ප්රමුඛ පෙළේ ව්යාපාරිකයෙකු වන නිමල් පෙරේරා මහතාට අයත් ප්රධාන ආයෝජන සමාගමක් වන ‘එන්.පී. කැපිටල්’ (NP Capital) ආයතනයේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් හදිසියේම ඉවත් කර හෝ අක්රිය වී ඇත.
එම වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වන සේ බිඳවැටී තිබීම හේතුවෙන්, එහි ඩිජිටල් මෙහෙයුම්වලට සිදුවූයේ කුමක්ද යන්න සහ එම වේදිකාව හරහා ප්රදර්ශනය කර තිබූ විවිධ ආයෝජන හා ව්යාපාරික ව්යාපෘතීන්හි වත්මන් තත්ත්වය පිළිබඳව මූල්ය හා ව්යාපාරික ක්ෂේත්රය තුළකතාබහක් නිර්මාණය වී තිබේ.
මෙම අක්රිය වීම සාමාන්ය පද්ධති නඩත්තු කටයුත්තක් හෝ තාක්ෂණික දෝෂයක් නිසා සිදුවූවක්ද, එසේ නොමැති නම් ආයතනයේ තීරණයක් මත වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කරගත්තේද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් තහවුරු වී නොමැත. මීට පෙර අදාළ වෙබ් අඩවියෙහි සමාගමට අනුබද්ධිත මූල්ය, දේපළ වෙළෙඳාම් සහ ආයෝජන ව්යාපෘති රැසක තොරතුරු අන්තර්ගතව පැවතිණි.
ව්යාපාරික නිමල් පෙරේරා මහතා මෙරට ආන්දෝලනයට තුඩු දුන් ප්රධාන මූල්ය විමර්ශන කිහිපයකදීම නම සඳහන් වූ චරිතයකි. විශේෂයෙන්ම ශ්රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ මතභේදාත්මක ගනුදෙනුවේදී අල්ලස් මුදල් සංසරණය වීම සම්බන්ධයෙන් ඔහුගේ නම විමර්ශනවලදී ඉදිරියට පැමිණියේය.
මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ‘ගවර්ස් කෝපරේට් සර්විසස්’ සමාගම හරහා රුපියල් මිලියන ගණනක මුදල් විශුද්ධිකරණය කළ බවට නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ ප්රධාන රජයේ සාක්ෂිකරුවෙකු ලෙසද නිමල් පෙරේරා මහතා අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්රධාන පෙළේ ආයෝජකයෙකු මෙන්ම පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපතිවරයෙකුද වන නිමල් පෙරේරා මහතා, පසුගිය කාලය පුරාම විවිධ ක්ෂේත්රයන්හි ආයෝජන කටයුතු මෙහෙයවනු ලැබුවේ ‘එන්.පී. කැපිටල්’ සමාගම මූලික කරගනිමිනි. එවන් පසුබිමක එම ආයතනයේ ප්රධාන වෙබ් අඩවිය අක්රිය වීම අවධානයට ලක්ව තිබේ.
Website of Leading Investor Firm NP Capital Goes Offline, Sparks Speculation
In a surprising turn of events, the official website of NP Capital, a prominent investment firm owned by businessman Nimal Pereira, has abruptly gone offline. This unexpected development has raised questions among the financial and business sectors about the state of the company's digital operations.
The sudden inaccessibility of the website has led to discussions regarding whether this incident is due to routine system maintenance, a technical malfunction, or a strategic decision made by the company. Until now, no official confirmation has been provided regarding the reasons behind the website's disappearance. Previously, the site contained extensive information about numerous financial, real estate, and investment projects associated with the firm.
Nimal Pereira has been a notable figure in various major financial investigations that have stirred controversy, particularly regarding a disputed transaction involving the purchase of Airbus aircraft for SriLankan Airlines, where allegations of bribery surfaced. His involvement in these inquiries has brought his name into the spotlight.
Additionally, Pereira served as a principal government witness in a case presented by the Attorney General, alleging that MP Namal Rajapaksa was involved in money laundering through the Governor’s Corporate Services. Pereira provided crucial testimony in court regarding these charges.
As a leading investor in the Colombo Stock Exchange and a former chairman of Pan Asia Bank, Pereira has actively facilitated investment activities across various sectors through NP Capital. The recent deactivation of the company's main website has drawn notable attention within the investment community.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
