හෙට පාර්ලිමේන්තුවේදී බලය පෙන්වීමට අගමැතිනිය සැරසේ...


 විවිධ පාර්ශ්වයන් කුමන කතා පැතිරවුව ද, ආණ්ඩු පක්ෂයේ 158 දෙනාගේ සාමූහික ශක්තිය සහ එකමුතුකම හෙට සවස පැවැත්වෙන ඡන්ද විමසීමේදී පැහැදිලිව දැකගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පෙන්වා දුන්නේ, මෙරට බහුතර ජනතාව දශක ගණනාවක් පුරා පීඩාවට පත්වූයේ නීතියේ ආධිපත්‍යය සහ සාධාරණත්වය අහිමි වීම නිසා බවයි.

යුක්තිය සහ නීතියේ පිහිට හිමිවන්නේ ධනවතුන්ට සහ දේශපාලන බලය හිමි පුද්ගලයන්ට පමණක්ය යන මතය ජනතාව තුළ තහවුරු වී තිබූ එම අඳුරු අතීතය වත්මන් රජය විසින් නිමා කරමින් සිටින බවද ඇය අවධාරණය කළාය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර ගිය ද, තම කණ්ඩායම සතුව කිසිදු පෞද්ගලික න්‍යායපත්‍රයක් නොමැති බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, රට වෙනුවෙන් වූ එම සාමූහික අරමුණ අබමල් රේණුවක තරම්වත් සෙලවී නොමැති බව පැවසුවාය.

ඒ අනුව, හෙට පස්වරු 7.00 පමණ වන විට මෙම රට පරිවර්තනය කිරීම සඳහා වූ ආණ්ඩුවේ සාමූහික ශක්තිය සහ ස්ථාවරත්වය පාර්ලිමේන්තුව හමුවේ යළිත් වරක් ප්‍රදර්ශනය කෙරෙනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.





Prime Minister Highlights Unity of Government Ahead of Crucial Vote

As speculation swirls among various factions, Prime Minister Dr. Harini Amarasuriya expressed confidence that the collective strength and solidarity of 158 members of the ruling party will be clearly demonstrated during the upcoming vote tomorrow afternoon. Her remarks came during a parliamentary discussion on the 22nd Constitutional Amendment bill.

Elaborating further, the Prime Minister noted that the majority of the population has faced decades of oppression due to a lack of adherence to the rule of law and justice. She emphasized that the prevailing sentiment among citizens is that only the wealthy and politically powerful have access to justice and legal recourse, a shadow of the past that the current government is determined to eradicate.

Responding to various rumors regarding the conduct of her party’s members, the Prime Minister reassured the public that there are no personal machinations within her group. She stated that their collective goal remains focused on the betterment of the country and is unwavering in its pursuit.

Dr. Amarasuriya further asserted that at approximately 7:00 PM tomorrow, the government's collective strength and stability aimed at transforming the nation will be showcased once more in the Parliament.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. එකට එකතුවෙලා ඕනෙම වැඩක් කරන්න පුළුවන් කියල ඔප්පු කරන්නකෝ

    අපේ අනුර කුමාරය විපක්සෙ හිටියනම් උබලට දුවන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පෙන්වා දුන්නේ, මෙරට බහුතර ජනතාව දශක ගණනාවක් පුරා පීඩාවට පත්වූයේ නීතියේ ආධිපත්‍යය සහ සාධාරණත්වය අහිමි වීම නිසා බවයි

      Delete
    2. ආප්ප බාස්ගෙ හිලේ බලේ

      Delete
    3. කවුරු හරි පුලුවන්නම් කියපල්ලකො මුන්ද ගෑණියෙක්ද, පිරිමියෙක්ද කියල. මටනම් පේන්නෙම මිනිහෙක් වගේ.

