ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම පැහැදිලි දේශපාලන දඩයමක් බවත්, එළඹෙන 12 වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ දැවැන්ත ජන රැළියේදී ඔහු විසින් සිදු කිරීමට නියමිතව තිබූ විශේෂ දේශනය ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සිදු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මෙම අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
අතීතයේ තම රජය යටතේ වුවද මෙවැනි දෑ සිදු වූයේ නම් ඒවා ද තමන් අනුමත නොකරන බවත්, දේශපාලන පළිගැනීම් ප්‍රජාතන්ත්‍රවාදී රටකට උචිත නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ අනුරාධපුර ජනහමුව අමතන බවට සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශව ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඒවා හුදෙක් පදනම් විරහිත ඕපාදූප පමණක් බවයි.
"නාමල් රාජපක්ෂ මහතා ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණෙනවා. එදාට ඔහු අනුරාධපුරයේදී ජනතාව හමුවේ තැබීමට සිටි ඒ ප්‍රබල කතාව පාර්ලිමේන්තුවේදී රට හමුවේ තබනවා. ඒ දෙස බලා සිටින්නැයි මම රජයට අභියෝග කරනවා" යැයි ද රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Namala Rajapaksa's Arrest Condemned as Political Vendetta
Rohitha Abeygunawardena, the national organizer of the Sri Lanka People's Front and a Member of Parliament, has condemned the arrest of his colleague Namal Rajapaksa as a clear political crackdown. He revealed that Rajapaksa is set to deliver a significant address in Parliament next Tuesday, a speech initially planned for a major public rally in Anuradhapura.
Speaking to the media, Abeygunawardena emphasized that such detainment is absolutely unacceptable. He noted that even during their previous administration, any similar actions were never endorsed by him, highlighting that political revenge is incompatible with democratic principles.
Responding to inquiries from journalists about circulating rumors regarding Rajapaksa's wife addressing the Anuradhapura gathering, Abeygunawardena dismissed these claims, categorizing them as baseless fabrications.
"Namala Rajapaksa will attend Parliament on Tuesday. The powerful speech he intended to deliver before the people in Anuradhapura will now be presented to the nation in Parliament instead. I challenge the government to watch for this," Abeygunawardena stated further.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පාර්ලිමේන්තුවේ කරණ කථාව වීඩියෝ කරලා පෙන්නන්ඩ රැළියෙදී, එතකොට හරි. කොහොමත් මේ කූතාඬි පාණ්ඩුව ජනතාවට එපා වෙලා ඉවරයි.
ReplyDeleteUba wena ratakada inne bn
Deleteකතාව කරපු ගමන් පැනල යනවද දන්නෙ නෑ රාබුයි බතුයි කන්න?
Deleteනැත්නං සල්ලි දීල පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාල ද යන්න ඉන්නෙ?
නාමල් රාජපක්ෂ මහතාව සැප්තැම්බර් 12 වෙනිදා රැළියට කලින් අල්ලලා හිරගත කිරීම, පිට්ටනි දෙකෙන් එකක්වත් රැළියට නොදීම, ඒ විතරක් නෙවේ 12 වෙනිදා උදේ ඉඳන් 13 වෙනිදා හවස වෙනකම්ම මුළු ප්‍රදේශයටම විදුලිය විසංදි කිරීමට කටයුතු නියමිතව තිබීම, මෙගාෆෝන්ස් පොලිස් අත් අඩංගුවට ගැනීමට කටයුතු සූදානම්ව තිබීම, නාමල් නතර කල හැකි ප්‍රායෝගික ක්‍රම නෙවෙයි. ඒ හැම දෙයක්ම අතීසාරයට අමුඩ ගැහීම් පමණයි.
ReplyDeleteනාමල් නතර කරන්ඩ බෑ. නමුත් ඔහු බලයට පත්වන කාලය, ඔහුට ඕනෑ දෙයක් කර ගන්ඩ ඉඩ දීලා බලන් හිටියා නම්, තවත් ඈතට යනවා. ඔහුව සිර ගත කලාම, ඒ දවස තවත් ලං වෙනවා, මේ දෙක අතර තියෙන බුද්ධිමය වෙනස තේරුම් ගන්ඩත් බැරි නම්, රිලව් ගැනපු ආණ්ඩුවට, මෙට්‍රෝ බස් ගෙනත් තමන්ගේ රටේම පෞද්ගලික බස් රථ ව්‍යාපාරිකයින් එක්ක හැප්පෙන්ඩ හදන ආණ්ඩුව, මෙට්‍රෝ බස් කැඩෙන්ඩ පටන් ගන්න අවුරුද්දෙදි පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ආපහු 3%ට වැටුනම, අපිට කොරන්නට දෙයක් නැත. අපි අපේ ඡන්දෙද නාමල්ට ම දෙනවා හැර වෙනත් දෙයක් කරන්නේද නැත.
මේ කොමෙන්ටුව මගේ නොවේ. මම රැකියා විරහිත නුගත් තිරිසන් ජේවීපී පාක්ශිකයෙක් මිස නාමල්ට කඩේ යන
Deleteඋඩ කමෙන්ට් දෙකෙන් එකක් මගේ නෙවේ.
Deleteඒත්, "නාමල්ට කඩේ යන ....." ඉතුරු ටික කෝ? "නාමල් ට කඩේ යන වහලෙක් නෙවේ" කියලා සම්පූර්ණ කල යුතු.තෝ වහලෙක් නිසා ඒක කියන්ඩ කට ඇරෙන් නෑ, දිව හැරෙන් නෑ, වහල්ලු එහෙම තමයි. විවෘත්ත මනසක් තියෙන මිනිස්සු වෙනස්, තෝ වහලා, සදා කල් වහලා.
නාමල් නෙමේ මොන මයින ආවත්, හොරුන්ට ආපහු මේ බිමේ ඉඩක් නොමැත .
Deleteනාමල්ට බැරි නං උඹේ චන්දෙ මහ බඹාට දුන්නත් මේ මහ පොලවේ මිනිස්සු උඹලව සත පහකට ගණන් ගණුද නොමැත.
නාමල්ගේ කෙදිරිය.තෙල්,ගෑස් පෝලිම් වල ඝාතනය වුන ජනතාවට සාධාරණයක් වෙමින් පවති
ReplyDeleteඋඹත් අනුරාධපුරේ යනවද මාලයක් දෙකක් කඩා ගෙන, තණකොළ ටිකක් කාල එන්න?
ReplyDeleteකළුතර ජනතාව රතිඤ්ඤා දැම්මෙත් නැහැ බැනර් දැම්මෙත් නැහැ නේද ?නෑ මොලයා අල්ලස් එකට යන කොට කියපු දේ රත්‍රං කලේ නැහැ නේද?
ReplyDelete