2035 වන තෙක් ශ‍්‍රී ලංකාවට ICC තරගාවලි සත්කාරකත්ව නොදේ... දේශපාලන මැදිහත්වීම පිලි නොගනී..


 වසර 2035 දක්වා පැවැත්වීමට නියමිත ලෝක මට්ටමේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් තරගාවලි 12ක් සඳහා සත්කාරක රටවල් තෝරාගැනීමේදී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන ඇත. 

ඒ අනුව, 2028 විස්සයි-20 ලෝක කුසලානයේ සිට 2035 එක්දින ලෝක කුසලානය දක්වා වූ කිසිදු ජාත්‍යන්තර තරගාවලියක සත්කාරකත්වය හෝ සම-සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි නොවේ.

ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ වාර්ෂික මහා මණ්ඩල රැස්වීමේදී මෙම තරගාවලි පැවැත්වෙන කාලසීමාවන් සහ සත්කාරක රටවල් ප්‍රකාශයට පත් කර තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඡන්දයෙන් තේරී පත් වූ ස්ථිර පරිපාලනයක් නොමැතිකම හේතුවෙන් එම තීරණාත්මක මණ්ඩල රැස්වීමට සහභාගී වීමේ අවස්ථාවද ශ්‍රී ලංකා නියෝජිතයන්ට අහිමිව ගොස් තිබිණි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීම සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් අතුරු (පරිවර්තන) කමිටු පත් කරමින් රජය සෘජුව මැදිහත්වීම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස ශ්‍රී ලංකාව කොන් කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත. සාමාජික ක්‍රිකට් මණ්ඩලවලට එල්ල වන දේශපාලන බලපෑම් තරයේ ප්‍රතික්ෂේප කරන ICC ප්‍රතිපත්තිය හමුවේ මෙම තත්ත්වය උද්ගතව තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද මෙන්ම බංග්ලාදේශය සමඟ පවතින මතභේදාත්මක වාතාවරණය හේතුවෙන්, ආසියානු කලාපයේ තරගාවලි පැවැත්වීමේදී මීට පෙර ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රමුඛතාවක් සහ අවස්ථාවක් හිමි විය. 

කොළඹ, මහනුවර, සූරියවැව සහ දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පද්ධතියේ පහසුකම් පැවතියද, පවතින පරිපාලන අර්බුදය හේතුවෙන් ඉදිරි තරගාවලි රැසක් අසල්වැසි රටවලට හිමිව ඇත.

  • 2029 ශූරයන්ගේ කුසලානය (Champions Trophy): ඉන්දියාවට
  • 2031 එක්දින ලෝක කුසලානය: ඉන්දියාව සහ බංග්ලාදේශයට (සම-සත්කාරකත්වය)
  • 2028 ඔලිම්පික් ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලි (පිරිමි/කාන්තා): බංග්ලාදේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදයට

මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ජාත්‍යන්තර තරග සියැසින් දැකගැනීමේ අවස්ථාව අහිමි වනවාට අමතරව, මෙරට ආර්ථිකයට ඩොලර් මිලියන ගණනින් ලැබීමට තිබූ ආදායම් ද අහිමි වී යයි.

වසර 2027 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලිය පසුගිය අප්‍රේල් 30 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පරිවර්තන කමිටුවක් පත්කිරීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාවට ලබාදීමට ICCය තීරණය කළේය. එමගින් මෙරටට අහිමි වූ ඇස්තමේන්තුගත පාඩුව ඩොලර් මිලියන 20කි (රුපියල් බිලියන 6.65ක් පමණ). මීට අමතරව ICC සත්කාරක ගාස්තුව ලෙස හිමිවීමට තිබූ ඩොලර් මිලියන 2ක මුදලද අහිමි විය.

මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පාලන සමයේදී අතුරු කමිටුවක් පත්කිරීම හේතුවෙන් 2024 වසර මුලදී මෙරට පැවැත්වීමට තිබූ ‘වයස 19න් පහළ ලෝක කුසලානය’ ද ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට ලබා දුන්නේය. එහිදී තරු පහේ හෝටල් කාමර 16,000ක ආදායම ඇතුළු සත්කාරක ගාස්තු රටට අහිමි විය.





ICC Excludes Sri Lanka from Hosting Major Cricket Tournaments Until 2035

The International Cricket Council (ICC) has taken a significant step to exclude Sri Lanka from hosting any major international cricket tournaments scheduled between now and 2035. This alarming announcement means that Sri Lanka will not be granted hosting rights for key events, starting from the 2028 T20 World Cup through to the 2035 ODI World Cup.

During the ICC’s annual general meeting held in Bali, Indonesia, the timeline and host countries for future tournaments were unveiled. The absence of a stable governance structure within Sri Lanka Cricket has contributed to the nation's representatives missing the opportunity to participate in this crucial decision-making meeting.

The Sri Lankan government's direct intervention by appointing an interim (transitional) committee to manage cricket affairs has been identified as a primary reason behind this adverse ICC ruling. The ICC’s policy, which rejects political interference within member cricket boards, has led to the current predicament, especially in light of ongoing political tensions impacting other Asian cricket nations such as India and Pakistan.

Previously, Sri Lanka was favored for hosting events due to its strategic location and facilities, including international stadiums in Colombo, Kandy, Suriyawawa, and Dambulla. However, the prevailing administrative crisis has resulted in several upcoming tournaments being awarded to neighboring countries.

  • 2029 Champions Trophy: Awarded to India.
  • 2031 ODI World Cup: Co-hosted by India and Bangladesh.
  • 2028 Olympic Cricket Qualifiers (Men/Women): Hosted by Bangladesh and the United States.

This exclusion not only deprives Sri Lankan fans of witnessing international matches but also signifies a potential loss of millions of dollars in revenue that would have benefited the local economy.

In a separate recent decision, the ICC transferred the ‘Champions Trophy’, initially set for Sri Lanka in 2027, to India on April 30, following the appointment of a transitional committee by the Minister of Sports. This shift is projected to result in an estimated financial loss of around $20 million (approximately 6.65 billion LKR) for Sri Lanka, in addition to losing the $2 million hosting fee from the ICC.

Similarly, the former Minister of Sports, Roshan Ranasinghe, faced consequences due to appointing an interim committee during his tenure, resulting in South Africa being awarded the 'Under-19 World Cup', previously scheduled for Sri Lanka in early 2024. This shift cost Sri Lanka significant revenue, including income from 16,000 hotel rooms for tournament participants.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. පොලිසියයි, අධිකරණයයි, CID එකයි, ක්‍රිකටුයි හැම දේම දේශපාලනීකරණය කරන්නේ ඒකාධිපති බලයක් ගන්න නෙමේ ද? හැබැයි දැන් නම්, පැලවත්ත විතරක් නෙමේ මුළු ලංකාවම නාගන්නවා මෙහෙම ගියොත්.

    ReplyDelete
  2. Hahahaha. Apey 'Born Again' viruddavaadinta dan shapada? Shammi Silva elevva kiyala ratata aadayama vadi velaada? Enne ennama kela venava. Shammi silvala horakam kalath oya ahimi vuna gaana tharam horakam kalada? Gon pakayo tikak nisa apita dan international cricket match balannath na. Dollar aadayamuth na.

    ReplyDelete
Previous Post Next Post