ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති සිදුවීමේදී උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව ගැන පමණක් අවධානය යොමු නොකර, උන්වහන්සේ මතු කළ කාරණා පිළිබඳව ජනතාව මෙන්ම රජය ද දැඩි සංවේදීතාවක් දැක්විය යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, "හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බැලීම" වෙනුවට පෙන්වා දෙන සැබෑ අර්ථය තේරුම් ගත යුතු බවයි.
පුද්ගලයෙකුගේ උපතින් ලැබුණු කටහඬේ ගොරෝසු බව පදනම් කරගෙන ඔහු ඉදිරිපත් කරන ප්‍රකාශයන් අවතක්සේරු නොකළ යුතු බවත්, අතීතයේදී මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේ අතිශය ශාන්ත, සිල්වත් හඬකින් මෙම ජාතික කාරණා පෙන්වා දුන් අවස්ථාවලදී ද සමාජය ඊට නිසි පරිදි ප්‍රතිචාර නොදැක්වූ බවත් උන්වහන්සේ සිහිපත් කළහ.
එබැවින් හඬ නොව, එහි අන්තර්ගත ජාතික කාරණා කෙරෙහි අවධානය යොමු වීම අත්‍යවශ්‍ය බව ධම්මරතන හිමියෝ පැවසූහ.
මේ වන විට මහානායක හිමිවරුන් සහ කෝට්ටේ සංඝ සභාව ඇතුළු සංවිධාන රැසක් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද පිරිස් සූදානම් වන බව උන්වහන්සේ සඳහන් කළහ.
මහානායක හිමිවරුන්ගේ ලිපිය කෙරෙහි රජය යම් අවධානයක් යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේ පැවසූහ.
එමෙන්ම, සමාජ මාධ්‍ය ජාලාවල ව්‍යාජ ගිණුම් ඔස්සේ තමන් වහන්සේ ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රහාර එල්ල වන බව අනාවරණය කළ උන්වහන්සේ, "ඊළඟට ජම්පරය අන්දවන්නේ ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ට" යැයි ඇතැමුන් ප්‍රචාරය කරමින් සිටින බව සඳහන් කළහ.
එලෙස අවලාද සහ මඩ ප්‍රචාර පතුරුවන පුද්ගලයන් කෙරෙහි තමන් වහන්සේ උපේක්ෂාවෙන් හා කරුණාවෙන් යුතුව අනුකම්පා කරන බවත්, ඔවුන්ගේ ජීවනෝපායන්ට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසූහ.
අවසාන වශයෙන්, ඥානසාර හිමියන් වෙනුවෙන් රට පුරා බෝධි පූජා පවත්වා ආශිර්වාද එක්කිරීමට කටයුතු කරන ලෙසත්, රටේ පොදු ජනතාව මෙන්ම ජාතික සංවිධාන ද මෙම ගැටලුවේදී මතුපිටින් නොබලා එහි ගැඹුරු යථාර්ථය වටහාගෙන සංවේදීව ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
මෙම මාධ්‍ය හමුව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
Chief Monk Urges Public and Government to Focus on Substance over Style in Recent Controversy
The recent events surrounding Venerable Gnanasara Thero have prompted calls for a deeper examination of his words rather than merely focusing on their delivery. Professor Induragare Dhammarathana Thero stressed the importance of both the public and the government recognizing and responding sensitively to the issues raised.
During a special media briefing, he emphasized that the true meaning behind any statement should be sought instead of fixating solely on surface matters, likening it to the proverbial act of looking at the finger rather than the moon it points towards.
He warned against dismissing statements based solely on the individual they come from, recalling moments when revered leaders like the late Madihe Pannasiha Thero spoke on national issues with profound clarity, yet societal reactions were inadequate at the time.
Shifting the focus from the tone of voice to the underlying national concerns is essential, Dhammarathana Thero remarked. This need for focus has resonated with various Buddhist organizations and leading monks, who have begun issuing statements regarding the incident, indicating a readiness to pursue legal actions if necessary.
He expressed confidence that the government would pay attention to the letters circulated by the Chief Prelates, highlighting that there is a growing concern over targeted harassment through fake accounts on social media, directed at him personally. He noted that some individuals are promoting narratives of violence against him, stating, "Next, they might attempt to incite violence against Dhammarathana Thero."
In a spirit of compassion, he mentioned his desire to respond with leniency towards those spreading defamation and disinformation, urging them not to disrupt their livelihoods.
Lastly, he called on the public to engage in nationwide Bodhi poojas to invoke blessings, encouraging both the general populace and national organizations to take a deeper, empathetic approach to understanding the issues at hand, instead of merely observing the surface of the controversy.
This media event was attended by a group that included Venerable Anandakiththi, the head of the Department of Language Studies at the University of Kelaniya, among others.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
