මරණ දඬුවම දෙන්න ලැස්තියි..


 දිවයින පුරා තැනින් තැන සිදුවන වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ වන අපරාධකරුවන් ඉලක්ක කරගනිමින්, මරණ දඬුවම තාවකාලිකව හෝ ක්‍රියාත්මක කරන ලෙස ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ, කිසියම් සාකච්ඡාවකදී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කරුණු සාකච්ඡාවට බඳුන් වූ බවයි.

මේ අතර, රට පුරා වාර්තා වන වෙඩි තැබීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, තැනින් තැන සිදුවන මෙම වෙඩි තැබීම් කඩිනමින් පාලනය කිරීම සඳහා බුද්ධි අංශ ඒකාබද්ධ කරගනිමින් විශේෂ නව වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙලෙස වාර්තා වන හුදෙකලා සිදුවීම් හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයක තර්ජනයක් හෝ බලපෑමක් එල්ල නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොලිස් මූලස්ථාන වාර්තාවලට අනුව, මෙම වසරේ ජූලි මස අග භාගය වන විට දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධීන් 22ක් වාර්තා වී තිබේ. එම ප්‍රචණ්ඩකාරී වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 12 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.





Government Considers Reinstating Death Penalty Amid Rising Gun Violence

In response to the escalating incidents of shootings and bomb attacks across the island, the government is currently assessing a proposal to temporarily reactivate the death penalty for individuals involved in such violent crimes.

Justice and National Unity Minister, Attorney-at-Law Harshana Nanayakkara, revealed that discussions have taken place regarding the implementation of capital punishment during a recent dialogue on law enforcement measures.

Meanwhile, in comments addressing the wave of shootings reported throughout the country, Minister of Public Security and Parliamentary Affairs, Anand Wijepala, noted that a new strategic initiative has been launched to swiftly manage these incidents by consolidating intelligence agencies.

However, the Minister emphasized that these isolated incidents do not pose any threat or impact on the national security of the country.

According to reports from Sri Lanka Police Headquarters, there have been 22 shootings reported across the nation by the latter half of July this year. These violent acts have resulted in the loss of 15 lives and left another 12 individuals with serious injuries.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. මාලිමාවට චන්දේ දුන් සියළුම ජනතාව ඒක මතිකව අනුමත කරනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. පුන්නක්කු සෙට් එක. උන් ඉතින් කොහොමත් ත්‍රස්ථවාදීන්නේ. මිනී මරන්න තියෙනව නම් වෙන මුකුත් ඕන නැහැ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ පාතාලයො ඇල්ලුවා කිව්වට අපරාධ වල වැඩිවීමක් මිසක් අඩුවීමක් නැහැ. කුඩු, අයිස් වල වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.

      Delete
    2. අනිවා මිනිස්සුන්ගේ සල්ලි වලින් නිකං කන්න බොන්න දෙන්න ඕන නෑ

      Delete
    3. මාලිමාවට දුන්න ගොන්නුයි අරගල කරපු ගොන්නුයි තමයි වෙඩි තියාගන්න සීන් එක පටන් ගත්තේ.
      වෙනදා මාස 6කට වතාවක් ඇහුන වෙඩි තියාගැනීම් දිනපතා වෙන්න ගත්තේ මාලිමාව අරගලේ කරාට පස්සෙ.
      දැන් මාලිමාව බලේට ඇවිත් අවුරුදු 2ක් ගියාම උන් බෝම්බ ගහගන්නේ. අවුරුදු 5 ඉවර වෙනකොට මෝටාර්, කාලතුවක්කු නෙමේ මල්ටි බැරල් රොකට් ලෝන්චරුත් අරගෙන ඒවි. නිවටයාට එලුවත් ‍රැවුල පානවා කියන්නේ ඒකනෙ.

      Delete
    4. ඉස්සෙල්ලම මේ කුලියට කොටන නෑමොලයගෙ සෙට් එක අරගෙන ඕකුන්ගෙ ඇට දෙක තලල කන්න දීලා එල්ලන්න්න ඕනෙ.. මුන් මේ රටට සාපයක්. 🤮🤮🤮🤮🤣🤣🤣

      Delete
  2. මේ පැත්තෙන් අර පැත්තට වැඩේ දුන්නහම අර පැත්තෙන් මේ පැත්තට වැඩේ දෙනවා මේ පැත්තෙන් අර පැත්තට වැඩේ දෙනවා. ඒවා හුදෙකලා සිදුවීම්ද බූරුවො

    ReplyDelete
    Replies
    1. කොටි ගැහුව නම් කියාවි ඒවත් හුදකලා සිදුවීම් කියලා. එක දවසට එක ගානෙ නෙ වෙන්නෙ. කෑම්ප් ටික කොටින්ට ලියලම දේවි එහෙනං. ප්‍රභාකරන් උතුරේ ජනාධිපති කරලා යාපනේට ගිහින් ඉඹලත් ඒවි. එච්චරට නිවටයෙක්.

