ඉරාකයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සෞදි අරාබියේ ප්‍රධානතම බොරතෙල් නළ මාර්ගයක් වන East-West pipeline මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ගැටුම්කාරී වාතාවරණය හමුවේ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ලොව විශාලතම බොරතෙල් අපනයනකරු වන සෞදි අරාබියට, හෝමූස් සමුද්‍ර සන්ධිය මඟහරිමින් තෙල් ප්‍රවාහනය කිරීමට පහසුකම් සලසන කිලෝමීටර් 1,200ක් දිගැති මෙම නළ මාර්ගයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාකය සිය කනගාටුව පළ කර ඇත. අදාළ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරාන දේශසීමාවට ආසන්න සිය Maysan පළාතේ සිට බව පිළිගත් ඉරාක රජය, මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරමින් එම පළාතේ හමුදා මෙහෙයුම් ප්‍රධානියා ද ධුරයෙන් පහකිරීමට පියවර ගෙන ඇති බව බීබීසී වාර්තාවේ දැක්වේ.
ප්‍රහාරය එල්ල වූ ස්ථානය ආශ්‍රිතව භූමිය පිළිස්සී දුම් පිටවන අයුරු චන්ද්‍රිකා ඡායාරූප මඟින් තහවුරු වීමත් සමඟ, ආරක්ෂක පියවරක් ලෙස නළ මාර්ගයේ තෙල් ප්‍රවාහනය අත්හිටුවීමට රියාද් පාලනය පියවර ගෙන ඇත.
මෙම ප්‍රහාරයෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර සිදුවූ දේපළ හානිය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බව සෞදි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
විශ්ලේෂකයන් සහ නෞකා නිරීක්ෂණ ආයතන උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දෙන්නේ, ගෝලීය තෙල් සැපයුමෙන් සියයට 4ත් 5ත් අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන්නේ මෙම නළ මාර්ගය ඔස්සේ බවයි.
ඉරාක අගමැතිවරයා සමඟ පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව, මෙම අවස්ථාවේදී ප්‍රතිප්‍රහාර එල්ල නොකිරීමට සෞදි අරාබිය තීරණය කර ඇතත්, සිය අවශ්‍යතා සහ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ අයිතිය තමන් සතු බව සෞදි විදේශ අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.
ඇමෙරිකා-ඉරාන යුදමය ගැටුම් හත්වැනි මාසයටත් ඇදී යන පසුබිමක, යේමනයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් රතු මුහුදේ සහ බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධියේ පාලනය නතු කරගනිමින් තෙල් ප්‍රවාහන මාර්ගවලට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින මොහොතක මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.
අරාබි අර්ධද්වීපය දෙපසින්ම මතුව ඇති මෙම බරපතළ ආරක්ෂක අර්බුදයත් සමඟ, ජූලි මාසයෙන් පසු පළමු වතාවට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇත.
Saudi Arabia Halts Operations on Key Oil Pipeline Following Drone Attack from Iraq
In a significant response to a drone strike originating from Iraq, Saudi Arabia has temporarily suspended operations on its crucial East-West pipeline, according to a report by the BBC. This pipeline is instrumental for transporting oil away from the volatile region, circumventing the strategic Hormuz Strait.
The attack comes amid escalating tensions in the Middle East, raising alarms about the stability of global oil supply routes. Stretching approximately 1,200 kilometers, the pipeline represents a vital artery for the world’s largest oil exporter.
The Iraqi government expressed its regret over the incident, confirming that the drone assault occurred near the Maysan province, adjacent to the Iranian border. In the wake of the attack, Iraqi authorities have initiated a comprehensive investigation and taken steps to dismiss the military commander overseeing the operations in that area.
As evidence of the strike emerged, verified through satellite imagery showing scorched earth, Riyadh has opted to halt oil flow through the pipeline as a precautionary measure.
Reports indicate that several individuals sustained injuries from the attack; however, the Saudi Foreign Ministry has yet to provide a definitive assessment of the material damage caused.
According to Reuters, analysts and maritime observers note that this pipeline is responsible for transporting between 4% to 5% of the world’s oil supply, emphasizing its critical role in global energy markets.
Following a telephone conversation with the Iraqi Prime Minister, Saudi Arabia has assured it will refrain from retaliatory strikes at this time, although the Saudi Foreign Ministry emphasized its right to take any necessary measures to safeguard its interests and security.
This attack occurs against the backdrop of a prolonged U.S.-Iran military confrontation that has intensified over the past seven months. Meanwhile, Iranian-aligned Houthi militants have exerted pressure on oil transportation routes in the Red Sea and Bab al-Mandeb strait, heightening tensions in the region.
The incident underscores a grave security crisis enveloping the Arabian Peninsula, with oil prices exceeding the $100 mark for the first time since July, reflecting growing concerns about supply disruptions in global markets.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
