ළමා රෝහලේ ඖෂධ හිඟයක් ඇතැයි කියන්නේ බොරු.. ඒවා පරණ දත්ත...- රෝහල් අධ්‍යක්ෂ


කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේවන විට ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යනු ලබන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ ප්‍රචාරය සඳහා භාවිත කර ඇති තොරතුරු 2022 වසරේ  මෙරට තුළ පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ නඩත්තු කරන ලද යෙදුමක ඇතුළත් කර තිබූ පැරණි තොරතුරු මත පදනම්ව සකස් කර ඇති අතර, එම යෙදුම 2022 ජූලි මාසයෙන් පසුව භාවිතයට ගෙන නොමැති බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

වර්තමානයවන විට රෝගී දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය සැපයුම නිසි පරිදි පවත්වාගෙන යනු ලබන අතර, රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සැපයුම් දාමය ද ස්ථාවරව පවත්වාගෙන යනු ලබන බව අධ්‍යක්ෂවරයා එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

එබැවින්, වසර පහකට අධික කාලයක් පැරණි තොරතුරු වත්මන් තත්ත්වය ලෙස හුවා දක්වමින් පළවන මෙවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අනවශ්‍ය බියක් හෝ අවිනිශ්චිතතාවක් ඇති කර නොගන්නා ලෙස රෝහල් සේවාලාභීන්ගෙන් සහ සමස්ත ජනතාවගෙන් රිජ්වේ ආර්යා  ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.





Colombo Children's Hospital Addresses Rumors of Medication Shortages

Recent claims circulating on social media regarding a severe shortage of medication and surgical supplies at the Colombo Arya Children's Hospital have been firmly denied by the hospital's Director, Dr. Pradeep Rathnasiri. In a media statement, he emphasized that these assertions are unfounded and misleading.

He clarified that the information being disseminated is based on outdated data from a maintenance report created during the country’s economic crisis in 2022. Notably, this report has not been referred to or utilized since July 2022.

Currently, the hospital is maintaining a steady supply of necessary medications and surgical consumables to effectively treat young patients. Dr. Rathnasiri assured that the supply chain for essential healthcare services is stable and operational, ensuring continuous patient care.

Dr. Rathnasiri urged the public and hospital beneficiaries not to succumb to unnecessary fear or confusion caused by such disinformation, which misrepresents the current situation by relying on data that is over five years old.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිOctober 6, 2026 at 7:51 PM

    ඔව්, බඩු ඕනෑ තරම් තියෙනවා, ඕනෑ බබෙක් බය නැතුව ලෙඩ වෙලා එන්ඩ, දෙන්නම් බෙහෙත් පැලෙන්ඩ.

    ReplyDelete
  2. ඇත්ත ඇත්ත ගමකට තියනවා

    ReplyDelete
  3. තුප්පහිගේ ජයවීරOctober 6, 2026 at 8:45 PM

    අර මහින්ද කහඳගමයා අයිස් එක්කලා අත් අඩංගුවට අරගෙන, ඒවත් නිවුස්නේ, අනික ඒවනේ නිව්ස්, දාපල්ලකෝ ඒවා.... මේ තේරුමක් නැති ඒවා දාන වෙලාවේ.

    ReplyDelete
  4. මු කියනවනම් බඩු ඇති නේද
    කිසි කෙනෙක් දැන් බය වෙන්න ඕනේ නැහැ

    ReplyDelete
Previous Post Next Post