AI තාක්ෂණය අවභාවිත කරමින් කොළඹ නගරය ආශ්‍රිතව ව්‍යාජ ගංවතුර තත්ත්වයන් මවාපාන වීඩියෝ නිර්මාණය කර සමාජගත කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවිය ප්‍රකාශ කළාය.
කොළඹ මහ නගර සභාවේ සභාවාරය අමතමින් නගරාධිපතිනිය මේ බව අවධාරණය කළාය.
පසුගිය නොවැම්බර් 06 වැනිදා කොළඹ නගරයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යටවීම සම්බන්ධයෙන් පැවති මෙම සභාවාරයේදී පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් අතර දැඩි සංවාදයක් ඇති විය.
එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය සඳහන් කළේ, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැමුන් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන නොමඟ යවන සුළු වීඩියෝ පට නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.
විශේෂයෙන්ම One Galle Face පරිශ්‍රය ජලයෙන් යටවී ඇති ආකාරය පෙන්වන අසත්‍ය වීඩියෝවක් මෙන්ම, තමන් වැවක බැස නාන අයුරු නිරූපණය වන පරිදි සකස් කරන ලද අතිශය විකෘති සහගත AI වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
මෙවැනි ද්වේෂසහගත ක්‍රියාවන්හි නිරත වූවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පැවසූ ඇය, ස්වභාවික ආපදා සහ වර්ෂාව පටු දේශපාලන රැළි නිර්මාණය කරගැනීම උදෙසා අවභාවිත නොකරන ලෙස ද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියාය.
Colombo Mayor Vows Legal Action Against Misuse of AI Technology to Create Fake Flood Videos
Colombo's Mayor, Dr. Virai Kalibalthasar, has announced plans to initiate legal action against individuals who have exploited artificial intelligence to fabricate videos depicting false flood conditions related to the city. This statement came during a recent council meeting addressing the impact of heavy rainfall on November 6, which left several low-lying areas submerged.
During the session, the Mayor emphasized the alarming trend of misleading videos circulating on social media that misrepresent the situation and could incite panic among the public. Notably, one such deceptive video illustrated the One Galle Face area being inundated, while another featured an AI-generated clip portraying individuals bathing in a reservoir in a distorted manner.
The council session witnessed intense discussions between ruling and opposition urban council members regarding the challenges posed by the recent downpours. The Mayor took the opportunity to stress that some individuals are taking advantage of the natural disaster to disseminate fabricated content, potentially undermining public trust and safety.
Reinforcing her commitment to take strong legal measures against these malicious actions, she urged all parties to refrain from using natural disasters and rainfall events as a backdrop for political agendas.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඕක නෙමෙයි තමන්ගේ අසමත්කම හින්දා දේපල විනාශ වෙච්ච මිනිස්සු උඹට විරුද්ධව නඩු දාපු දවසට තමයි උබට රෙවෙන්නේ.මහලොකු මෙනවිය පිත්තමේයි පුකේ හිලෙයි කරගැටත් ඇති.
ReplyDeleteඑහෙනම් තමුන්ටම තමයි මුලින්ම දාගන්ට වෙන්නේ. නැද්ද හා?
ReplyDelete