      Delete
  3. ලෑස්ති කර කර ඉඳලා හරි යන්නේ නැහැ ගොබ්බයිනෙ. එල්ලලා මරපල්ලා පාතාලේ 50ක් විතර. නැතුව නලවලා ඔවා හදන්න බැහැ.

    ReplyDelete
  4. කන්ජිපානි ඉම්රානුයි, උනාකූරුවේ සාන්තයි තියාගෙන අනිත් උන් විතරක් මරලා වැඩක් නෑ ජෙපි හිපා‍ටුවනි.
    යුක්තිය නම් හැමෝටම යුක්තිය වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මාකඳුරේ මදූශ්ගේ ගුරා තමයි උනාකූරුවා. මාකඳුරේ මදූශ් මැරුනම උගේ මලගෙදර ඔක්කොම ජෙපි නායකයො ගියා. හඳුන්නෙත්ති, ලාල් කාන්ත වගේම අනුර කුමාරත් ගිහින් තිබුනා. මාලිමා කඳවුරට වෙනම පාතාලයක් ඉන්නවා. මහින්දලාගේ වම්බො‍ටු පරපුර, ප්‍රේමදාසගේ නිහාල් වගේම චන්ද්‍රිකාගේ සෙට් එක වගේම මාලිමාවේ නිල පාතාලේ තමයි කන්ජිපානි ඉම්රාන් සහ උනාකූරුවේ සාන්ත කියන්නේ. ඉතින් එයාලගෙන් සෑහෙන ආදායම් ඇමතිවරුන්ට වගේම ජනාධිපති අගමැතිටත්, පක්ශ අරමුදලටත් ලැබෙනවා. ඒකයි ලඟදි අල්ලපු අයිස් ගැන අල්ලපු DIG ගෙන් ප්‍රශ්න කරේ ඇයි ඔයා ඒවා ඇල්ලුවේ කියලා. කන්ටේනර් එක අයිති දෙමටගොඩ ලොක්කෙක්ට, එයා කන්ජිපානිගේ ඩයල් එකක්. ඉතුරු ටික හිතා ගන්න පුලුවන් නේ.

      මාකඳුරේ මදූශ් කියන්නේ රනිල්ගේ පාතාලේ. බෞද්ධයන් විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව ඉ‍ටු කරන්න රනිල්ගෙන් අනුරට ලැබිච්ච තවත් තෑග්ගක් තමයි මදූශ්.

      Delete
  5. පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි දෙමළ සිසුවියන් 53 දෙනෙක් සහ ගුරුවරුන් තිදෙනක් ඝාතනයට ලක් වී විශාල පිරිසකට බරපතල තුවාළ සිදුවිය.

    එවිට ජාත්‍යන්තර වශයෙනුත් මහත් ආන්දෝලනයට තුඩු දුන් එම සමූල ඝාතනය සිදු වී වසර 20ක් ඉක්ම ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද (ඊනියා)මානුෂික මෙහෙයුම යටතේ සිදු වූ මෙම සමූළ ඝාතනය පිළිබද අදටත් කිසිවෙකුත් කිසිවක් කතා නොකරන සේයකි.

    අතුරුදහන් කිරීමට ලක් වූවන් පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් විවිධ ජනාධිපති කොමිෂන් සභා සහ යාන්ත්‍රණ ස්ථාපිත කරන ලදි. ඒවා අතර උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාව, පරණගම කොමිෂන් සභාව මෙන්ම අවසානයේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ද වේ.

