මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාගේ වියෝවට බලධාරීන්ගේ ප්රමාදය සහ නොසැලකිලිමත්කම සෘජුවම බලපා ඇති බව පවසමින්, ඊට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව වහාම නීතිය ක්රියාත්මක කරන ලෙස බලකර පරිසර හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් බත්තරමුල්ලේ පිහිටි පරිසර අමාත්යාංශය ඉදිරිපිටදී අද (20) විරෝධතා ව්යාපාරයක නිරත වූහ.
බත්තරමුල්ල ‘සොබාදම් පියස’ පරිසර අමාත්යාංශ පරිශ්රය ඉදිරිපිටට එක්රැස් වූ විරෝධතාකරුවෝ, අදාළ බලධාරීන්ගේ අකාර්යක්ෂම ක්රියාකලාපය දැඩි ලෙස හෙළා දකිමින් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් සටන් පාඨ හඬ නැඟූහ.
කාවන්තිස්ස හස්තියාගේ ජීවිතය බේරාගැනීමට නියමිත වේලාවට නිසි විශේෂඥ ප්රතිකාර හෝ අවශ්ය මෙහෙයුම් දියත් කිරීමට වනජීවී අංශ අපොහොසත් වූ බව විරෝධතාකරුවෝ චෝදනා කළහ.
රෝගී තත්ත්වය උත්සන්න වී හස්තියා මරණාසන්න වන තෙක් බලා සිට අවසාන මොහොතේ සිදුකළ ප්රතිකාර ප්රමාණවත් නොවූ බවද ඔවුහු පෙන්වා දුන්හ.
Protests Erupt Over Delayed Response in Death of 'Kawantissa' Elephant
Demands for immediate legal action against those responsible have intensified following the tragic death of the 'Kawantissa' elephant. Environmental and civil society representatives rallied today (20) in front of the Ministry of Environment in Battaramulla, highlighting the negligence and delays attributed to the authorities.
Gathering at the 'Sobadam Piyasa' environmental premises, protesters expressed their discontent by displaying placards and chanting slogans that shed light on the inefficiency of the concerned officials.
Accusations were directed at the wildlife sector for inadequately executing necessary interventions or providing specialized treatment in a timely manner to save the elephant's life.
Protesters noted that the treatments administered in the final moments were insufficient, coming only after the elephant’s condition had severely deteriorated and its life was nearing an end.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔව්ව අපිට අදාල නෑ... ඉඩමට ඇතුල් වෙන ඕන සතෙකුට වෙඩි තියන්ඩ තුවක්කු දීලා තියෙන්නේ කරුණාකරලා වෙඩි තියන්න... පුළුවන් වුනොත් අලියත් පලිබෝධකයෙක් විදිහට අපි නාම ගත කරනවා
ReplyDeleteකොළඹ ඉඳන් ආතල් එකට අලි බලන්ඩ ගමට එන එවුනුයි, ගමේ ජීවත් වෙලා, පොහොර ටික නැතුව, වතුර ටික හරියට නැතුව, අතේ සතේ නැතුව, පුළුවන් තරම් දහ දුක් විඳලා ගොයමක් හේනක් කරගෙන හැමදාම ගමට වෙලා ඉන්න ගොවියන්ගෙයි, ඒ ගොවියන්ගේ දුප්පත් පුංචි ළමයි හැතැම්ම ගාණක් පයින් තනියෙන් ඉස්කෝල වලට යනකොට තියෙන තත්වයයි හිතලා බලපුවාම, අලි කරදරෙන් ඒ ගම්වල ඉන්න මිනිස්සු මුදවා ගන්න එක වටිනවා. ඒකට දළ තියෙනවද, නැද්ද අදාල නෑ. අලි ප්රමාණය ලංකාවට දරන්ඩ බැරි තරම් වැඩියි. ඒ නිසාම තමයි ගෝඨාගේ කාලේ හෙළ උරුමයේ ලේඛමාත් කිව්වේ අලි පිටරට අරින්ඩ ඕනෑ, නැත්නම් පලිබෝධකයක් ලෙස නම් කරන්ඩ ඕනෑ කියලා. එකම එක විසඳුමයි තියෙන්නේ, අලින් 800ක් පමණ ලංකාවෙන් ඉවත් කල යුතුයි, ඒ කියන්නේ එක්කෝ මරා දැමිය යුතුයි, නැත්නම්, එම ප්රමාණය අප්රිකානු රටකට යවලා එහෙ යම් ප්රදේශයක් කුලියට අරගෙන නඩත්තු කල යුතුයි. මින් දෙවැන්න තමයි ප්රායෝගික විසඳුම, ඒ හරහා ලංකාවට ලොකු විදේශ විනිමයක් උපයා ගන්ඩත් පුළුවන්, විෂේශ වන ජීවී ව්යාපෘතියක් හැටියට අප්රිකානු රටක ඔය වැඩේ කලොත්. නමුත් සැලකිය යුතු මූලික ප්රාග්ධනයක් යොදන්ඩ සිදු වෙනවා.
ReplyDeleteහැබැයි අලි මැරුණා කියලා දේශපාලන වාසි ගන්ඩ දඟලන වහල්ලුන්ට නම් කණ පැලෙන්ඩ ගහලා එලවන්ඩ ඕනෑ.