අපි භාණ්ඩාගාරය පිරෙවුවා.. ඒ සල්ලිවලින් කාපට් පාරවල් හදලා මෙට්‍රො බස් දානවා..


 ඉතිහාසයේ මෙතෙක් පැවති සෑම රජයක්ම විදේශ රටවලින් ණය ලබාගෙන අධිවේගී මාර්ග සහ සංවර්ධන කටයුතු සිදු කළ ද, ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාව උපයන ධනයෙන්ම රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන යුගයක් නිර්මාණය වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දින සිට මීට පෙර අතරමග ඇණහිට තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘතීන් ජනතා අයිතියට පත් කිරීම සඳහා විශාල කැපවීමකින් කටයුතු කරමින් සිටින බවයි.

හිස්ව පැවති භාණ්ඩාගාරය ක්‍රමයෙන් පුරවමින් එම ව්‍යාපෘති සඳහා මුදල් ලබාදීමට පියවර ගෙන ඇති බවත්, මෙලෙස භාණ්ඩාගාරය දිනෙන් දින ශක්තිමත් වීමේ පූර්ණ අයිතිය සහ ගෞරවය හිමිවන්නේ රටේ පොදු මහජනතාවට බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ජයග්‍රහණයේ පූර්ණ කොටස්කරුවන් වන්නේ මෙරට පීඩිත, අහිංසක සහ පෑගුණු සාමාන්‍ය ජනතාව බව සඳහන් කළ ඒ මහතා, අධිවේගී මාර්ග, මෙට්‍රෝ සහ සුඛෝපභෝගී බස් රථ සේවාවන් මෙන්ම කාපට් යෙදූ මාර්ග පද්ධතීන් රටට දායාද වෙමින් පවතින්නේ ජනතාව උපයන ධනය සුරක්ෂිතව කළමනාකරණය කිරීමෙන් බව ද ප්‍රකාශ කළේය.

ජනතාවගේ මහන්සියෙන් උපයන ධනය නිරපරාදේ විනාශ වීමට ඉඩ නොදී නිසි ලෙස ආරක්ෂා කරගැනීම උදෙසා, ඉතිහාසයේ පළමු වතාවට සාමාන්‍ය ජනතාව තම පන්තියේම පිරිසකගෙන් ආණ්ඩුවක් නිර්මාණය කරගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





Sri Lanka Enters New Era of Development Funded by Citizens' Earnings, Says Deputy Minister

In a groundbreaking shift, Sri Lanka is witnessing the first instance in its history where development projects are being financed directly by the earnings of its citizens, according to Deputy Minister T.B. Sarath. He emphasized that unlike previous governments, which relied on foreign loans for highway and development initiatives, the current administration is committed to enabling the public to engage in their own development.

Addressing a public gathering, Sarath noted that since the current government assumed power, it has been devoted to transferring all previously stalled development projects into the hands of the people. This commitment underscores a significant change in policy direction, with a focus on community ownership and involvement.

He went on to explain that measures are being taken to gradually replenish the treasury, which was previously in disarray, to secure funding for these projects. Sarath asserted that the ongoing revitalization of the treasury stands not only to benefit the government's plans but also to empower the general public, giving them rightful ownership and respect.

Highlighting the key stakeholders in this success, he remarked that the project’s main beneficiaries are the suffering, innocent, and marginalized citizens of the country. With contributions to infrastructure improvements such as highways, metro systems, and premium bus services, Sarath conveyed that the effective management of the funds generated from the people's earnings is pivotal to these developments.

Furthermore, he reiterated that for the first time in history, a government formed by citizens from their own ranks safeguards the funds they earn through hard work, ensuring that no waste occurs. This transformation, as highlighted by the Deputy Minister, marks a significant milestone in Sri Lanka's approach to governance and development, setting a precedent for future administrations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. ane ....ko issarala me rate minissunta nidahase jeewath venna puluvan vatapitavak hadala deepan. boruva thamai hamadama

    ReplyDelete
  2. මෙහේනම් දාන්නේ කොන්ක්‍රීට්. ඒකත් මාස 6න් කැඩෙනවා.

    ReplyDelete
  3. අදනම් පට්ට කසිප්පු වඩියක් සෙට්වෙලා වාගේ...

