ජනාධිපති හා කැබිනෙට්ටුව නොමග යවා අයවැය යටින් ගේම් එකක්..


ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින්, ඉදිරි අයවැය යෝජනා හරහා මෙරටට පාම් තෙල් ආනයනය කිරීම සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් රහසිගත සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කරයි.

මෙරට පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් පත් කළ විශේෂඥ කමිටු නිර්දේශ මත පදනම්ව 2021 වසරේ සිට මෙරටට පාම් තෙල් ආනයනය කිරීම සීමා කෙරිණි. 

එම ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, මේ මොහොතේ මෙරටට පාම් තෙල් ආනයනය කිරීමේ කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවට වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා මෙන්ම වැවිලි කටයුතු අමාත්‍යවරයාද ස්ථිර ස්ථාවරයක පසුවන බව එම සංවිධානය පෙන්වා දෙයි.

එවන් පසුබිමක, පාම් තෙල් ආනයනය සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුවේ විධිමත් පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කරුණක්ව තිබියදීත්, එම සියලු නීතිමය ක්‍රමවේදයන් මුළුමනින්ම මඟහරිමින් අයවැය ලේඛනය හරහා මෙම තහංචි ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් සූදානම් වන බවට එම නිවේදනය මඟින් චෝදනා නගයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතු එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

**

ජනාධිපතිතුමා හා අමාත්‍ය මණ්ඩලය නොමග යවමින් අයවැය මගින් පාම් තෙල් ආනයනය සීමා කිරීම ඉවත්  කිරීමේ සූදානමක්!

2021 වසරේ සිට මෙරටට පාම්තෙල් ආනයනය කිරීම සදහා යම් සීමාවන් පනවන ලදී. එම සීමාවන් පනවන ලද්දේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගැනීම සදහා පත්කරන ලද විද්වත් කමිටුවක් මගිනි. එකී කමිටුවේ තීරණය වත්මන් රජය විසින් ද අනුගමනය කරමින් සිටින අතර මෙරටට පාම්තෙල් ආනයන සීමාවන් ලිහිල් කිරීමට දැනට අවශ්‍යතාවයක් නොමැති බවට වාණිජ හා ආහාර සුරක්ෂිත හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා හා වැවිලි කටයුතු අමාත්‍යවරයාගේ අදහසද වී ඇත.

මෙසේ තිබියදී ගරු ජනාධිපතිතුමා වාණිජ හා ආහාර සුරක්ෂිත හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා හා වැවිලි කටයුතු අමාත්‍යවරයාද නොමග යවමින් මුදල් අමාත්‍යාංශයේ යම් නිළධාරීන් පිරිසක් විසින් අයවැය යෝජනාවක් මගින් පාම්තෙල් මෙරටට ආනයනය කිරීමේ සීමාවන් ඉවත් කිරීමට සැළසුම් සකස්කරමින් සිටී. මෙරටට පාම්තෙල් ආනයනය කිරීමට නම් අහාර සුරක්ෂිතා කමිටුවෙන් අවසරය ලබා ගත යුතු වුවද එම අවස්ථා මගහරිමින් පාම්තෙල් ආනයන සීමාවන් ඉවත් කිරීමට මෙම නිළධාරීන් සූදානම් වේ.

මෙරට ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලබා දී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ දූෂිත නිළධාරීන්ට අවශ්‍ය ආකාරයට තීරණ ගැනීමට නොවන බව අමාත්‍ය මණ්ඩලය තේරුම්ගත යුතුය. මුදල් අමාත්‍යාංශයේ සමහර නිළධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් රජය හා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වේ.

එම නිසා අප සංවිධානය ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අයවැය යෝජනාවක් ලෙසින් මෙරටට පාම්තෙල් ආනයනය කිරීමේ සීමාවන් ලිහිල් කිරීමට මුදල් අමාතයාංශයේ ඇතැම් නිළධාරීන් ගන්නා උත්සහයන් ව්‍යාර්ථ කර මෙරට පාරිභෝගිකයින්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන ලෙසයි.





Concerns Raised Over Secret Plans to Remove Restrictions on Palm Oil Imports

Amid growing concerns from consumer rights organizations, reports have emerged suggesting that certain officials within the Ministry of Finance are secretly working towards lifting restrictions on palm oil imports. This move, allegedly undermining both the President and the Cabinet, has sparked a backlash from the National Consumer Rights Organisation.

Since 2021, the government imposed limitations on palm oil imports, driven by recommendations from a specialized committee established to ensure the health and food safety of local consumers. The aim was to safeguard public interests, and these measures have remained firmly in place since their introduction.

Both the Minister of Commerce and Food Security and the Minister of Agriculture have stressed that there is currently no immediate need for palm oil imports, reflecting a consensus on maintaining the existing restrictions. Despite this, allegations have surfaced that some officials within the Ministry of Finance are attempting to bypass legal protocols through the budget documentation to ease these restrictions.

The statement from the organization, signed by its Chairman Ranjith Vithanage, highlights the crucial need for prior approval from the Food Security Committee before any palm oil imports can occur. However, there are claims that certain officials are actively working against this requirement.

The organization further emphasizes that citizens, having granted a significant mandate to the current administration, deserve clarity and integrity in decision-making, particularly concerning the influence of corrupt officials within the Ministry of Finance. Such actions jeopardize both the government’s standing and consumer trust.

As a response, the National Consumer Rights Organisation is urging President Ranil Wickremesinghe to take proactive measures to prevent the lifting of palm oil import restrictions, asserting that doing so is essential for maintaining food security for the citizens of Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. හුන්ඩු කොටා ටයි වපරයටයි සල්ලි ටිකක් විසිකරානං ඕවට නිකම්ම අනුමැතිය හම්බවෙනවා.උන්ට සල්ලි කියන්නේ බල්ලෝ ගූ වලට පෙරේතයි වගේ තමයි

    ReplyDelete
Previous Post Next Post