දීර්ඝ කාලයක් මුළුල්ලේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේදී උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත් හතර සඳහා මූලික අදියර යටතේ පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේදී පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බවයි.
ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා ප්‍රසාදය දිනූ, සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා ජාතික ජන බලවේගය මේ වන විටත් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එහිදී කිසිදු දූෂණ හෝ වංචා චෝදනාවක් නොමැති, විපක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
එම සුදුසුකම් සහිත හිටපු මන්ත්‍රීවරුන් සමඟ මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.
පිරිසිදු දේශපාලන පසුබිමක් සහිත විපක්ෂ නියෝජිතයන්ට ජාතික ජන බලවේගය යටතේ නාමයෝජනා ලබාදීමට මෙහිදී ඉඩකඩ ඇති බවත් පුවත් වාර්තාවේ සදහන්ය.
මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදීද කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබිණි.
උතුරු සහ නැගෙනහිර ඇතුළු පළාත්වල බලය විමධ්‍යගත කිරීම තහවුරු කෙරෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සහ ප්රජාතන්ත්රවාදී ව්‍යුහය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව දීර්ඝ කාලයක සිට දක්වන උනන්දුව මෙම ඉල්ලීමට පාදක වී තිබේ.
2017 වසරේදී සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ පනත සහ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම හේතුවෙන් පසුගිය වසර ගණනාව පුරා මෙරට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි විය. අවසන් වරට පැවති පළාත් සභාවන්හි නිල කාලය 2018 සහ 2019 වසරවලදී අවසන් වීමෙන් පසු, වසර හතකට වැඩි කාලයක් මුළුල්ලේ දිවයිනේ සියලුම පළාත් සභා මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවත්වාගෙන යනු ලබයි.
පවතින නීතිමය ගැටලුව නිරාකරණය කරගනිමින්, පැරණි සමානුපාතික ක්‍රමයට හෝ නව ක්‍රමවේදයකට අනුකූලව මෙම පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන බවට නව රජය ජනතාවට සහතික වී තිබූ අතර, ඒ අනුව පළමු අදියර ලෙස පළාත් හතරක මැතිවරණය ලබන ජූලියේ පැවැත්වීමට රජය සූදානම් වෙමින් සිටී.
Local Government Elections Set for July in Four Provinces
After a prolonged delay, the government is gearing up to conduct local government elections in the Northern, Eastern, Central, and Sabaragamuwa Provinces in July next year. This development has been reported by the weekend edition of the Lanka Deepa newspaper.
During a meeting held by the Election Commission, Dr. Nihal Abeysinghe, the Secretary-General of the National People's Power and a Member of Parliament, emphasized that the provincial council elections must take place in the upcoming year.
With an eye on the forthcoming elections, the National People's Power has already initiated special operations to select suitable candidates who resonate with the public. Political sources indicate that the government is particularly focused on former members of parliament representing the opposition, ensuring that allegations of corruption or misconduct do not arise.
Discussions have reportedly been held with several qualified former parliamentarians, and there are opportunities for representatives with clean political backgrounds to submit nominations under the National People's Power banner.
Indian Foreign Minister Dr. S. Jaishankar, during his official visit, urged President Anura Kumara Dissanayake to expedite the long-overdue local government elections.
The urgency in holding these elections is tied to the 13th constitutional amendment, which aims to ensure power devolution in the Northern and Eastern Provinces. India has shown consistent interest in fully implementing this amendment and reinstating the democratic structure.
The Provincial Councils Election Act, passed in 2017, faced defeat in parliament along with the report on demarcating electoral boundaries, leading to a hiatus in local government elections for several years. Since the official tenure of the last provincial councils concluded in 2018 and 2019, the country has been under the administration of governors, devoid of elected representatives for over seven years.
The new government has assured the public that it will address existing legal challenges and conduct these local government elections promptly, either in accordance with existing proportional systems or through new mechanisms. Preparations are underway for the elections in four provinces as the first phase, slated for July.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පිරිසිදු ගෙම්බෝ හොයන්නේ
ReplyDelete