වසරේ මුල් මාස හයේ විදේශ ණය හා පොලී පියවීමට ඩොලර් මිලියන 1,254 ක්:..


2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ පළමු මාස හයක කාලය තුළ මෙරට විදේශ ණය සහ පොලී ආපසු ගෙවීම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,253.9 ක මුදලක් (ඩොලර් මිලියන 1,254 කට ආසන්න) වැය කර ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය අනාවරණය කරයි.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි’ මෙම තොරතුරු ඇතුළත් වේ.

රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයේ නිල දත්ත උපුටා දක්වමින් එම වාර්තාව පෙන්වා දෙන්නේ, ගෙවන ලද සමස්ත විදේශ ණය සේවාකරණ වියදමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 812 ක් ණය වාරික මුදල් පියවීම සඳහා ද, ඉතිරි ඩොලර් මිලියන 441.9 ක මුදල පොලී ගෙවීම් සඳහා ද වෙන් කර ඇති බවයි.

අදාළ වාර්තාවට අනුව ජූනි මස අවසන් වන විට විදේශීය ණය ගෙවීම් සම්බන්ධයෙන් පැහැර හරින ලද හෝ නොපියවන ලද කිසිදු හිඟ ණයක් වාර්තා වී නොමැති බව මුදල් අමාත්‍යාංශය තහවුරු කරයි. 

ණය ගිවිසුම්ගත එකඟතාවන්ට අනුකූලව සහ අදාළ සහන කාලසීමාවන් සැලකිල්ලට ගනිමින් නියමිත දිනට විදේශීය ණය හිමියන් වෙත ගෙවා නිම නොකළ ණය වාරික සහ පොලී මෙලෙස හිඟ ණය වශයෙන් අර්ථ නිරූපණය කෙරේ.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ නීතිරීතිවලට අනුව, අර්බුදයට ලක්ව ඇති, නීතිමය වශයෙන් මතභේදාත්මක හෝ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට යටත්ව කල් ඉකුත්ව ඇති ඇතැම් විදේශීය ගෙවීම් මෙම "නොපියවූ හිඟ ණය" ගණයෙහිලා සලකනු නොලබන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.





Sri Lanka Pays $1.25 Billion in Foreign Debt Repayments in First Half of 2026

In a significant financial update, the Ministry of Finance and Revenue has disclosed that Sri Lanka allocated approximately $1.25 billion (1,253.9 million USD) for foreign debt servicing between January and June 2026. This figure reflects the country's ongoing efforts to manage its extensive debt obligations amidst a complex economic landscape.

This information is included in the mid-year report on the state of public finances released by the Ministry. The report, which cites official data from the State Debt Management Agency, reveals that $812 million was dedicated to principal repayments, while $441.9 million was designated for interest payments.

According to the ministry, by the end of June, there were no reported overdue payments or debts that had been skipped, confirming a stable status for the country’s foreign debt obligations. The report also emphasized that any missed payments or outstanding principal due would be classified as overdue debts, given the adherence to contractual agreements and established grace periods.

Furthermore, the report underscores that certain foreign payments that may be overdue—due to the effects of being in crisis or undergoing legal disputes—are not accounted as "unpaid debts" under the monitoring guidelines of the International Monetary Fund's extended financing program.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post