      Delete
  2. waradak kiyapanko balanna

    ReplyDelete
    Replies
    1. රනිල් නීති ගොඩක් හදලා මාලිමාවට බලය දීලා ගියාම බැට කන්නේ ඒවා හදපු සහ සම්මත තරන්න ඡන්දෙ දීපු උන්මයි. එසේම 22 හදලා අපට බලය දීලා ගියහම බැට කන්නේත් 22 හදපු උන්මයි. හැබැයි 21 වෙනි සියවසේ ලංකාව කොම්යුනිස්ට් පාලනයක් කර රුසියාවෙ, චිනයේ, උතුරු කොරියාවෙ, කියුබාවෙ වාගෙ කරන්න හිතා ගෙන ඉන්නවානම් උඹලාට වැරදිලා බව තේරෙන්නේ ලක්ෂයක් දෙකක් මැරුණහමයි.

      Delete
  3. kawuda yako thibba comment tika delete kare

    ReplyDelete
  4. ආරියතිලක

    පෙන්වන බලය, බලය පෙන්වීමට භාජනය වන නිමිත්ත සාධාරණ ද?

    එක්සත් ජාතීන්ගේ සංවිධානය, එකසත් ජාතීන්ගේ සංවිධානයෙහි මහ ලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස් යන සියලු දෙනාගේ අවධානයට ලක්වීම සුදුසු බව..

    1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;

    “ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;

    49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහු පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”

    යනුවෙන් පනවා ඇත්තේ ය.

    2026 අගෝස්තු මස 07 වන දින
    II වන කොටස
    අතිරේකය
    (2026.08.07 දින නිකුත් කරයි) රජයේ ගැසට් පත්‍රයෙහි පළ කොට ඇති, විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම

    2. (මෙහි මින්මතු “ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාව” යනුවෙන්
    සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
    ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යායවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ
    (5) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ සඳහා පහත දැක්වෙන
    අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්:-

    "(5) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයන්
    විශ්‍රාම ගත යුතු වයස අවුරුදු හැට හත වන අතර,
    අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම
    ගත යුතු වයස අවුරුදු හැට පහ වන්නේය ය:

    එසේ වුව ද, අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය, ඔහු වයස අවුරුදු හැට හතට එළඹෙන දිනය
    හෝ ඔහු අග්‍රවිනිශ්චයකාර ධූරයට පත්වන දිනයේ සිට
    වසරක හයක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින
    දෙකෙන් කලින් එළඹෙන දිනය වන්නේ ය.”.

    යනෙවෙන් ද කෙටුම්පත් කොට ඇත්තේ ය.

    මේ 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳ පෙත්සම් විභාගයේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට යොමු කළ තීන්දුවෙහි, විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු තනතුරේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බව කතානායකවරයා දන්වා ඇත්තේ ය.

    අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුලු පංච පුග්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ මේ පෙත්සම් විභාගය සිදු වීමත් තත් තීන්දුවෙහි විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු තනතුරේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බවත් කතානායකවරයා දන්වා ඇති බැවින් මෙම පනත් කෙටුම් පත සම්බන්ධ පෙත්සම් විභාගයට සම්බන්ධ වූ අනෙක් විනිසුරුවරුන් හට අදාළ වන බව පැහැදිලි ය. එසේ ම දැනට ධූරයේ කටයුතු කරන අන්‍ය සියලු විනිසුරුවරුන් හට අදාළ වේ. හෙවත් අග්‍රවිනිශ්චයකාරවරයා හැර, පෙත්සම් විභාග කළ අන්‍ය විනිසුරුවරුන් ඇතුලු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා දීර්ඝ වනවා ඇත.

    පෙත්සම විභාග කළ, අග්‍රවිනිශ්චයකාරවරයා හැර, අනෙකුත් විනිසුරුවරුන්ට ද මේ පනත් කෙටුම්පත සම්මත වීම සමඟ ම විශ්‍රාම වයස දීර්ඝ වීමෙන්, විශ්‍රාම ප්‍රතිලාභය ලැබෙනවා ඇත්තේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව අනුව ජනමත වවිචාරණයකින් තොරව ⅔ විශේෂ බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශිත ය.

    එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙහි 7 වන හා 8වන වගන්ති වන;

    “සියල්ලන් ම නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති. මේ ප්‍රකාශනයට පටහැනි ඕනෑ ම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එවැනි අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂා වීමේ අයිතියත් සියල්ලන්ට ම හිමි වේ.”

    යනුවෙන් දක්වා ඇත්තේ ය.




    ReplyDelete


  5. ඉතිරි කොටස …
    ආරියතිලක

    8 වන වගන්තිය;

    “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප්‍රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී, බලධාරී ජාතික අධිකරණයකින් ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම සෑම පුද්ගලයකු ම සතු වේ.”

    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතියෙහි 14 වන වගන්තියෙහි 1 වන අනු වගන්තියෙහි පළමුවන් වැකියෙහි

    “1. සියලුම පුද්ගලයින් අධිකරණ සහ විනිශ්චය සභා ඉදිරියේ සමාන විය යුතුය.”

    “Article 14
    1. All persons shall be equal before the courts and tribunals.”

    යනුවෙන් දක්වා ඇත්තේ ය.

    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙහි 26 වන වගන්තියෙහි මෙසේ දක්වා ඇත්තේ ය.

    “26 වන වගන්තිය

    සියලුම පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන වන අතර කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇත. මේ සම්බන්ධයෙන්, නීතිය මගින් ඕනෑම වෙනස්කම් කිරීමක් තහනම් කරන අතර ජාතිය, වර්ණය,
    ලිංගිකත්වය, භාෂාව, ආගම, දේශපාලනික හෝ වෙනත් මත, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත්
    තත්ත්වය වැනි ඕනෑම පදනමක් මත වෙනස්කම් කිරීමට එරෙහිව සියලු පුද්ගලයින්ට සමාන හා ඵලදායී ආරක්ෂාවක් සහතික කෙරේ.”

    (“Article 26
    All persons are equal before the law and are entitled without any discrimination to the equal
    protection of the law. In this respect, the law shall prohibit any discrimination and guarantee to all persons equal and effective protection against discrimination on any ground such as race, colour,
    sex, language, religion, political or other opinion, national or social origin, property, birth or other
    status.”)

    මේ සියල්ල ගත් කළ,

    1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;

    “ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;

    49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහු පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”

    යන වගන්තිය සමඟ එක්සත් ජාතින්ගේ මිනිස් අයිතිවාසිකම පිළිබඳ විශ්ව ප්‍රකාශනය හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙහි ප්‍රඥප්ති අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අනාගතයේ යුක්තිය පසිඳලීම හා නීතියේ රැකවරණය සර්ව සාධාරණ භාවය කෙසේ සැළසෙන්නේ ද යන්න එක්සත් ජාතින්ගේ සංවිධානයේ හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා, මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස්වරයා, ඇතුලු සැමගේ අවධානය යොමු වීම ඇවැසි බව අපගේ අදහස ය.


    ReplyDelete
  6. හරිනි ශොබන ටොක් දෙන්න එපා.ඔයා චන්දය නොදී පුළුවන් නම් ඔය දියවන්නා ඔයෙන් මෙහාට ඇවිත් ඉන්නකෝ බලන්න.සමහර විට අපිට ප්‍රවෘතියක් එයි හරිනි ඔයට ඉබේම කකුල ලිස්සා වැටීම හේතුවෙන් දියේ ගිළී මියගොස් ඇති බවට.එහෙම නැත්නම් විවේකාගාරයේ සිටියදී බල නහර 3 කපාගෙන කියලා.

    ReplyDelete
    Replies
    1. මේක හොඳට පේනව බිමල් කියන පරයගෙ මූණෙන්

      Delete
  7. අර කුණුහරුප වෙබ් කතන්දරය හෙටින් passe ඉවරයක් වේවි වගේ. 🤣🤣🤣🤣

    ReplyDelete
  8. අර කුණුහරුප වෙබ් කතන්දරය හෙටින් passe ඉවරයක් වේවි වගේ. 🤣🤣🤣🤣

    ReplyDelete
Previous Post Next Post