ලාංකිකයෙකු කමෙන්ට් එකකින් නබි තුමාට අපහාස කලැයි සෞදි අරාබියේදී එල්ලා ම**න්න නියෝග කරයි..


 ආගමික අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම කර ඇතැයි වාර්තා වන ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙලෙස බරපතළ දඬුවමකට මුහුණ දී සිටින්නේ අම්පාර - කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සිවරාසා අනෝජන් නමැති තරුණයෙකි. මීට පෙර යාපනයේ සිට කතරගම බලා ගමන් කළ පාද යාත්‍රාවක සුනඛයෙකුට කිසියම් පුද්ගලයෙකු කළ පහරදීමක් මුල් කරගනිමින්, සෞදි අරාබියේ සේවය කරමින් සිටි මෙම තරුණයා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා පළ කළ වීඩියෝවක් මඟින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එරට පොලිසිය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව සෞදි අධිකරණය මඟින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබූ අතර, ඊට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ නීතිඥයෙකු මාර්ගයෙන් සෞදි නැගෙනහිර කලාපීය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරිණි.

කෙසේ වෙතත්, එම අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව පෙර ලබාදී තිබූ සිරදඬුවම වෙනුවට ඔහුට මරණ දඬුවම නියම කළ බවට නීතිඥවරයා විසින් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාචිකව දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

මෙම තීන්දුවේ නෛතික පදනම සහ නිල තොරතුරු තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞදි අධිකරණ බලධාරීන්ගෙන් නිල ලිඛිත තීන්දුව අපේක්ෂාවෙන් පසුවේ.

එමෙන්ම, කොළඹ පිහිටි සෞදි තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරියා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, දඬුවම දැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ සහ අනෝජන්ගේ පවුලේ දැඩි කනස්සල්ල පළ කර තිබේ.

මෙම තීන්දුවට එරෙහිව මාසයක (දින 30ක) කාලයක් ඇතුළත සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිමය අවස්ථාව පවතින බැවින්, අදාළ කාලසීමාව තුළ එම පියවර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනෝජන්ගේ ඥාතීන් සමඟ එක්ව අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියි.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, අදාළ තරුණයා ශ්‍රී ලාංකිකයෙකු බැවින් ඔහුව බේරාගැනීම රජයේ වගකීමක් බවත්, තානාපති කාර්යාලය හරහා සෞදි රජය සහ උප තානාපතිවරයා සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් ඔහුට සමාවක් ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක නිරත වන බවත්ය.

තවද, මෙම සිදුවීම පදනම් කරගනිමින් මෙරට තුළ කිසිදු පාර්ශ්වයක් ආගමික හෝ වාර්ගික ප්‍රකෝපකාරී තත්ත්වයන් ඇති කිරීමට උත්සාහ නොකළ යුතු බවත්, ජාතික සමගිය හා සහජීවනය රැකගැනීමට සියලු දෙනා කැපවිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා සඳහන් කළේ පවුලේ ඥාතීන් රුපියල් ලක්ෂ දහනවයක මුදලක් ගෙවා නීතිඥ සහාය ලබාගනිමින් අභියාචනය ඉදිරිපත් කළද මෙවැනි ඛේදනීය තත්ත්වයක් උද්ගතව ඇති බවත්, ලබන සතියේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කරුණු විමසන බවත්ය.

සිය පුතු අතින් වරදක් සිදුව ඇති බව පිළිගන්නා නමුත්, ඔහුට සමාව ලබා දී ජීවිතය බේරා දෙන ලෙස අනෝජන්ගේ මව ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් හඬා වැටෙමින් ආයාචනා කර සිටියි.





Government Makes Urgent Diplomatic Moves to Save Sri Lankan Youth Facing Death Penalty in Saudi Arabia

The Sri Lankan government is intensifying diplomatic efforts at the highest levels to rescue a young man sentenced to death in Saudi Arabia on charges of religious insult. The Ministry of Foreign Affairs has confirmed that they are actively engaged in negotiations to save the life of the accused.

