‘යක්‍ෂ රාජ වජ‍්‍රපානි’ කවිය ලියුවා කියන අයෙක්ගෙන් පොලිසිය ප‍්‍රශ්ණ කරලා..


 මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කෙරුණු මහා සංඝරත්නයේ පාගමන සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ 'යක්ෂ රාජ වජ්‍රපාණි' නම් කවිය සම්බන්ධයෙන් වත්මන් රජය දැඩි කලබලයකට පත්ව ඇති බවත්, එහි රචකයා සෙවීමේ අරමුණින් පොලිසිය සිය සේවාදායකයෙකු කැඳවා ප්‍රශ්න කර ඇති බවත් නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා අනාවරණය කරයි.

අදාළ කවිය නිර්මාණය කළේ ඔහු විසින් දැයි ප්‍රශ්න කරමින් පොලිසිය තම සේවාදායකයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, එම නිර්මාණය සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොදන්නා බවට දැනුම් දී ඇති බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ බලාත්මක කිසිදු නීතියක් යටතේ මෙවැනි ක්‍රියාවන් වරදක් නොවන බව අවධාරණය කළ හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මෙරට ක්‍රියාත්මක ඉංග්‍රීසි නීතිය, රෝම-ලන්දේසි නීතිය හෝ දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු කිසිදු පනතක් හෝ ආඥා පනතක් යටතේ වස්කවි, හූනියම් හෝ කොඩිවින තහනම් කරලා නැහැ. එහෙම නීතියක් රටේ නැහැ. හැබැයි මේ පාලකයන් යන විදිහට ඉස්සරහට වස්කවි තහනම් කරන පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවත් පුදුම වෙන්න දෙයක් නෑ. මේ අය තමන් කරන වැරදි සහ අධර්මිෂ්ඨ ක්‍රියා නිසා තමයි මෙච්චර බය වෙලා තියෙන්නේ. වස්කවියක් කිව්වම ඒකෙ වස වදීවි කියලා ආණ්ඩුව බයයි නම්, දැන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ පොලිසිය දාලා මිනිස්සු පස්සේ පන්නන එක නෙවෙයි, තමන්ට සෙතක් වෙන්න කියලා සෙත් කවියක් කියා ගන්න එකයි"

භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ පාර්ශ්වයන් විසින් මහනුවර සිට කොළඹ බලා පාගමනක් සංවිධානය කර තිබිණි. ඊට සමගාමීව "යක්ෂ රාජ වජිරපාණි මහා දෙවිඳේ අසාපන්" යන කවිය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ලෙස සංසරණය විය.





Government in Turmoil Over 'Yaksha Raja Vajrapani' Poem Amid Major Protest March

The government is reportedly facing significant unrest following the widespread circulation of a poem titled 'Yaksha Raja Vajrapani' on social media, coinciding with a major protest march organized from Kandy to Colombo. Legal expert Sudath Wickramarathne disclosed that the police have summoned one of their clients for questioning in an effort to identify the poem's author.

According to Wickramarathne, the police sought to verify whether his client was involved in the poem's creation, noting that the individual had expressed no knowledge of the matter during the inquiry.

The legal expert emphasized that such actions do not constitute an offense under any existing law in Sri Lanka. He pointed out that neither English law, Roman-Dutch law, nor any statutory provisions explicitly prohibit poetic expressions, and he asserted that there is currently no legislation in place targeting such works. However, he speculated that it wouldn’t be surprising if the current administration were to propose a law to restrict similar creations in the future, suggesting that the government’s fear is rooted in their own wrongful and unethical actions rather than the poem itself.

Wickramarathne highlighted the government's concerns, remarking that if authorities are apprehensive about the implications of a poem, the solution should involve engaging in constructive discourse rather than retaliatory measures against the public. He urged that the government should consider fostering a dialogue with citizens instead of merely trying to suppress dissent.

The monks had previously organized a protest march from Kandy to Colombo, which featured the poem 'Yaksha Raja Vajirapaní Maha Devinde Asapan' being extensively shared on social media platforms, including Facebook, amplifying its reach and influence well beyond the initial protest.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post