ජනතාව වෙත ලබාදුන් පොරොන්දු අතරින් හොඳම පාසල, හොඳම රෝහල මෙන්ම හොඳම බස් රථය ලබාදීමට වත්මන් රජයට තවමත් නොහැකි වී ඇතැයි නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවති ගොවි ජන රැළිය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මෙසේද පැවසීය.
"හොඳම පාසල, හොඳම රෝහල සහ හොඳම බස් රථය ජනතාව වෙත ලබාදීමට අපේ රජයට තවමත් හැකිවී නැහැ. එහෙත් මෙම රජය ජනතාව අත්හැර දැමීමට බලයට පත් වූ ආණ්ඩුවක් නොවන බව අප පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඉදිරි වසර තුන හතර ඇතුළත එම සියලු පොරොන්දු සහ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ජනතාවට සැබෑ ජයග්‍රහණ අත්පත් කරදීමට අප රජය කැපවී ක්‍රියා කරනවා." යැයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
Government Pledges to Fulfill Promises of Quality Education, Healthcare, and Public Transport
The current government has yet to deliver on promises to provide the best schools, hospitals, and public transportation, according to T.B. Sarath, the Deputy Minister of Housing and Urban Development.
Speaking at a farmers' rally in Polonnaruwa, led by President Anura Kumara Dissanayake, Sarath addressed the concerns of the populace regarding the government's commitments.
He emphasized, "We have not yet been able to provide the best schools, the best hospitals, and the best buses to the public. However, I want to make it clear that our government is not a regime that has abandoned the people. We are dedicated to fulfilling all these promises and addressing the needs of the citizens within the next three to four years, ensuring true victories for the public."
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බීඩියෙ අයිස් ද?
ReplyDeleteLANGAMA පාසල
DeleteWAHAPAU පාසල
Boruwa vitharak laba deela thiyanawa
ReplyDeleteදීලා තියෙන සැපයි පචයි හොඳටම ඇති, වෙන ඕන නෑ.
ReplyDeleteනොකළ දේවල් තව ගොඩක් තියෙනවා. බස් පන්සියයක් ගිනි තබා විනාශ කිරීම සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන දෙසීයක් ගිනි තබා විනාශ කිරීම මෙන්ම අහිංසක ජනතාව හැට ලක්ෂයක් මහ දවල් පරලොව යැවීම ප්‍රධාන ඒවා
ReplyDelete