ලෝක ‘List A’ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය සහ වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කරමින් සමස්ත ක්‍රිකට් ලෝකයම මවිත කිරීමට ඉන්දියාවේ 15 හැවිරිදි යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශි මත්ව තිබේ.
දෝහා නුවර පැවැත්වෙන ‘Asia Cup Rising Stars’ තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඉන්දියානු ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ සූර්යවංශි, පන්දු 53කදී නොදැවී ලකුණු 204ක් රැස්කරමින් මෙම විශ්මිත ඉනිම ක්‍රීඩා කළේය.
ඔහු සිය ශතකය වාර්තා කළේ පන්දු 28කින් පමණක් වන අතර, මීට පෙර ඔස්ට්‍රේලියාවේ ජේක් ෆ්රේසර්-මැක්ගර්ක් පන්දු 29කින් තබා තිබූ ලෝක වාර්තාව එක් පන්දුවකින් බිඳ දැමීමට ඔහුට හැකි විය.
අනතුරුව ඊළඟ ලකුණු 100 සඳහා වැය කළේ පන්දු 24ක් පමණි. ඒ අනුව පන්දු 52කදී සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළ සූර්යවංශි, මීට පෙර චැඩ් බෝව්ස් පන්දු 103කින් තබා තිබූ ලෝක වාර්තාව අඩකටත් වඩා අඩු පන්දු සංඛ්‍යාවකින් සුණුබිසුණු කර දැමීය.
මෙම ඉනිමත් සමඟ ලෝක List-A’ ක්‍රිකට් පිටියේ ප්‍රධානතම සන්ධිස්ථාන වාර්තා 4ක් එකවර තමන් සතු කර ගැනීමට මේ යොවුන් ක්‍රීඩකයා සමත්ව සිටියි.
- වේගවත්ම අර්ධ ශතකය (50): පන්දු 11යි (මෙම වසර මුලදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව)
- වේගවත්ම ශතකය (100): පන්දු 28යි (මෙම තරගයේදී)
- වේගවත්ම ලකුණු 150: පන්දු 40යි (බිහාර් කණ්ඩායම වෙනුවෙන් පන්දු 59කින් තබා තිබූ සිය පැරණි වාර්තාව බිඳ හෙළමින්)
- වේගවත්ම ද්විත්ව ශතකය (200): පන්දු 52යි (මෙම තරගයේදී)
මෙය සූර්යවංශි සිය List A ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කළ 16 වන ඉනිම වන අතර, ඔහු වාර්තා කළ දෙවන ශතකය ද වේ.
15-Year-Old Indian Prodigy Sets Multiple Records in List A Cricket
In a breathtaking display of talent, 15-year-old Vaibhav Suryaweanshi has mesmerized the cricketing world by achieving the fastest century and the quickest double century in the history of List A cricket. His remarkable performance took place during the Asia Cup Rising Stars tournament in Doha, where he represented India ‘A’ against the United Arab Emirates.
Suryaweanshi showcased his skill by scoring an astonishing 204 runs from only 53 balls, remaining unbeaten throughout his innings. He reached his century in just 28 balls, breaking the previous world record held by Australia’s Jake Fraser-McGurk, which was set at 29 balls.
After notching his first hundred, he continued his assault, requiring only 24 more balls to complete his double century. This effort saw him surpass Chad Bowes’ previous record of 103 balls for the milestone, setting a new standard with an impressive 52-ball double century.
This innings has solidified Suryaweanshi's place in cricket history, as he now holds four significant records in List A cricket, including:
- Fastest half-century (50 runs): 11 balls (against Sri Lanka ‘A’ earlier this year)
- Fastest century (100 runs): 28 balls (in this match)
- Fastest 150 runs: 40 balls (breaking his own previous record of 59 balls while playing for Bihar)
- Fastest double century (200 runs): 52 balls (in this match)
This remarkable achievement marks Suryaweanshi's 16th innings in List A cricket and stands as his second recorded century in this format.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