The individual at the center of this grave situation is 24-year-old Anojan Sivarasa from Kalmunai, Ampara. The legal troubles began following a violent incident where someone in Saudi Arabia attacked a dog during a pilgrimage from Jaffna to Kataragama, which Anojan documented and shared on social media. Subsequently, he was arrested under allegations of defaming Islam.

Initially, a Saudi court sentenced him to five years in prison and imposed a fine of three million Riyals. However, with guidance from the Ministry of Foreign Affairs, his legal representative appealed this decision to the regional appellate court in Eastern Province, Saudi Arabia.

Reports indicate that following a review of the appeal, the same court unexpectedly imposed the death penalty instead of upholding the original prison sentence. This notification was reportedly communicated verbally by legal representatives at the Sri Lankan consulate in Riyadh.

The consulate is currently awaiting an official written judgment from the Saudi judicial authorities to verify the details of this sentence and the legal grounds for the decision.

Discussions have also taken place with officials from the Saudi consulate in Colombo regarding the severity of the punishment, emphasizing the concerns of both the Sri Lankan government and Anojan's family.

In accordance with Saudi law, there remains a legal window of 30 days to present a new appeal to the Saudi Supreme Court. The Sri Lankan consulate is coordinating with Anojan’s relatives to prepare for this potential legal action within the stipulated timeframe.

Foreign Affairs Minister Wijitha Herath has made it clear that as a Sri Lankan national, the government feels a strong responsibility to protect Anojan’s life, engaging in ongoing discussions with the Saudi government and the deputy consul to seek clemency on his behalf.

Additionally, the Minister urged all parties within Sri Lanka to refrain from inciting any religious or communal tensions in light of this incident, stressing the importance of preserving national harmony and coexistence.

Parliamentarian Shanakiya Rasamanickam revealed that Anojan's family has paid over one million Rupees to secure legal representation and to lodge the appeal, highlighting the unfortunate circumstances that have emerged. He announced intentions to raise this issue in Parliament next week.

While Anojan’s mother acknowledges her son’s mistake, she is pleading with the authorities, including the President, for mercy to save her son's life.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

18 Comments

  1. පතිරණ ගලප්පත්තිSeptember 18, 2026 at 10:15 PM

    අපේ ජනාධිපතිතුමාට පත බෑවෙන ලෙඩ. සෞදි අරාබියේ වුණ නිසා අඩු ගානේ දැන ගන්ඩවත් පුළුවන්. ඉරානයේ ඔය වගේ දඬුවම් වලට ඕනෑ තරම් මිනිස්සු (ඉරාන වැසියන් ඇතුලුව, විදෙස් අයවලුන් පමණක් නෙවේ) ලක් වෙනවා.

    හැබැයි ඒකට ඇමරිකාවේ. ඔන්නම් වොෂිංටන් ඩී.සී. වලට ගිහින් ධවල මන්දිරය ඉස්සරහා හිටගෙන ජේසු තුමාට බණින්ඩ පුළුවන්, බල්ලෙක් වත් ගණන් ගන් නෑ, බාධාවක් කරන්නෙත් නෑ. ඇමරිකන් කාරයෝ ඕනෑ තරම් සමාජ මාධ්‍ය වල විවිධ අදහස් පතුරුවනවා.

    එංගලන්තයේ මහාචාර්ය රිචර්ඩ් ඩෝව්කින්ස් ප්‍රසිද්ධ දේශණ පවත්වනවා මැවීම් වාදය පතුරු ගසමින්. ඒ රටවල් වල නිදහස තියෙනවා.

    ලංකාවේ අඩු ගාණේ විද්‍යාව පෙළ පොතට මානව පරිණාමය ගැන එක පරිච්ඡේදයක් ඇතුලත් කරන්ඩ දෙන් නෑ සංහිඳියාවට බාධා වෙනවා කියලා. ඒකටම හරි යන සිංහලයො ටිකකුත් ඉන්නවා, ඉරානෙට ගහනවට විරුද්ධ වෙනවා, ට්‍රම්ප් ට බණිනවා. ඇමරිකාව ඉරානෙන් කන කම් බලන් ඉන්නවා. ඉරානේ දිනුවොත් හරි යයි, සිංහල ලංකාවේ එවුන්ටත් සුන්නත් කරගෙන ඔලුව වහගෙන ගඳ ගගහා දාඩිය දාගෙන ඉන්ඩ තියෙන්නේ, අවසානයේ දී, පුක උඩ දාගෙන අල්ලාහ් ට වැඳ වැඳ.

