පරණ බනිස් කැවුවාට සොරි.. ආයිත් එහෙම කරන්නෑ.. P&S රටෙන්ම සමාව අයදී...


කොළඹ, ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි සිය අලෙවිසැලේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සමාගම සිය බලවත් කනගාටුව පළකර ඇති අතර, එවැනි තත්ත්වයන් යළි ඇතිවීම වැළැක්වීම සඳහා දිවයින පුරා පිහිටි සියලුම අලෙවිසැල්වල තත්ත්ව පරීක්ෂාවන් දැඩි කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනය කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ, පාරිභෝගිකයන් තම ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසය මැනවින් හඳුනන බවත්, මෙම සිදුවීම සිය පාර්ශ්වයෙන් සිදු වූ සැබෑ දෝෂයක් බවත්ය. මෙවැනි අතපසුවීමක් කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූ බව ද එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත.

අදාළ සිදුවීම කෙසේ සිදුවූයේද යන්න පිළිබඳව මේ වන විටත් දැඩි අවධානය යොමු කර විමර්ශනය කරමින් සිටින බව පවසන එම සමාගම, අදාළ අලෙවිසැලේ පමණක් නොව සමස්ත දිවයින පුරා පිහිටි සියලුම පී ඇන්ඩ් එස් (P&S) අලෙවිසැල්වල පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.

විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනවල කල් ඉකුත්වීමේ දින වඩාත් විමසිලිමත්ව හා සුපරීක්ෂාකාරීව පරීක්ෂා කිරීම තහවුරු කිරීමට සිය සේවක කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවද සමාගම පෙන්වා දෙයි.

පාරිභෝගිකයන් වෙත වඩාත් නැවුම් සහ ස්වාභාවික ආහාර ලබාදීමේ අරමුණින්, තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තබාගන්නා කාලසීමාව (Shelf-life) කෙටි මට්ටමක පවත්වාගෙන යාම සමාගමේ ප්‍රතිපත්තියක් බවත්, එම හේතුවෙන් නිෂ්පාදන අඛණ්ඩව අධීක්ෂණය කිරීමේදී වඩාත් ඉහළ අවධානයක් යොමු කළ යුතු බවත් සමාගම පවසයි. මෙම අවස්ථාවේදී රාක්ක නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියේදී එවැනි අතපසුවීමක් සිදුව ඇති බව ඔවුන් විවෘතව පිළිගෙන තිබේ.

තවද, මෙම සිදුවීම හෝ සේවාවන් පිළිබඳව කිසියම් ගැටලුවක් හෝ අදහස් දැක්වීමක් වෙතොත්, විද්‍යුත් තැපැල් ලිපිනයන් හෝ දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික සත්කාරක අංශය හා සම්බන්ධ වන ලෙස පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනය පාරිභෝගික ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.






P&S Corporation Responds to Incident at Colombo Retail Outlet

Pereira & Sons (P&S) has expressed profound regret over a recent unfortunate incident that occurred at their retail store located on St. Benedict's Mawatha, Colombo. The company has announced measures to intensify inspections across all its outlets nationwide to prevent any recurrence of such conditions.

In a formal statement, P&S emphasized its commitment to customer trust, acknowledging that this incident represents a genuine failure on their part. They highlighted the gravity of the situation, stressing that such occurrences should never have happened.

While investigations into how the incident transpired are ongoing, the company is taking steps to reinforce examination procedures not only at the affected outlet but also across all P&S stores throughout the country.

P&S has assured that its teams are cooperating closely to meticulously monitor the expiry dates of food products. Their policy aims to maintain a short shelf-life for products to ensure delivery of the freshest and most natural foods to their customers.

Openly admitting to the oversight during shelf monitoring, the company reiterated the importance of regular product checks. They have invited customers to connect with their customer care division via email or phone if they have any questions or concerns related to this incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. මිණිස්සුන්ට පරණ බනිස් කවල දැන් සොරි කිව්වට හරියන්නෙ නෑ ගොනෝ.

    ReplyDelete
    Replies
    1. අපි නම් අවුරුදු 20ක විතර ඉඳන් P & S එකෙන් දිනපතා කෑම කනවා. ඒත් එහෙම ඒව නම් අහු වෙලා නැහැ. සමහර outlet වල ඉන්න උන් නොසැලකිලිමත්කම නිසා මෙහෙම වාර්ථා වෙනවා නම්, ඒ outlet වල අයගේ agreements cancel කරන්න තියෙන්නෙ.

      Delete
    2. බඩේ අමාරුවක් නැතිව අවුරුදු 30 ක් තිස්සේ කෑම කන PS එක බොරු ගොතලා වසවලා වෙන්නේ මොකද ? නාන කෙනෙක්
      අයිතිය තිබෙන කලින් සිංහල මිනිහෙක් කරපු කර වෙච්චි Van වලට යන්න. උන් කොච්චර කපටි ද කියනවා නම් අත්තිඩිය පේ එකට අල්ලපු කඩේ මුන් ගත්ත දවසක් වැරදිලා මම ගියා කෑම අරගෙන කනකොට තමයි තේරුනේ .සිංහල business වට්ට වන්න පුංචි සිද්දි අල්ලාගෙන ලොකු මෙහෙයුමක් යනවා

      Delete
    3. P & S එකෙන් කන්නෙ නැති උන් නොකා ඉඳපල්ලා. අපි නම් දිගටම ඒකෙන් කනවා. එච්චරයි.

