මහ බැංකු අධිපති පෙන්වා ජාවාරම්..


 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ අනන්‍යතාව, රුව සහ හඬ කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය ඔස්සේ ව්‍යාජ ලෙස උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන මූල්‍ය ආයෝජන දැන්වීම් හා වීඩියෝ පට පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

විශේෂයෙන්ම ෆේස්බුක් ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මහ බැංකු අධිපතිවරයා පෙනී සිටින ආකාරයෙන් නිර්මාණය කරන ලද මෙවැනි වංචනික ප්‍රචාරක දැන්වීම් සහ වීඩියෝ දර්ශන සංසරණය වන බව සිය නිරීක්ෂණයට ලක්ව ඇති බව මහ බැංකුව පවසයි.

එම වීඩියෝ පට හරහා විවිධ මූල්‍ය උපදෙස්, ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ආයෝජන අවස්ථා හෝ විවිධ මූල්‍යමය ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජනතාව මුළා කිරීමට උත්සාහ දරන බැවින්, කිසිදු හේතුවක් මත එවැනි ප්‍රකාශ හෝ දැන්වීම් විශ්වාස කර කටයුතු නොකරන ලෙසත්, එවැනි වංචාවලට හසු වී සිය මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙසත් මහ බැංකුව ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

තවදුරටත් අදහස් දක්වන මහ බැංකුව අවධාරණය කරන්නේ, මෙවැනි නොමඟ යවන සුළු ව්‍යාජ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සංසරණය කිරීමෙන් (Share කිරීමෙන්) වැළකී සිටින ලෙසයි. එසේම ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ ඕනෑම නිල තොරතුරක් හෝ මූල්‍යමය උපදෙසක් වෙතොත් ඒවා මහ බැංකුවේ නිල සන්නිවේදන මාධ්‍ය ජාල සහ වෙබ් අඩවිය ඔස්සේ පමණක් තහවුරු කරගන්නා ලෙසත්, "විශ්වාස කිරීමට පෙර තහවුරු කරගන්න"  සිහියේ තබා ගන්නා ලෙසත් මහජනතාවට දැනුම් දෙයි.





Central Bank Warns Public of AI-Generated Investment Scams

The Central Bank of Sri Lanka has issued a warning to the public regarding the potential misuse of artificial intelligence technology to create fake financial investment advertisements and videos that are proliferating on social media. This alert comes in light of concerns about the authenticity of content featuring Governor Dr. Nandalal Weerasinghe.

Specifically, the bank has noted an uptick in deceptive promotional materials that have been designed to portray the Governor. Such manipulated content has been identified on major social media platforms, including Facebook, raising alarm about its potential to mislead viewers.

In these videos, individuals are often presented with various financial tips and enticing investment opportunities promising high returns, aiming to lure the public into investing. The Central Bank strongly advises the community against trusting or acting upon such claims and warns against the risks of falling prey to these scams.

The bank further emphasizes that the public should refrain from sharing these misleading videos on social media. For any official information or financial advice related to the Central Bank, individuals are encouraged to reference the bank's official communication channels and website. The message “Verify before you trust” was underscored as a crucial reminder for the public.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post