    ත්‍රස්ථවාදය ආගමික වුණත් (මැද පෙරදිග වගේ), බෙදුම්වාදී වුණත් (ලංකාවේ වගේ), වර්ගවාදී වුණත් (අප්‍රිකාවේ වගේ), ත්‍රස්ථවාදය, ත්‍රස්ථවාදයම තමයි. දේශපාලන නොමඟ යැවීම් වලට ලක් වෙලා ප්‍රජාතාන්ත්‍රවාදයට ගරහමින් ඉස්ලාම් ආගමික ත්‍රස්ථවාදයට කඩේ යන්ඩ එපා. .

    ReplyDelete
    Replies
    1. මචං සුදන්ත උඹ හරි හැබැයි ඔය ටික කියන්න ඕන උඹේ හැරිණි ට බිමල්ට අනුර ට

      Delete
    2. පතිරණ ගලප්පත්තිSeptember 18, 2026 at 10:29 PM

      යකෝ මාව ලැට් ෂුදා ගාණට දාන්ඩ එපා, ඔහොම ඇනලිසිස් එකක් කරන්ඩ ඔය යකාට පුළුවන් නම් බැරියෑ.

      Delete
    3. පතිරෙන තිලීපන් සැමරුමට ගියෙ නැද්ද? අර්ජුනාව හිරේට දාල ඔය කොල්ල බේර ගමු….

      Delete
    4. පතිරණ තෝ වගේ පකිස් බූරුවෝ හින්දා නේ මේ අතීතයේ ත්‍රස්තවාදී කංඩායමක් රට පාලනය කරන්නේ.තෝ නිදහස් භාෂණය කොච්චර අගේද කියන එකා ඒ හින්දද කට ඇරියොත් හැම එකාම අපහස කලා කියා හිරේ දාන්නේ.තෝ කකියන දේ තේරුම තෝම දන්නේ බෝන් එගේන් සුදන්තයෝ

      Delete
    5. පතිරණ ගලප්පත්තිSeptember 19, 2026 at 6:56 AM

      අතීතයේ ත්‍රස්ථවාදී වුණාට ප්‍රශ්ණයක් නෑ, වර්ථමානයේදී ප්‍රජාතාන්ත්‍රවාදී නම්. ඇෆ්ඝණිස්ථානයට ඇමරිකාවයි, නේටෝ එකයි ගැහුවේ තලේබාන් සංවිධානය ත්‍රස්ථවාදී කටයුතු කරපු යුගයේ, ඒ තලේබාන් එකටම ආපහු ඇෆ්ඝණිස්ථානය භාර දුන්නා, අලුත් පරම්පරාවක්, දැන් උන් ත්‍රස්ථවාදීන් නෙවේ, කලින් තලේබාන් බුදු පිළිම කුඩු කලා, දැන් ඒ තලේබාන් ම ඒවා ඓතිහාසික දේවල් හැටියට සංරක්ෂණය කරණවා, විදේශ විනිමය උපයනවා. අංගුලිමාලත් එහෙමයි, අතීතයේ වැරදි කලා, පසුව හරි මඟට ආවා. තව ඕනෑ තරම් ප්‍රසිද්ධ කථා තියෙනවා, අතීතයේ කල දේවල් අදාල නෑ වර්ථමානයේ කටයුතු කරණ විදියෙන් තමයි වර්ථමානය පදනම් වෙන්නේ, ඒ පදනම මත තමයි අනාගතය නිර්ණය වෙන්නේ.

      Delete
  2. ඕන් ලපයාට වැඩක්.

