දේපළ වෙළඳාම් සමාගමකට රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත කෑගල්ල නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන කසුන් මධුසංඛ බණ්ඩාර මහතා ලබන සැප්තැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
අදාළ දේපළ වෙළඳාම් සමාගම විසින් මන්ත්‍රීවරයාට එරෙහිව පවරා ඇති නඩුවට අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ "කබානා" ව්‍යාපෘතියකට අදාළ කොන්ත්‍රාත්තුවක් නියමිත කාලසීමාව තුළ අවසන් නොකිරීම හේතුවෙන් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක (රු. 26,000,000) මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
ගිවිසුම් ප්‍රකාරව කබානා 18කින් සමන්විත මෙම ව්‍යාපෘතිය පසුගිය පෙබරවාරි මස 11 වනදා වන විට අවසන් කර භාර දිය යුතුව තිබුණ ද, මන්ත්‍රීවරයා විසින් නිම කර ඇත්තේ කබානා 14ක් පමණක් බව වාර්තා වේ.
නියමිත දිනට ව්‍යාපෘතිය අවසන් නොකිරීමෙන් තමන්ට සිදු වූ දැවැන්ත මූල්‍ය පාඩුව සම්බන්ධයෙන් අදාළ සමාගම විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, සැකකරු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.
Cabinet Minister Ordered to Remain in Custody Over Allegations of Fraud
Kasun Madhusankha Bandara, a representative of the National People's Power in the Kamgalla Urban Council, is set to be held in remand custody until September 9 following allegations of substantial financial misconduct involving a real estate trading company.
This directive was issued by the Kandy Magistrate's Court after the Central Criminal Investigation Department presented the minister before the court. The allegations stem from a lawsuit initiated by the real estate company against the minister, claiming a fraud amounting to Rs. 26 million related to the "Kabana" project operating in the Kegalle District.
According to the contract, the Kabana project, consisting of 18 units, was supposed to be completed and handed over by February 11 of this year. However, reports indicate that the minister only managed to finish 14 units.
The failure to finalize the project by the stipulated deadline resulted in considerable financial losses for the concerned company, which subsequently sought legal action. Further investigations into the matter are currently ongoing, and the suspect will remain in custody until the specified date.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඩෝබි උන්නැහේලා වහාම සේවයට වාර්තා කරන්න.
ReplyDeleteපතිරණ ගලප්පත්ති
ReplyDeleteනිවාඩු කැන්සල්
වහාම සේවයට වාර්තා කරනු!
කලබල වෙන්ඩ එපා, තව ටික දවසකින් ඕක ගෙවල දායි. පොඩිපහේ මතක අමතක වීමක් වෙන්ඩ ඇති.
Deleteරාජකාරි වැඩත් වැඩි ඇතිනෙ මේ දවස්වල. රට හොඳ පැත්තට ගමන් කොරන කොට ඔයවගේ සුලු සුලු
අතපසුවීම් වෙනඑක සාමාන්‍යයි
ඈ මල්පැලයක් නේද?
ReplyDeleteඅනුන්ට හොරු කියපු උන්ගේ කීවෙනි හොරාද මේ වාර්තා වෙන්නේ .. අවුරුදු 2 ක් නෑ .. මුන් හොරු නෙමේ අම්බ හොරු ..
ReplyDeleteඅපරාදෙ මේ වලව් හිගන්නොන්ව සනසන්න අනුරට තිබ්බෙ හෙලිකොප්පරෙන් උගෙ ගෙදරට හිහිල්ල ඌව බදාගන්න..එතකොට අත් අඩංගුවට ගන්නෙ නෑනෙ... අර බොලාගෙ මයින හාමු වගේ.
ReplyDelete