දොස්තරලා අඛන්ඩ විරෝධතා අරඹති...


වෛද්‍යවරුන් මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදයන්ට සහ අසාධාරණයන්ට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් 23 සිට අදියර කිහිපයකින් යුත් වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි මූලික පියවරක් ලෙස අද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැය දෙකක කාලයක් දිවයින පුරා සියලු රෝහල් ආවරණය වන පරිදි රෝහල් ශාඛා සමිති රැස්වීම් පැවැත්වීමට නියමිත අතර, එම කාලසීමාව තුළ රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇතැයි එම සංගමය නිවේදනය කරයි.

වත්මන් අයවැය යෝජනා පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට ප්‍රථමයෙන් පහත සඳහන් මූලික ඉල්ලීම් 5 ඉටුකිරීමට රජය පියවර ගත යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

2018 අනුමත DAT දීමනාව සම්පූර්ණයෙන්ම ලබාදීම: 2018 දී අනුමත කර දැනට කොටසක් පමණක් ගෙවනු ලබන සම්පූර්ණ DAT (Disturbance, Availability and Transport) දීමනාව වහා ලබාදීම.

දීමනා බදුවලින් නිදහස් කිරීම: රාජකාරි වියදම් ආවරණය සඳහා ලබාදෙන DAT දීමනාව සහ අමතර රාජකාරී/නිවාඩු දින දීමනා උපයන විට බද්දෙන් (APIT) නිදහස් කිරීම.

කප්පාදු කළ දීමනා යළි ලබාදීම: ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර දෙකක කාලය පුරා අත්හිටුවා ඇති වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනාවලින් 1/3ක ප්‍රමාණය ආර්ථිකය ස්ථාවර වූ පසු නැවත ලබාදෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටුකිරීම.

22/99 චක්‍රලේඛයට ඇතුළත් කිරීම: සුදුසුකම් සපුරා ඇති විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 22/99 ප්‍රවාහන පහසුකම් සැපයීමේ රාජ්‍ය චක්‍රලේඛය වෙත අන්තර්ග්‍රහණය කිරීම.

තීරුබදු සහන වාහන බලපත්‍ර යළි ලබාදීම: වසර 6කට ආසන්න කාලයක් තිස්සේ අත්හිටුවා ඇති තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රමවේදය වෛද්‍යවරුන් වෙනුවෙන් රජයට කිසිදු අමතර බරක් නොවන සේ යළි ක්‍රියාත්මක කිරීම.

මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය මාස හතරක කාලය තුළ ජනාධිපතිවරයා වෙත සිව් වතාවක් ද, අග්‍රාමාත්‍යවරිය වෙත දෙවතාවක් ද, සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත තෙවතාවක් ද ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කළ ද මේ දක්වා ඒ සඳහා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සංගමයේ ලේකම් වෛද්‍ය යු.කේ.බී. වරකාගොඩ මහතා පෙන්වා දෙයි. 

ඉදිරි සතිය තුළ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආගමික නායකයින් සහ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන අතර, රජය මීට සාධාරණ විසඳුමක් ලබා නොදෙන්නේ නම් දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව ද සංගමය අනතුරු අඟවයි.





Medical Professionals in Sri Lanka Launch Protest for Prompt Government Action

A coalition of government medical officers in Sri Lanka has initiated a series of professional actions, calling for immediate solutions to the severe economic crises and injustices faced by healthcare professionals. This movement is set to unfold in stages, beginning with a significant assembly today.

As part of their initial action, hospital branch associations are scheduled to convene nationwide from 12:00 PM to 2:00 PM, during which time only emergency treatment services will be operational. The collective stresses the necessity of this temporary pause as they demand attention to their grievances.

The association has highlighted five primary demands that they assert the government must address before approving the current budget proposals in Parliament.

Among these demands is the full disbursement of the 2018-sanctioned Disturbance, Availability, and Transport (DAT) allowances, as only a portion of these funds have been distributed so far.

Additionally, they are advocating for the exemption of their expenses allowances from taxes, which currently affect the DAT allowances and any extra duty or leave incentives earned.

The reinstatement of allowances that were cut during the past two years of economic turmoil is also vital. They emphasize the need to fulfill a promise made by the President, which involves restoring one-third of these allowances after economic stabilization.

They are requesting that qualified specialists be integrated into the 22/99 government circular, which pertains to transportation benefits for medical professionals.

Moreover, the reactivation of import permits for vehicles with duty concessions, which have been suspended for approximately six years, is a crucial point of discussion. They argue this can be reinstated without imposing additional burdens on the government.

Despite having submitted formal requests to the President four times, to the Prime Minister twice, and to the Minister of Health three times over the past four months regarding these issues, the association's secretary, Dr. U.K.B. Varakagoda, noted that they have yet to receive any meaningful response.

In the upcoming week, the coalition plans to raise awareness among parliamentarians, religious leaders, and the public about their plight. They are prepared to escalate their protests if the government fails to offer a fair resolution, warning that more severe actions may be on the horizon.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post