රුසියාව සමඟ පවතින යුද්ධය යුක්රේනයට අවාසිදායක වන අයුරින් නිමා කරමින්, රුසියානු කොන්දේසි හමුවේ යුක්රේනය කොන්දේසි විරහිතව යටත් කරවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සැලසුම්සහගතව පියවර ගනිමින් සිටින බවට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි බරපතළ චෝදනාවක් එල්ල කර ඇති බව ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
Bloomberg පුවත් සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති සෙලෙන්ස්කි ප්රකාශ කර ඇත්තේ, යුක්රේනය මෙල්ල කර යටත් කරවීමේ අරමුණින් වොෂින්ටනය විසින් පියවර ගණනාවක් ගෙන ඇති බවයි.
"යුක්රේනය බිලිදී යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට වොෂින්ටනයට අවශ්ය බව මම විශ්වාස කරන්න කැමති වුණේ නැහැ. නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ එයම බව පැහැදිලියි" යනුවෙන් යුක්රේන නායකයා එහිදී අවධාරණය කර තිබේ.
ජනාධිපති ට්රම්ප් සහ සෙලෙන්ස්කි අතර සබඳතා පෙර නොවූ මට්ටමකින් පිරිහී ගොස් ඇති අතර, දෙපාර්ශ්වය අතර දැඩි වචන හුවමාරුවක්ද නිර්මාණය වී තිබේ.
ට්රම්ප් තුළ ඒකාධිපතියන් කෙරෙහි සහජයෙන්ම පවතින ආකර්ෂණයක් ඇති බවට සෙලෙන්ස්කි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වක්රව සිහිපත් කරමින් ප්රකාශ කර ඇති අතර, ඊට ප්රතිචාර වශයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත්තේ යුක්රේන ජනතාව සෙලෙන්ස්කිව ධුරයෙන් පහ කළ යුතු බවයි. තවද, සෙලෙන්ස්කි කිසිදා යුද්ධය අවසන් කිරීමට අකමැති පුද්ගලයෙකු බවටද ට්රම්ප් සිය සමාජ මාධ්ය ගිණුමක සටහන් කර තිබිණි.
දෙරට අතර අර්බුදය තවදුරටත් තීව්ර වීමට ප්රධාන හේතුවක් වූයේ ඉදිරි ඇමරිකානු මැතිවරණය ඉලක්ක කරගනිමින් ඉන්ධන මිල පාලනය කිරීම සඳහා රුසියාවෙන් ඩීසල් මිලදී ගැනීමට ට්රම්ප් පරිපාලනය තීරණය කිරීමයි. එමඟින් රුසියානු ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක අරමුදල් ගලා යන අතර, ඊට සමගාමීව රුසියානු තෙල් පිරිපහදු ඉලක්ක කරගනිමින් යුක්රේනය එල්ල කරන ඩ්රෝන ප්රහාර වහාම නතර කරන ලෙසද ධවල මන්දිරය කීව් පාලනයෙන් ඉල්ලා ඇත.
මීට අමතරව, චීනයේ ෂෙන්සෙන් නුවරදී රුසියානු ජනාධිපති පුටින්, චීන නායක ෂී ජින්පින් සහ ඩොනල්ඩ් ට්රම්ප් අතර ත්රෛපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කෙරෙන බවට ක්රෙම්ලිනය කළ ප්රකාශයත් සමඟ, යුක්රේනය නොසලකා හරිමින් අසාධාරණ සාම ගිවිසුමක් සිය රට මත බලහත්කාරයෙන් පැටවීමට කුමන්ත්රණයක් ක්රියාත්මක වන බවට යුක්රේනය සැක පළ කරයි.
ඉදිරි පෙළ යුද මෙහෙයුම් සඳහා යුක්රේන හමුදාවට ලබා දී තිබූ ඇමරිකානු ආරක්ෂිත චන්ද්රිකා අන්තර්ජාල ප්රවේශය සීමා කිරීමට වොෂින්ටනය පියවර ගෙන ඇති බවට චෝදනා කරන යුක්රේනය, රුසියානු බැලිස්ටික් මිසයිල ප්රහාර පිළිබඳව මෙතෙක් කල් ඇමරිකාව ලබා දුන් පූර්ව බුද්ධි තොරතුරු අනතුරු ඇඟවීම්ද මෑතකදී නතර කර ඇති බව පවසයි. පසුගිය ඉරිදා රාත්රියේ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව කීව් අගනුවරට රුසියානු බැලිස්ටික් මිසයිල 16ක් සහ ඩ්රෝන 270ක් එල්ල වූ අතර, ඇමරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කළේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ ඇති වූ මෘදුකාංග දෝෂයක් ඊට හේතු වූ බවයි.
එමෙන්ම රුසියානු මිසයිල මර්දනය කළ හැකි එකම විශ්වාසදායක පලිහ වන ඇමරිකානු ‘පේට්රියට්’ මිසයිල පද්ධති තොග යුක්රේනයට ලබා දීමද වොෂින්ටනය හිතාමතා ප්රමාද කරන බව සෙලෙන්ස්කි පෙන්වා දෙයි.
Ukrainian President Accuses U.S. of Conspiring with Russia to Subjugate Ukraine
In a shocking revelation, Ukrainian President Volodymyr Zelensky has accused U.S. President Donald Trump of taking steps to facilitate Ukraine’s subjugation under Russian conditions, effectively bringing an unfortunate end to the ongoing war with Russia. This assertion was reported by the New York Times amid heightened tensions surrounding the conflict.
During a specialized discussion with Bloomberg, Zelensky articulated concerns that Washington has initiated a series of actions aimed at ensuring Ukraine's capitulation. He expressed disbelief that the U.S. genuinely desires a swift conclusion to the war, stating, “I would like to believe that Washington does not wish for Ukraine to be sacrificed, but it is now evident that this is indeed happening.”
The relationship between Zelensky and Trump has reportedly deteriorated to unprecedented levels, accompanied by a series of sharp exchanges between the two parties.
Zelensky reminded that Trump holds a longstanding fascination with autocrats, drawing a parallel with Russian President Vladimir Putin. In a concerning response, Trump suggested that the Ukrainian populace should force Zelensky out of office, further remarking on the President’s alleged unwillingness to end the conflict.
Compounding the crisis, Russia's decision to purchase diesel fuel, targeting the upcoming U.S. elections, has emerged as a key reason for the ongoing tensions between the two nations. This move threatens to divert billions of dollars into the Russian economy while simultaneously prompting calls from the White House for Kyiv to halt drone strikes targeting Russian oil refineries.
Furthermore, the Kremlin has announced plans for a trilateral discussion involving Russian President Putin, Chinese leader Xi Jinping, and Donald Trump. Ukraine has raised alarms, suspecting that this dialogue could pave the way for an unfair peace agreement imposed on the country.
Ukraine has leveled accusations against Washington for allegedly restricting U.S. access to crucial military intelligence regarding Russian ballistic missile attacks. Recent missile strikes resulted in 16 Russian ballistic missiles and 270 drones hitting the Ukrainian capital without prior warning, attributed by U.S. Secretary of State Marco Rubio to a software glitch in the early warning system.
Zelensky also indicated that the delay in delivering the U.S. “Patriot” missile systems—Ukraine’s only reliable defense against Russian missiles—was a conscious decision by Washington, exacerbating the struggles faced by his country.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
