ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා බේරුවලදී සිදු කළ ප්රකාශයත් සමඟ දැඩි කතාබහට ලක්වූ ආරෝග්යා මධ්යස්ථාන දහසක් පිහිටුවීමේ ව්යාපෘතිය සහ සෞඛ්ය පද්ධතියේ ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
"අපි සෞඛ්ය සේවය වෙනස් කරනවා. හිතු හිතු වෙලාවට ඉස්පිරිතාලවලට යන සංස්කෘතිය වෙනස් කරනවා. පවුලට වෛද්යවරයෙක් දෙන මධ්යස්ථාන අපි ඇති කරනවා. ඒ වෛද්යවරයාගේ නිර්දේශයක් නැතුව ලොකු රෝහල්වලට යන්න බැහැ" යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්රකාශයත් සමඟ මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම මහජනතාව අතර ද විවිධ මතභේද සහ විවේචන මතු විය.
රට තුළ පවතින දැඩි ඖෂධ හා උපකරණ හිඟය මෙන්ම සෞඛ්ය පද්ධතියේ බිඳවැටීම වසා ගැනීමට ආණ්ඩුව මෙවැනි තීරණ ගන්නා බවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළ අතර, සෞඛ්ය වෘත්තීය සමිති ද මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර තිබිණි.
මේ පිළිබඳව BBC පුවත් සේවය වෙත අදහස් දක්වමින් නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පෙන්වා දෙන්නේ, කිසිදු අවස්ථාවක ප්රධාන රෝහල්වල බාහිර රෝගී අංශ වසා දැමීමක් හෝ රෝගීන් පැමිණීම වැළැක්වීමක් මින් අදහස් නොවන බවයි.
වත්මන් සෞඛ්ය පද්ධතිය මුහුණ දෙන ප්රධානතම අභියෝගය වන්නේ බෝ නොවන රෝග වර්ධනය වීම බව සඳහන් කළ නියෝජ්ය අමාත්යවරයා, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගීන් විශාල පිරිසක් රෝහල් වෙත පැමිණෙන්නේ වකුගඩු අක්රිය වීම් හෝ හෘදයාබාධ වැනි අසාධ්ය සංකූලතා මතුවූ පසුව බව පෙන්වා දුන්නේය. ආරෝග්යා මධ්යස්ථාන මඟින් ගම් මට්ටමින් ජනතාවගේ රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම, අඛණ්ඩව ඖෂධ ලබාගැනීම නිරීක්ෂණය කිරීම සහ සහන සත්කාර ලබාදීම ප්රධාන අරමුණ බව හෙතෙම සඳහන් කළේය.
සාමාන්ය සෙම්ප්රතිශ්යාව වැනි සුළු රෝග තත්ත්වයන් සඳහා පවා විශාල රෝහල්වල බාහිර රෝගී අංශ වෙත අනවශ්ය ලෙස රෝගීන් එක්රැස් වීම වැළැක්වීම සහ බරපතළ රෝගීන්ට අවශ්ය විශේෂඥ ප්රතිකාර කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බව පෙන්වා දුන් ඒ මහතා, ඒ සඳහා ප්රාථමික සෞඛ්ය මධ්යස්ථාන ශක්තිමත් කරන බව කියා සිටියේය.
එමෙන්ම ඉදිරියේදී ඩිජිටල් හැඳුනුම්පත සමඟ සම්බන්ධ වන ඩිජිටල් සෞඛ්ය කාඩ්පතක් මඟින් ගමේ ආරෝග්යා මධ්යස්ථානය හරහා රෝගීන් ලියාපදිංචි කිරීමේ ක්රමවේදයක් ද හඳුන්වා දෙනු ඇත.
දැනට දිවයින පුරා නියමු ව්යාපෘතියක් ලෙස ආරෝග්යා මධ්යස්ථාන 39ක් ක්රියාත්මක වන අතර, ඉදිරි වසර තුළ එම සංඛ්යාව 300ක් දක්වාත්, අනතුරුව 1,000ක් දක්වාත් දීපව්යාප්තව ව්යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ඉදිරි අයවැය මඟින් අවශ්ය ප්රතිපාදන වෙන් කිරීමටත්, පවතින සෞඛ්ය කාර්ය මණ්ඩල හිඟය පියවා ගැනීම සඳහා අඛණ්ඩව බඳවා ගැනීම් සිදු කිරීමටත් පියවර ගන්නා බව ද නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Health Reform Plans Spark Debate Following Presidential Remarks
The introduction of a project to establish 10,000 health centers has ignited intense discussions, particularly after recent comments made by President Anura Kumara Dissanayake in Beruwala. Health Deputy Minister Dr. Hansaka Wijemuni provided clarity on the initiative and its implications for the health system amidst a flurry of political and public scrutiny.
