වසර 70කට අධික කාලයක් තිස්සේ විනාශ කර ඇති රටක් යළි ගොඩනැගීම දීර්ඝ හා අභියෝගාත්මක ගමනක් බවත්, ලෝකයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද මෙරට ජනතාවට එහි පීඩනය දැනෙන්නට ඉඩ නොදී කටයුතු කිරීමට වත්මන් රජය සමත්ව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
බේරුවල පැවැති ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා පෙන්වා දුන්නේ, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නාවික ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි. මේ හේතුවෙන් නාවික ගාස්තු, රක්ෂණ ගාස්තු සහ ප්‍රවාහන වියදම් ඉහළ ගොස් තිබුණද, රජය විසින් ඉන්ධන සහ ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ නොදී ඒවා පාලනය කර ඇති බව ඔහු සඳහන් කළේය.
"වෙනත් ආණ්ඩුවක් තිබුණා නම් මේ යුද්ධය අස්සේ ලොකු සූදුවක් දීලා, දැන් තෙල් නැහැ, ගෑස් නැහැ කියමින් මිල ඉහළ දමනවා. ජනතාව පෝලිම්වල ඉන්නවා. විපක්ෂයත් බලාගෙන හිටියේ දෙවැනි අරගලයක් ඇති වෙයි කියලා. නමුත් අපේ රජය යටතේ තෙල් හිඟයක් ඇති වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම ඉන්ධන සහ ගෑස් මිල ක්‍රමයෙන් අඩු කරමින් ජනතාවට සහන ලබා දෙනවා," යනුවෙන් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
මීට අමතරව, පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය වැනි ස්වභාවික බාධක හමුවේ වුවද රජය ඉතා කාර්යක්ෂමව මැදිහත් වී ජනතාවට අවශ්‍ය සහන සැලසූ බව ද ලේකම්වරයා මෙහිදී සිහිපත් කළේය.
ලෝකයේ පවතින යුද්ධයක බලපෑම පවා ජනතාවට දැනෙන්නට ඉඩ නොදී රට පාලනය කිරීමට හැකි වීම වත්මන් රජයේ සුවිශේෂී ජයග්‍රහණයක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Government's Resilience Amid Global Crises Highlighted by Political Leader
Rebuilding a nation ravaged for over 70 years poses a long and challenging journey, yet the current government has managed to shield the populace from the pressures of the prevailing global conflict, claims Tilvin Silva, the General Secretary of the Janatha Vimukthi Peramuna.
Speaking at a public rally in Beruwala, Silva underscored the complexities faced due to the ongoing military tensions in the Middle Eastern region, which have impeded maritime navigation in the Hormuz Strait. As a result, costs related to shipping, insurance, and transportation have surged, but the government has remarkably controlled fuel and gas prices, preventing their escalation.
“Had there been another administration in place, the situation would have spiraled out of control with the current conflict, resulting in fuel and gas shortages while prices soared. The public would have been left struggling,” he emphasized. Silva noted that critics anticipated a second wave of protests, but under the current government, such shortages were not allowed to materialize. Furthermore, he asserted that efforts are underway to gradually reduce fuel and gas prices to provide relief to the citizens.
He also reflected on the government's effective response during recent natural disasters, emphasizing that despite the challenges posed, they intervened promptly to provide essential assistance to the people.
Silva highlighted that the government's ability to maintain stability without letting the global war conditions affect the populace stands out as a significant achievement of the current administration.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ටිල්වින් මයිනෝ, උඹට මතක නැද්ද උලමෝ ගෝඨගෙ කාලෙ කෝවිඩ් හින්ද රටම වහල තියෙද්දිත්, අඩු ගානට සැමනුයි, පරිප්පුයි දුන්නට අමතරව හැමෝටම ආහාර මල්ලක් නොමිලේම දුන්නයි කියල?
ReplyDeleteඒකනේ අන්තිමට ලංකට් එක නැතුව දිව්වේ
Deleteකක්ක නැවකට සල්ලි දුන්නා වගේත් මතකයි
Deleteකක්ක නැව ලංකාවට ගෙන්නුවෙ වත්තල මාලිමා අපේක්ෂකය කියලත් මතකයි.
Deleteකවුරුහරි ලංකට් එක නැතුව දුවනව ඇහැට දැකපු එකෙක් ඉන්නවද?
Deleteඉන්නවනම් දැකපු එකාගෙ නමයි, ඇඩ්‍රස් එකයි කියපල්ලා.
මට ඇහෙන් දැකපු සාක්කියක් ඕනෑ කරල තියෙනව.
මාර වැඩේ කියන්නෙ, ගෝඨගෙ කාලෙ අඩුවට සැමනුයි, පරිප්පුයි කාපු අඩුකුලේ හැත්තම තමයි දැන් ගෝඨට වැඩියෙම අපහාස කරන්නෙ.
Deleteඅපි තමයි හොඳටම කරල තියෙන්නෙ කියල කිව්වෙ ලංකට්ටප්පු.
Deleteමිනිස්සුන්ට සැමනුයි පරිප්පුයි. උන්ට දිවිය බෝජන.
Deleteදැන් කාපන් මිනිස්සුන්ගෙ ගානෙ රාබුයි බතුයි.
කෝවිඩ් කාලෙ ගෑණියෙක් රෑපවාහිනිය ඉස්සරහට ඇවිල්ල වැලහින්න වගේ ඇඬුවා අනේ පිංසෙද්ද වෙයි ජනාධිපති තුමනි
Deleteචීනයේ වූහාන් වල මිනිස්සු බල්ලො, බලල්ලු වගේමැරිල වැටෙනව, එහාට ඉගෙන ගන්ඩ ගිහින්ල ඉන්න මගේ දුවව කොහොම
හරි මේ රටට ගෙන්නල දෙන්ඩ කියල. ගෝඨත් පවු අපේම ලමයිනේ කියල ඒ වෙනුවෙන්ම වෙනමම ශ්‍රීලංකන් ගුවන් යානයක්
යවල ගෙන්නගෙන උන් ඔක්කොගෙම පන බේරල දුන්න. එදා ඒ අඬපු ගෑණිගෙ දුව තමයි ගෝල්ෆේස් එකේ බැනර් එකක්
උස්සගන හිටියෙ ගෝඨ පුටුවෙන් බැහැල යනකම් මම බඳින්නෙ නැහැයි කියල.
දැන් ඒ වේසි බැඳලද දන්නෙ නෑ.
ඒ උනාට කොහොම හරි ලංකට්ටප්පුහාමි එලව ගත්ත එක ලොකු දෙයක්. ඕකා හිටියනං අර පල්ලි වල බෝම්බේ ගැහුවා වගේ ම හැම ෂෙඩ් එකේම බෝම්බ පුපුරනවා, තෙල් ඉල්ලන් එන එවුන්ට ටොපිය දෙන්න.
Deleteඌට හැම ප්‍රශ්නෙම පෙනුනේ බෝම්බ ගහලා විසඳන්න ඕන ඒවා විදියට. හැබැයි අන්තිමට ලංකට් එකත් නැතුව තමයි දිව්වේ 🤣🤣🤣
TIN TIN TIN TIN
ReplyDeleteඅල්ලස දූෂණය ,මිනීමැරුම් හොරකම් නැවැත්වීමට හැකි වන්නේ මාලිමාවට පමණි
ReplyDelete