එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර කරමින්, මූලෝපායික වශයෙන් අතිශය වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි ඉරානයේ සිරීක් (Sirik) වරාය නගරයට ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු දිග ඉරානයේ හෝර්මොස්ගාන් පළාතට අයත් මෙම වරාය නගරය වෙත ප්‍රහාරයක් එල්ල වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද තහවුරු කර ඇති අතර, ඔවුන් එය හඳුන්වා දී ඇත්තේ "සතුරු බලවේගයක්" විසින් එල්ල කරන ලද ආක්‍රමණයක් ලෙසිනි.
කෙසේ වෙතත්, ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වය කවුරුන්දැයි ඉරානය නිල වශයෙන් නම් කර නොමැති වුව ද, මෙය එක්සත් ජනපද හමුදා මෙහෙයුමක් බවත්, ප්‍රහාරයට ලක්වූ කලාපය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මධ්‍යස්ථානයක් බවත් ජාත්‍යන්තර වාර්තා අනාවරණය කරයි.
මෙම ගුවන් ප්‍රහාරය අදියර දෙකකින් එල්ල වූ බවට වාර්තා පළ වන නමුත්, ඒ පිළිබඳව මෙතෙක් ස්වාධීන තහවුරු කිරීමක් සිදුව නොමැත.
එමෙන්ම ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානිය පිළිබඳ නිශ්චිත තොරතුරු ද මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලෝකයේ බොරතෙල් සහ බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම සමුද්‍රීය මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිරීක් වරාය පිහිටා තිබීම හේතුවෙන්, මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂාව මෙන්ම ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළ කෙරෙහි ද දැඩි අවදානමක් සහ බලපෑමක් එල්ල විය හැකි බවට ආර්ථික හා යුද විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
Major Airstrike Hits Iranian Port Amid Ongoing U.S.-Iran Tensions
In a significant escalation of military tensions between the United States and Iran, foreign media reports indicate that the Iranian port city of Sirik, strategically located near the vital Strait of Hormuz, has been struck by powerful airstrikes.
Iranian state media confirmed the attack, characterizing it as an assault launched by "hostile forces." The incident took place in the southern region of Iran, specifically the Hormozgan Province, underscoring the escalating conflict.
Although Iranian officials did not explicitly name the attacking party, international reports suggest that the airstrike is believed to have been part of a U.S. military operation, targeting an area known to be a base for Iran's Revolutionary Guard.
Reports indicate that the airstrike occurred in two phases, though these claims have not yet been independently verified.
No specific information about casualties or property damage from the airstrike has been disclosed as of yet, according to foreign sources.
The proximity of the Sirik port to the Strait of Hormuz, a crucial maritime chokepoint for global oil and energy supplies, raises alarms among economic and military analysts. They warn that this attack could jeopardize regional security and significantly impact the international energy market.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
