විශාලම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව බිංගිරියේ..


 බිංගිරිය ආයෝජන කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින මෙරට විශාලතම බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන Synergy Pharmaceuticals Corporation Private Limited කර්මාන්ත ශාලාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ නීරීක්ෂණයට පසුගියදා ලක් විය.

කර්මාන්ත ශාලාවේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු සහ එහි පර්යේෂණාගාර පද්ධතියේ ප්‍රගතිය මෙන්ම නවීන යන්ත්‍රෝපකරණ සවි කිරීම් සහ එහි ඇති අතිනවීන පර්යේෂණ හා සංවර්ධන රසායනාගාරයේ (R&D Laboratory) වත්මන් ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සෘජු නිරීක්ෂණයට මෙහිදී ලක් විය.

මෙම කර්මාන්ත ශාලාව මඟින් Oral Solid Dosage (OSD) හෙවත් පෙති සහ කරල් වර්ග, එන්නත් (Injectables), පිළිකා නාශක ඖෂධ (Oncology) සහ හෝමෝන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය බටහිර ඖෂධ වර්ග රැසක් ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කිරීමට නියමිතය.

මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව හරහා  ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් 25%ක් දක්වා සැපයීම සහ විදේශීය වෙළෙඳපොළට ඖෂධ අපනයනය කිරීම මූලික ඉලක්කයකි.

මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කඩිනමින් අවසන් කර වාණිජ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය සහයෝගය සහ පරිපාලනමය පහසුකම් අඛණ්ඩව සපයන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර, කර්මාන්ත ශාලාවේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවක් ද  පැවැත්විණි.

මෙම අවස්ථාවට Synergy Pharmaceuticals ආයතනයේ කළමනාකාරිත්වය, ඇතූළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.





Health Ministry Official Inspects Construction of Sri Lanka's Largest Pharmaceutical Facility

The Synergy Pharmaceuticals Corporation Private Limited plant, currently under construction in the Bingiriya investment zone, was recently scrutinized by the country's Deputy Minister of Health, Dr. Hansaka Wijemuni.

During his visit, Dr. Wijemuni was able to observe the final stages of the construction efforts, as well as assess the advancements in the facility's research laboratory systems. He took particular note of the installation of cutting-edge equipment and the current progress within the state-of-the-art research and development (R&D) laboratories.

This facility is set to produce a range of essential Western medicines, including oral solid dosage forms such as tablets and capsules, injectables, oncology drugs, and hormonal medications, all designed to meet high standards of quality.

One of the primary goals for the pharmaceutical plant is to meet up to 25% of Sri Lanka's medication needs and to facilitate the export of pharmaceuticals to international markets.

Dr. Wijemuni assured that all necessary government support and administrative assistance will be continuously provided to expedite the project's completion and commence commercial production. He also engaged in special discussions regarding future plans for the facility.

The occasion was attended by the management team of Synergy Pharmaceuticals and several other officials.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

Previous Post Next Post