    ReplyDelete
  4. මෙට්‍රො එකේ වැඩට ගියොත් මාස පඩියෙන් කරන්න වෙන්නේ වැඩට යන එක විතරයි. මිනිස්සුන්ට බදු ගහලා බාන්ඩාගාරය පුරවපු කට්ටිය එච්චරට මිනිස්සු ගැන හිතනවා.

    ReplyDelete
  5. අයවැය හිගය ට්‍රිලියන ගානක් ඒ උනාට අපේ සල්ලි වලින් සංවර්දන වියපෘති කරනවලු....අනේ යකෝ.

    ReplyDelete
  6. බදු ගහල භාණ්ඩාගාරය පුරවල හැකර් කියලා අනුරම හොරාකාලා එලිවෙයි කියලා නහර කපනවා.

    ReplyDelete
  7. ඉස්සෙල්ලම තෝ සබන් කෑල්ලක් අරන් ඔය පෙරේත දත් මැදපු නැති මූන හෝදගනින්.

    ReplyDelete
  8. ආරියතිලක

    1. පෑනක් පොතක් හෝ ලිවීමට සුදුසු කොළයක් අර ගන්න;

    2. 2024 ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට ජනතාවට දෙන ලද පොරුන්දු එකින් එක ලියන්න;

    3. ඊට පසු ඒ දුන් පොරොන්දු වලින් ඉටු කර නැති පොරොන්දු ඉස්සරහයින් ඉටු කර නැත. බොරුවෙන් රවටා ඇත කියා ලියන්න;

    4. දෙන ලද පොරොන්දු දැන් අමතක නම් පරණ වීඩියෝ සහ හඬ පට නැවත නැවත අධ්‍යනය කරන්න. කොපමණ සංඛ්‍යාවක් බොරු වී ඇද්දැයි සොයන්න;

    5. ඊට පසු එම පොත හෝ ලියන ලද කොළය ජනාධිපතිවරයා වෙත භාර දෙන්න;

    6. ඊට පසු ජනාධිපතිවරයාට කියන්න; මෙන්න, ඔබ දුන් පොරුන්දු හා ඉටු කළ ප්‍රමාණය; තව මෙපමණ ප්‍රමාණයක් ඉෂ්ට කළ යුතුව ඇත; කියා,

    7. ඊට පසු එම ලේඛනය ජනතාවගේ දැන ගැනීමට ජන මාධ්‍යයට මුදා හරින්න. ජාතික ජන බලවේගයේ සියලු ඇමති, මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් හා වගකීමක් ලෙස එය අපි දකිමු.

    9. අඩු ම තරමින් දුන් පොරුන්දු හා ඉටුකළ පොරොන්දු ටික ජනමාධ්‍යයෙන් පළ කළ කිරීමට හැකි ඇමතිවරයෙක් හෝ ජාතික ජන බලවේගය මන්ත්‍රීවරයෙක් හෝ එසේ කිරීම සුදුසු ය. වැඩි කතා අවශ්‍ය නැත;

    8. දෙන ලද මැතිවරණ පොරුන්දු නිසියාකරව ඉෂ්ට නොකොට අපි භාණ්ඩාගාරය පිරෙව්වා ඒ සල්ලි වලින් පාරවල් කාපට් කරනවා මෙට්‍රෝ බස් දානවා කිව්වට පමණක් ප්‍රමාණවත් ද? දෙන ලද පොරොන්දු අමතක කොට ජනතාවට කැරට අල ගෝනියක් පෙන්නා තව සූප්පුවක් දෙකක් ජනතාවගේ කටේ තබන්න ද? අදහස යන්න නො විමසා සිටිය නො හැක.



    ReplyDelete
    Replies
    1. ලියන්න දෙයක් නෑ මහත්මයා ජාතික ජන බලවේගයේ වෙබ් අඩවියට ගියා නං ප්‍රතිපත්ති ප්‍රකාශය ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා කරපු වැඩ ඔක්කොමත් එක්ක.

      මිනිස්සු ඕගොල්ලෝ තරම් ගොබ්බ නෑ තවදුරටත්

      Delete
    2. මේ ඇරිය තිලක කියන එකා හිතාගෙන ඉන්නේ ඌ වගේ ලංකාවේ ඉන්න ඔක්කොම එවුන් කන්නේ තණකොළ කියලා

      Delete
    3. පෙට්ට්‍රල්October 2, 2026 at 2:24 PM

      මිල ඉතිරෙනවා ඕයි

      Delete
Previous Post Next Post