මහරගම CT Simulation යන්ත්‍රය අක්‍රියයි.. රෝගීන් දහසක් අසරණයි.. පෞද්ගලික අංශයේ ගාස්තුව ලක්ෂ දාහතක්...


 ප්‍රධාන පිළිකා රෝහලේ ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන CT Simulation සේවාව පසුගිය අප්‍රේල් මස 28 වන දින සිට නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, Radiation therapy අපේක්ෂාවෙන් පසුවන පිළිකා රෝගීන් දැඩි ප්‍රමාදයකට මුහුණ දී සිටිති.

මේ හේතුවෙන් රෝගීන් 1,000කට අධික පිරිසක් මේ වන විටත් ප්‍රතිකාර ලබාගැනීමේ පොරොත්තු ලැයිස්තුවට එක්ව ඇති බව පෙන්වා දෙන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, මෙම අර්බුදය කෙරෙහි රජයේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව අවධාරණය කරයි.

'සීටී සිමියුලේෂන්' යනු විකිරණ චිකිත්සාව ආරම්භ කිරීමට ප්‍රථම, සීටී ස්කෑන් (CT Scan) යන්ත්‍රයක් භාවිත කරමින් විකිරණ ලබාදිය යුතු නිශ්චිත ප්‍රදේශය සිතියම්ගත කරනු ලබන විශේෂිත සැලසුම් ක්‍රියාවලියකි.

රේඛීය ත්වරණ (Linear Accelerator) යන්ත්‍ර මගින් ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා මෙම ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වන්නේ, ඒ හරහා පිළිකා සෛල පවතින නිශ්චිත ක්ෂේත්‍රය වෙත පමණක් විකිරණ එල්ල කිරීමටත්, අවට ඇති නිරෝගී පටකවලට සිදුවන හානිය අවම කර ගැනීමටත් විශේෂඥ වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙන බැවිනි.

කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් 28 වන දින සිට මෙම සේවාව ඇණහිට ඇති බව වාර්තා වන අතර, ඒ හේතුවෙන් ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ මත යැපීමට බලධාරීන්ට සිදුව තිබේ.

එහෙත් මෙය 'සීටී සිමියුලේෂන්' ක්‍රමවේදය සඳහා භාවිත කළ හැකි ප්‍රශස්ත හෝ නිර්දේශිත විකල්පය නොවන බවත්, එමගින් රෝගීන්ට නියමිත වේලාවට විකිරණ චිකිත්සාව ලබාදීමේ ක්‍රියාවලිය තවදුරටත් සංකීර්ණ විය හැකි බවත් වෛද්‍ය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ හේතුවෙන් රෝගීන් 1,000කට වැඩි පිරිසක් අවශ්‍ය ප්‍රතිකාර සැලසුම් සකස් කරගැනීමට නොහැකිව දිගු පොරොත්තු ලැයිස්තුවක රැඳී සිටින අතර, එම ප්‍රමාදය රෝගීන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කළ හැකි මට්ටමේ බරපතළ අවදානමක් නිර්මාණය කර ඇති බවටද දැඩි කනස්සල්ලක් මතුව ඇත.

මෙම ක්‍රියාවලිය පෞද්ගලික අංශයේ රෝහල් මගින් සිදු කරගැනීමට උත්සාහ කරන රෝගීන්ට, අවශ්‍ය සේවාවන්හි ස්වභාවය අනුව රුපියල් 500,000 සිට මිලියන 1.7 (රුපියල් දාහත් ලක්ෂය) දක්වා වූ අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර, එය සාමාන්‍ය පවුල් බොහොමයකට දැරිය නොහැකි මට්ටමේ මුදලකි.

මීට අමතරව, Linear Accelerator යන්ත්‍රවල පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන්ද විකිරණ ප්‍රතිකාර ලබාගැනීමේ පොරොත්තු ලැයිස්තුව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

රෝහලේ දැනට ස්ථාපිත කර ඇති එවැනි යන්ත්‍ර 5 අතුරින් යන්ත්‍ර 2ක්ම මේ වන විට අක්‍රිය තත්ත්වයේ පවතින බව වාර්තා වන අතර, එමගින් රෝගීන්ට කඩිනමින් සහ නියමිත කාලෝචිත පරිදි ජීවිතාරක්ෂක ප්‍රතිකාර සැපයීමට ඇති හැකියාව දැඩි ලෙස සීමා වී ඇත.





Patients Face Long Delays in Radiation Therapy Due to Inactive CT Simulation Service

Since April 28, the essential CT Simulation service at the main cancer hospital has been out of operation, causing significant delays for patients awaiting radiation therapy. More than 1,000 patients are currently on the waiting list for necessary treatments, highlighting the urgency of the situation, as pointed out by Dr. Chamale Sanjeewa, president of the medical and civil rights professional association.

CT Simulation is a critical pre-treatment process that maps out specific areas for radiation therapy using a CT scanner. This step is crucial for patients receiving treatment through a Linear Accelerator, allowing specialists to focus radiation precisely on cancerous cells while minimizing damage to surrounding healthy tissues.

However, reports indicate that this vital service has been suspended since late April. As a result, authorities have been compelled to rely on PET Scan assessments for treatment planning, which are not viable substitutes for the CT Simulation procedure. This reliance might further complicate timely treatment delivery for patients, as warned by medical insiders.

The backlog of over 1,000 patients unable to have their treatment plans established poses a serious threat to their health and well-being. There is growing concern that prolonged delays can have dire consequences for patients’ lives.

For those seeking treatment in private hospitals, the cost can be exorbitant, ranging between 500,000 to 1.7 million Sri Lankan Rupees, unaffordable for most families. Furthermore, technical issues with the Linear Accelerator machines have also contributed to an increased waiting list for radiation therapy.

Currently, out of five such machines installed at the hospital, two are reported to be inactive, severely restricting the ability to provide life-saving treatments in a timely manner.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. Ohh.......... Takaran (steel roofing sheets) epa.epa....... maker hadala deepiyaw..

    ReplyDelete
  2. මිරි ලූඩ්ස්ට කිව්වනං එකක් ගෙනත් දෙයි 🤣

    ReplyDelete
  3. සේරම එක පාර ගේන්නේ, අර machine ලිස්ට් එකට එකතු කරන්න
    .
    ඕව සුළු දේවල ]

    ReplyDelete
  4. ලස්සන රටක්, පොහොසත් හෙටක්... අද නෙවෙයි හෙට හලෝ හෙට....

    ReplyDelete
  5. පුනරුදය කරා යන ගමනේදී මෙවැනි අතපසුවීම් දරාගැනීමට හැකි වීම ප්‍රබුද්ධ බවේ අත්‍යවශ්‍ය ලක්ෂණයකි.

    ReplyDelete
Previous Post Next Post