    ReplyDelete
    Replies
    1. සෞදි අරාබිය කියන්නෙ ම්ලේච්ඡයන්ගෙ රටක්. හරක් කොටාව මසට ගන්නව ඕකුන්

      Delete
  3. Saudi කියන්නේ ම්ලේච්ඡ සංස්කෘතියක් තිබෙන ම්ලේච්ඡ මිනිස්සු ජීවත් වෙන රටක් මේවට අපේ මිනිස්සු යවන එක නවත්වන්න කිසිම පාළකයේක් කටයුතු කෙරු වෙ නෑ.
    මේ ම්ලේච්ඡ යෝ me රටේ ප්‍රධාන ආගමවන බුදුදහමට FB ඒකෙන් කරන අපහාස වලට ඔය විදියට දඬුවම් දුන්නා නම් මේ වෙන්කොට දහස් ගාණක ට මරණ දඬුවම දීලා.කොහොමත් me muslim අය බල්ලන් එක්ක තරහයි පහුගිය කාලේ kurunegala බල්ලන්ට වස දීලා මැරුවේත් මුස්ලිම් දෙන්නේක් අමෙරිකාවේ එංගලන්තේ බල්ලන් පාරේ අරගෙන යන සුද්ද න් ට ප්‍රහාර දෙන video youtube එකෙ තිබෙනවා me අයට අන් මත ඉවසන්නබෑ .

    ReplyDelete
  4. මැවුම්කරුවෙක් සිටිනවා යැයි අදහන සියලු දෙනාම පව්.... මුලින් බය කරපුවහම ඒකෙන් ගැලවෙන එක ලේසි නෑ...

    ReplyDelete
  5. නිකන් හිතන්ඩ..... කොහේවත් දැකලවත් නැති දන්නෙවත් නැති මනුස්සයෙක්ව ත් අපිව මැව්වා කියලා හිතාගෙන ඒ මනුස්සයා වෙනුවෙන් දෙනෝ දාහක් මරලා දානවා මොනතරම් පවුද

    ReplyDelete
  6. ලන්කාවේ ඉස්ලාම් ආගමට අපහාස කරොත් හිරේ යන්න වෙනවා, අරබියෙදී කිව්වොත් මැරෙන්න වෙනවා. ඒ උනාට ලන්කාවේ ජෙප්පො කොච්චර බුද්ධාගමට බනිනවද? අන්න අපේ ආගමේ වෙනස.

    ReplyDelete
  7. අන්තවාදී ත්‍රස්තයන් වහා පිටුවහල් කරනූ,.!September 18, 2026 at 11:01 PM

    පාස්කුප්‍රහාරය ඇතුළු ත්‍රස්ත ක්‍රියාන් සිදුකරනා ලංකාව ආක්‍රමණය කර ඇති අල් ටකියාවේ සියළු ලෝගු ත්‍රස්තයන් වහා පිටුවහල් කරනූ,.!
    අන්තවාදී ත්‍රස්තයන්

    ReplyDelete
  8. ඉස්ලාම් ආගම හදලා තියෙන්නෙ දරදඬු විදිහට මිනිස්සු පාලනය කරන්න. ඇත්තටම ඒක නීතියක්. ඒ නිසා ආගමට අපහාස කෙරුවොත් මරණ දඬුවම දෙනවා. ඒක හරියට ලංකාවේ උසාවියට අපහාස කෙරුවොත් අවුරුදු පහකට හිර දඬුවම දෙනවා වගේ තමයි. සවුදියට මරණ දඬුවම දීම සුලු දෙයක්.

    ReplyDelete
  9. අල්ලාහු අක්බර්… ආමේන් …. දෙවියෝ ඉන්නවෝ…. සපුමල් මවපු කරදමුනි දෙයියත් ඉන්නවෝ….. නෑ කිව්වොත් මරනවෝ….. 😜

    ReplyDelete
  10. ෆෙස්බුක් එකේ වීරයො වෙන්න ක්ලින් හිතන්න ඕන තමන් ඉන්නෙ ලංකාවෙ නෙවේ උන්ගෙම අගුපිලේ කියල.

    ReplyDelete
  11. හම්බ නීති පැත්තකින් තියලා .. දියුණු යි කියන රටේ මිනිස්සු රට රට වල කුළිකරනව .. රටින් බාස්ලා 10000 ක් ගෙන්න ඉන්නේ 😃😃😃

    ReplyDelete
Previous Post Next Post