එක පෑන් පාරින් වරාය අධිකාරියේ MD ඉවත් කරයි..


 වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ගණක හේමචන්ද්‍ර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මගින් මෙම තීරණය දැනුම් දී ඇති අතර, ඒ අනුව හේමචන්ද්‍ර මහතාට සිය තනතුරෙන් වහාම ඉවත් වන ලෙස දන්වා ඇත.

වත්මන් ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසු වරාය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ගණක හේමචන්ද්‍ර මහතා මෙම තනතුර සඳහා පත් කරන ලදී.

කෙසේ වෙතත්, ඔහුට එරෙහිව වරාය වෘත්තීය සමිති රැසක් විසින් බරපතළ චෝදනා රැසක් එල්ල කර තිබුණි. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය වරායේ තිබූ නියමු යාත්‍රාවක් අක්‍රමවත් ලෙස භාවිත කරමින් රුපියල් කෝටි 20කට අධික මූල්‍ය පාඩුවක් රජයට සිදු කළ බවට ඔහුට එරෙහිව චෝදනාවක් එල්ල විය.





Director of Port Authority Dismissed Amid Serious Allegations

The government has swiftly moved to remove Ganaka Hemachandra from his position as the executive director of the Port Authority. This decision comes as a direct result of significant accusations leveled against him by various port trade unions.

In a letter issued under the signature of Minister Anura Karunatilaka, Hemachandra has been instructed to vacate his post immediately.

Hemachandra was appointed to this role by the Minister of Ports and Civil Aviation, Wijitha Herath, following the rise of the National People’s Power government.

However, he has faced serious allegations, including claims of causing over 200 million rupees in financial losses to the government through the illicit operation of a permanent vessel at the Trincomalee port.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ඇමතිගේ නෑදැයෙක් දාගන්න ගහපු ගෙමක්නේ...මුත් ජම්පර් අඳින්න ලැහැස්ති වෙන්න වේවි

    ReplyDelete
  2. 😂😂 ඔය ඉතින් කුඩු කන්ටේනර් .. කොටින්ගේ ආයුධ කන්ටේනර් පන්නන්න .. ඇබිත්තයෙක් දාගන්න තමා

    ReplyDelete
Previous Post Next Post