    බලපෑමට ලක්වූ ප්‍රජාවගේ දෘෂ්ටිකෝණයෙන් මෙම යාන්ත්‍රණ ප්‍රධාන වශයෙන් භාවිතා කර ඇත්තේ වින්දිතයන්ගේ කඳුළු පිසදමා අර්ථවත් යුක්තියක් ලබා දීම වෙනුවට, කාලය ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ලවන පීඩනය වෙනතකට යොමු කිරීම සඳහා උපකරණයක් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ දෙමාපියන්ගෙන් උඳුරගෙන කොටි පුහුනුව දුන්න ළමා සොල්දාදුවො ඔක්කොම රඳවලා තිබුන කඳවුරු ඉස්කෝල, අනාත නිවාස, ක‍තෝලික පල්ලි වගේ පේන්න තමයි හැදුවේ.
      ඒවට ක‍තෝලික පල්ලිය පුදුම සපොර්ට් එකක් දුන්නේ. ඒවට එහෙම බැනර් හයි කරලා ඇතුලේ ඉඳන් කොටි පුහුනුව දුන්නා.

      ළමා සොල්දාදුවන්ට නිළ ඇඳුම් දුන්නෙත් නැහැ. ඇත්තටම දෙන්න නිළ ඇඳුම් තිබුනෙත් නැහැ. මේ ළමා කොටින්ගේ වගකීම උනේ front line එක විනාඩි 5ක් අල්ලගෙන ඉන්න එක.
      ඒ කියන්නේ හමුදාව ඉස්සරහට ආවොත් 5min අල්ලගෙන ඉඳලා පොඩි උන් මැරුනත් කොටින්ට කමක් නැහැ. ඊට පස්සේ මහ කොටි ඇවිත් ශූට් එක පටන් ගන්නවා.
      ඔය front line එකට එවපු ළමා සොල්දාදුවන්ටත් නිළ ඇඳුම් තිබුනේ නැහැ.

      ඔන්න ඔහොමයි කොටි දෙමළ ලමයින්ගේ මානව හිමිකම් ‍රැක්කේ.

      Delete
    2. යුද්ධෙ නිසා සාමාන්‍යයෙන් දෙමළ පොඩි ළමයි 2,000ක් විතර ළමා සොල්දාදුවො විදියට අවුරුද්දකට මැරුණා. සමස්ථ කොටි 7,000ක් විතර මැරුනා. දැන් යුද්ධෙ නතර වෙලා අවුරුදු 17ක්. ඒ කියන්නේ දෙමළ දරුවො 34,000ක් යුද්දෙන් මැරෙන්නෙ නැතුව පොත පෑන අරන් ඉගෙනගෙන ලස්සනට ජීවත් වෙනවා. දෙමළ සාමාන්‍ය මිනිස්සු 85,000ක් මැරුම් නොකා ජීවත් වෙනවා. එකතුව ජීවිත 119,000ක් මහින්ද දෙමළුන්ට ඉතුරු කරලා දීලා තියෙනවා. සක්කිලි මෝඩ දෙමළුන්ට ඒකෙ වටිනකම තේරෙන්නෙ නැහැ මේ උඩ කොමෙන්ට් එක දාපු පර දෙමළත් ඒක තේරුම් අරන් ජීවත් උනොත් හොඳයි. උඹලගේ ලමයින්ට උගන්නපන්. එතකොට ඔයවගේ මෝඩකම් අතෑරලා ලංකාව ලස්සන රටක් කරන්න පුලුවන්.

      Delete
    3. චැට් ජී පීටී එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා වගේ. කොටි දෙමල්ලු මොකද මේක අස්සේ කරන්නේ? උබලගේ අයිටි සෙල් එක දැන් සිංහල සයිට් අස්සෙත් රිංගනවාද?.

      ඕවා අස්සේ හිටියේ කොටි. පලස්තීනය පාසැල් අස්සේ, රෝහල් අස්සේ ඉදලා ඊශ්‍රාලයට රොකට් ප්‍රහාර ගහනවා දිගට හරහට, ඊට පස්සේ ඊශ්‍රාලයෙන් ප්‍රතිපහාර ගැහුවම මෙන්න කනවෝ කියලා කෑගහනවා. කොටි දෙමළ්ලු කරේත් මේකමයි. ඒකයි දිගට හරහට පාසැල් වලට, පල්ලි වලට පහර වැදුනේ. මේවා උබලගේ වැරදි අපේ නෙවෙයි. උබලා තමයි උබලගේ ළමයින්ව මැරුවේ. හරිනම් උබලගේ දෙමළ නායකයන්ට මරණ දඩුවම දෙන්න ඕනේ.

      Delete
Previous Post Next Post