මත්පැන් නිෂ්පාදන සමාගමකින් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීම ඇතුළු දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සමාජ ක්‍රියාකාරිකයකු වන කැළුම් අමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳ කරුණු අනාවරණය කළේය.
එහිදී ඔහු සඳහන් කළේ, සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නියාමනය වන මත්පැන් සමාගමක් මගින් ලබාදී ඇති බවට සැකකෙරෙන 'CBQ 2879' දරන 'හොන්ඩා වෙසල්' වර්ගයේ නවීන මෝටර් රථයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය පුත්‍රයා විසින් මේ වන විට පරිහරණය කරනු ලබන බවයි.
එම රථය කොමසාරිස් ජනරාල්වරයා සිය පෞද්ගලික ධනයෙන් හෝ නීත්‍යනුකූල ආදායම් මාර්ගයකින් උපයා ගත් එකක් නම්, ඔහු සිය ධුරයට පත්වීමට පෙර රජයට භාරදුන් වත්කම් හා බැරකම් ප්‍රකාශයේ එය අනිවාර්යයෙන්ම සඳහන් විය යුතු බව අමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
එසේ නොමැති නම් සමාජ මාධ්‍ය මගින් අනාවරණය වී ඇති පරිදි මෙය අල්ලසක් ලෙස ලබාගෙන ඇති බවට සාධාරණ සැකයක් මතුවන බව හෙතෙම කියා සිටියේය.
රජයේ වගකිවයුතු අමාත්‍යවරුන් විවිධ රූපවාහිනී වැඩසටහන්වලදී දූෂණ වංචා පිළිබඳ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් අල්ලස් කොමිසම හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිලි කරන ලෙස කළ ප්‍රකාශ සැලකිල්ලට ගනිමින්, වගකිවයුතු පුරවැසියකු ලෙස තමන් මෙම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු තමන් මෙවැනි බරපතළ වංචා දූෂණ පිළිබඳ පැමිණිලි 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් අදාළ විමර්ශන අංශ වෙත යොමු කර ඇති බව ද ඔහු පැවසීය.
මෙම චෝදනාව එල්ල වී ඇත්තේ රාජ්‍ය සේවයේ දැනට රැඳී සිටින ඉහළම නිලධාරියෙකුට බැවින්, එම පැමිණිල්ල ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියට ගෙන කිසිදු ප්‍රමාදයකින් තොරව කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස තමන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටි බව කැළුම් අමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Allegations of Corruption Filed Against Excise Commissioner General
A complaint has been lodged with the Commission to Investigate Allegations of Bribery or Corruption against the Excise Commissioner General, linked to the alleged use of a luxury vehicle obtained through bribery from an alcohol production company. The filing was made by social activist Kalum Amarasinghe, who subsequently shared details with the media.
During his statement, Amarasinghe asserted that a modern Honda vessel, with the registration number 'CBQ 2879', is currently being used by the Excise Commissioner General's university student son, allegedly provided by a liquor company regulated under the Excise Department.
He emphasized that if the vehicle was acquired through the Commissioner General's personal wealth or legitimate income sources, it should have been disclosed in his asset declaration before assuming office. This, he pointed out, is a requisite for transparency.
Failing this, Amarasinghe noted that there arises justifiable suspicion that the vehicle was received as a bribe, particularly in light of social media revelations regarding the matter.
He mentioned that responsible government ministers often speak about corruption on various television programs and call on the Bribery Commission or the Criminal Investigation Department to file complaints. Acting on this, he has taken the initiative to file his complaint as a conscientious citizen. Amarasinghe also revealed that since the current government came to power, he has submitted between 10 to 20 complaints about significant corruption issues to the relevant investigative agencies.
Given the serious implications of these allegations involving a senior public official still in service, Amarasinghe urged the Bribery Commission to prioritize the investigation and commence it without delay.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
