‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය බැංකු ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව, ඇයගෙන් අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය මෙම ගිණුම හරහා සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් යහපාලන රජය සමයේදී පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු තිදෙනෙකුගේ නමින් යුත් බද්ධ ගිණුමක් ලෙස රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ මෙම ගිණුම විවෘත කර තිබූ බව අනාවරණය වී ඇත.
එහිදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස ව්‍යාජ අංකයක් සඳහන් කර තිබූ බවට ද විමර්ශනවලදී හෙළි විය.
එමෙන්ම මෙම ගිණුම ඔස්සේ සැකකටයුතු මූල්‍ය ගනුදෙනු රැසක් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, මීට ඉහතදී ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
Former President Shiranti Rajapaksa to Provide Statement on Alleged Financial Irregularities
The Attorney General has directed the Police Financial Crimes Investigation Division to record a statement from former President Arya Shiranti Rajapaksa in connection with alleged financial irregularities associated with an account operated under the name "Siriliya."
Authorities have confirmed that arrangements are being made for the police to obtain her statement regarding this matter.
The account in question, operating during Mahinda Rajapaksa's presidency, became the focus of a comprehensive investigation launched by the good governance administration amid concerns over the financial misconduct tied to it.
Revelations indicate that this account was opened at a state bank's Suduwella branch under the names of Shiranti Rajapaksa and two others.
Investigations have also unearthed that a fraudulent national identification number was used in reference to Rajapaksa's identity within this account.
Furthermore, significant suspicious financial transactions have reportedly taken place through this account, prompting the police to gather insights from Rajapaksa earlier regarding these activities.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