      Delete
  2. හුඟ කලකට කලින්, නවලෝකෙ ලඟ පෙරේර එකෙන්, මටත් දුන්න කුණු වෙච්ච රෝල් එකක්.

    ReplyDelete
    Replies
    1. මුන් තමා එක කට්ටියක් ගෝල්ෆේස් අරගලේට ගිය හැත්තට නොමිලේ කෑම දීපු. උන්ටත් දෙන්ඩ ඇති පරන බනිස්, පරන රෝල්ස් එහෙම.
      අරගලේට ගිය එවුනුත් තලු මරමර කන්ඩ ඇත්තෙ ඒ ජරාව තමා.

      Delete
    2. අරගලේට කොහේද බං මේවගෙන් කෑම ගෙනාවෙ? අරගලේට ගෙනාවේ තනිකරම කො‍ටුවෙන්. කො‍ටුවේ කුණු කෑම තමයි සාමාන්‍ය උන්ට දුන්නේ. ලොකු ඩයල් වලට නම් හෝටල් වලින් සප්ලයි කරන්න ඇමරිකන් ඇම්බසි එකෙන් බිල් ගෙවලා තිබුනා. මෙහෙමයි ඉතින් ඕඩර් එකක් ආවොත් කාටද කියල වෙන් කරන්නෙ නැතුව කෑම දෙනවනේ කොහෙන් උනත්.

      Delete
    3. ජීවන්ත පීරිස්September 12, 2026 at 2:24 AM

      අරගලේට ආපු කුඩුකාරයන්ට මමත් බනිස් සප්ලයි කෙරුව, අර නමට විතරක් කන්‍යා කන්‍යාසොහොයුරියන්ගෙ බනිස්.

      Delete
  3. සිංහලයන්ගේ බිස්නස් වලට ගහන එකේ අලුත්ම වින්දිතයා පෙරේරා ඇන්ඩ් සන්ස් වෙලා වගේ. දේශපාලනේකට අත ගහන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් පලි ගන්න එක නම් මහ පාහර වැඩක්.

    ReplyDelete
  4. දැන් ඉතින් රට පුරා අනිත් බේකරි කාරයො ටික මුන්ව මරාගෙන කන්න හදාවි. උන් විකුණන ඒවා මාස ගනන් පරන ජරාව. ගියොත් කන්න පුලුවන් කෑමක් නැහැ. බන් වර්ග නිකන් කන්නම බැහැ. හොඳි පොඟවන් කන්න ඕන, එච්චරට හයියයි. සාධාරණ ගානකට රසට විශ්වාසෙන් කන්න පුලුවන් තැනකට තියෙන්නෙ රටටම මේකයි Fab එකයි විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මුන්ගේ හලාල් තර්ජනය ට බිය නොවි pork කෑම දෙන ග්‍රීන් කැබින් එක . මුන් කිව්වාලු පෝක් දෙන එක නෑවතුවේ නැති නම් කඩේ වර්ජනය කරනවා කියලා අයිති කරයට ඒ මනුස්සයා කිව්වාලු කමක් නෑ කියලා අන්න මිනිස්සු එහෙම බැලුවා ම PS එකේ Beef තියෙනවා Pork නෑ ඇයි ඒක ජාතියක් විශේෂ ද?

      Delete
  5. මාලිමාවට කලට වෙලාවට කප්පම් ගෙවල ඉඳපන් පෙරේරා.
    බලපන් කො‍ටුවෙ තියෙන කෑම කඩ. සමහර රෝල්ස් පැටිස් එහෙම හදන්න ගන්න ඇත්තෙ රනිල් ජනාධිපති වෙලා ඉන්න කාලෙ.
    කො‍ටුවෙ තම්බි කඩ වල කුකුල්ලු බැදලා ඉන්නවා එකම කුකුලා මාස ගනන් එකම තැන.

    ReplyDelete
  6. Perera and sons කෑම හොදයි. නමුත් සමහර තැන්වල ඉන්න සෙවකයො මේ පරන ඒවා දෙන්නේ. නවලෝකෙ ඉදිරිපිට තියෙන අවුට්ලෙට් එකෙත් අලුත් කේක් තියෙද්දි පරන එකක් දුන්නා. මේවා අදීක්ශනය කල යුතුයි. බොරුවට මඩ ගහල මේ ආයතන වට්ටන්න එපා. අර මිස්ට කොත්තු වගේ වැඩ බැරි උන්ට කනට ගහල එලවන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්, මමත් කිව්වේ නවලෝකෙ ළඟ පෙරේර එකේ අයගෙ වැරැද්දක් ගැන විතරයි. පොදුවේ පෙරේරා සන්ස් කෑම හොඳයි.

      Delete
  7. FAB eka itha hodai thama chorawela naaa godak parana ekak but P&S mul kale itha hodai but afster that anthima narakai outlet wadi dmad eka wadi una supply eka wadikaranda jara kama minissunta dunna kohomath P&S warjanya kalauthumai mokada oke prodution eke kenek ma thami kiwwe samaharak kama hadana widiya saha cake udin RATs la duwana widiya saha rat kapu cake nawatha icing karala destribute karana widiya please P&S kama kanda epa marenda one nam ikmanata eken kanda echcharai

    ReplyDelete
Previous Post Next Post