන් එම සමූල ඝාතනය සිදු වී වසර 20ක් ඉක්ම ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද (ඊනියා)මානුෂික මෙහෙයුම යටතේ සිදු වූ මෙම සමූළ ඝාතනය පිළිබද අදටත් කිසිවෙකුත් කිසිවක් කතා නොකරන සේයකි.

    අතුරුදහන් කිරීමට ලක් වූවන් පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් විවිධ ජනාධිපති කොමිෂන් සභා සහ යාන්ත්‍රණ ස්ථාපිත කරන ලදි. ඒවා අතර උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාව, පරණගම කොමිෂන් සභාව මෙන්ම අවසානයේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ද වේ.

    බලපෑමට ලක්වූ ප්‍රජාවගේ දෘෂ්ටිකෝණයෙන් මෙම යාන්ත්‍රණ ප්‍රධාන වශයෙන් භාවිතා කර ඇත්තේ වින්දිතයන්ගේ කඳුළු පිසදමා අර්ථවත් යුක්තියක් ලබා දීම වෙනුවට, කාලය ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ලවන පීඩනය වෙනතකට යොමු කිරීම සඳහා උපකරණයක් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. 78 /89 karali dekak gasa rate smapath rate ugath tharunayo mara dapu jepponta danduwam nokala ditta damma karmaya Mahindata Mahindage daruwonta palademin atha... ratak karaddi Nirvanaya kare thiyan meth sith wada wada yanna behe, upan gevalwala moda bauddayonta danennama ariyath aye meth wadanawa, huthe lanthayak oi

      Delete
  7. Namal is the no.1 contender in the future in an election (if any anyway). So this is a no surprise. This is purely political hunting. People should understand this clearly if there is to be any democratic future for this county.

    ReplyDelete
Previous Post Next Post