රට පුරා ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ...

ර


ට පුරා දිස්ත්‍රික්ක රැසක පදිංචිකරුවන් සිය ප්‍රදේශවල විදුලි සැපයුම හදිසියේ විසන්ධි වූ බවට තොරතුරු වාර්තා කර ඇති අතර, මෙම තත්ත්වය සැලකිය යුතු ප්‍රදේශ ප්‍රමාණයකට බලපා ඇති බවට වාර්තා පළ වේ.

කෙසේ වෙතත්, මෙම විදුලිය ඇණහිටීම කොපමණ ප්‍රදේශ ප්‍රමාණයකට බලපා තිබේද යන්න හෝ ඊට තුඩු දුන් නිශ්චිත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හෝ විදුලිබල අමාත්‍යාංශය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ තහවුරු කිරීමක් සිදු කර නොමැත.

හදිසියේ සිදුවූ මෙම විදුලිය විසන්ධි වීමත් සමඟ ජන ජීවිතයට මෙන්ම මහාමාර්ග සංඥා පද්ධති සහ දෛනික ව්‍යාපාරික කටයුතුවලට ද දැඩි බාධා එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

විදුලිය බිද වැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා පවසයි.





Severe Power Outages Affect Multiple Districts Across Sri Lanka

Residents across several districts in Sri Lanka are reporting sudden power outages, with widespread impacts felt in numerous areas. The extent of the outages and the specific causes remain officially unconfirmed by the Ceylon Electricity Board or the Ministry of Power and Energy.

These abrupt electrical disruptions are not only hampering daily life for citizens but also significantly affecting highway signal systems and routine business operations.

In response to the situation, Deputy Minister of Power, Arkam Ilyas, has stated that efforts are underway to restore power swiftly and efficiently.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post