“We are transforming health services. We aim to change the culture of seeking hospital care for every ailment. Our goal is to ensure that families have a dedicated medical professional accessible through these centers,” emphasized the Deputy Minister. This approach, he pointed out, discourages people from relying solely on large hospitals without proper referrals from their family physicians.
In Parliament, Opposition Leader Sajith Premadasa criticized the government's decisions, asserting that they are failing to address the ongoing crises of severe drug and supply shortages, as well as the breakdown of the healthcare system. Professional health organizations have echoed these concerns, urging for a thorough examination of the current situation.
In an interview with BBC News, Dr. Wijemuni reassured that the current strategy does not involve closing outpatient departments in major hospitals or preventing patient admissions. He noted the major challenge facing the healthcare system is the rise of non-communicable diseases, such as diabetes and hypertension, which lead many individuals to the hospital only after serious complications arise, like kidney failures or cardiac issues.
The objective of the health centers is to identify diseases at grassroots levels, ensuring that the community has continuous access to medication and treatment. Dr. Wijemuni highlighted the importance of avoiding unnecessary crowding in hospital outpatient departments for minor ailments, while ensuring that critically ill patients receive timely specialized care. He further emphasized strengthening primary healthcare facilities to achieve this goal.
Moreover, in the near future, a digital health card linked to a digital identity will be launched, allowing for streamlined patient registrations through local health centers.
Currently, there are 39 health centers operational across the country under this ongoing initiative. Plans are in place to expand this number to 300 in the coming years, with a long-term vision of reaching 1,000 centers overall. The Deputy Minister underscored the necessity of allocating resources through upcoming budgets and emphasized the continuous recruitment of health personnel to address current staffing shortages.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අතල් ගන්න උදේ පාන්දරම ඇවිල්ල ඉස්පිරිතාලේ පෝලිමේ ඉන්න එක නවත්වන එක
ReplyDeleteනියමය්.
පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි දෙමළ සිසුවියන් 53 දෙනෙක් සහ ගුරුවරුන් තිදෙනක් ඝාතනයට ලක් වී විශාල පිරිසකට බරපතල තුවාළ සිදුවිය.
ReplyDeleteඑවිට ජාත්යන්තර වශයෙනුත් මහත් ආන්දෝලනයට තුඩු දුන් එම සමූල ඝාතනය සිදු වී වසර 20ක් ඉක්ම ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද (ඊනියා)මානුෂික මෙහෙයුම යටතේ සිදු වූ මෙම සමූළ ඝාතනය පිළිබද අදටත් කිසිවෙකුත් කිසිවක් කතා නොකරන සේයකි.
අතුරුදහන් කිරීමට ලක් වූවන් පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ශ්රී ලංකාවේ ආණ්ඩු විසින් විවිධ ජනාධිපති කොමිෂන් සභා සහ යාන්ත්රණ ස්ථාපිත කරන ලදි. ඒවා අතර උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිෂන් සභාව, පරණගම කොමිෂන් සභාව මෙන්ම අවසානයේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ද වේ.
බලපෑමට ලක්වූ ප්රජාවගේ දෘෂ්ටිකෝණයෙන් මෙම යාන්ත්රණ ප්රධාන වශයෙන් භාවිතා කර ඇත්තේ වින්දිතයන්ගේ කඳුළු පිසදමා අර්ථවත් යුක්තියක් ලබා දීම වෙනුවට, කාලය ලබා ගැනීමට සහ ජාත්යන්තර ප්රජාවෙන් එල්ලවන පීඩනය වෙනතකට යොමු කිරීම සඳහා උපකරණයක් ලෙසයි.
ඒක පුහුනු එකක් කියන්නේ ?
Deletedobiyek wage
Deleteධම්මික පැණියට හිනා වෙච්ච උං ට සිද්ධ වුනා අන්තිමට කොත්තමල්ලි බොන්න කියලා කියන්නයි ඒක හෝදන්නයි
ReplyDeleteමීට වඩා දෛවයේ සරදමක් මේ ලෝක ඉතිහාසයේ ඇතියි කියලා මං හිතන්නේ නෑ
දොස්තර කස්ටියගේ කල්ල මරේ කොරන්ඩ් වගේ හදන්නේ.
ReplyDeleteමේ රටේ උවමනාම දේ රටට අවශ්ය වෛද්යවරුන් හදන එක. ඒක පළවෙනිම දේ. ඒක නොකර වෙනත් පච කියනවා. ඔය දාහට එක දොස්තර කෙනෙක් තිබ්බත් එතණටත් දොස්තර්වරුන් දාහක් ඕනෙ නේද?
ReplyDeleteආවෙ ඇම්බියුලන්ස් දෙක ගාණෙ ලෙඩ්ඩුන්ට දෙනවය කියාගෙන. වෙලා තියෙන්නෙ උන්ටම කොත්තමල්ලි බොන්න කියන්න. 🤣🤣🤣